Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    38351_420312352161_545562161_4598575_7388182_n.jpg
     
    • Like
    Reactions: sunflowers

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Sri Lanka Army Commando Regiment - යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව

    මම හිතන්නෙ කමාන්ඩෝස් ලා ගැන ලංකාවෙ කාටවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. එළකිරි එකෙත් කමාන්ඩෝ රෙජිමේන්තුව ගැන ගොඩක් ත්‍රෙඩ්ස් වැටිල තියනව. migaramk විසින් කලින් දාපු ත්‍රෙඩ් එකෙන් උපුටා ගත් තොරතුරු තමයි මේ පෝස්ට් එකේ තියෙන්නෙ.:P

    SLCR.png

    නොහැක්කක් නොමැත
    nothing is impossible




    20090204132119ENLUS0162394212337536.jpg


    කමාන්ඩෝ නම් විශේෂ හමුදා ඒකකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට මූලිකත්වය ගෙන ඇත්තේ ලුතිනන් කර්නල් සුනිල් පීරිස්ය. ගුවන්තොටුපල හා විශේෂ හමුදා ඒකකයක් ලෙස මෙය 1978 පෙබරවාරි 9, නිලධාරීන් 6ක් හා සෙසු නිලයන් 24ක් සහිතව පළමු කමාන්ඩෝ පාඨමාලාව ඇල්ල හමුදා කඳවුරේදී ආරම්භවිය.

    2ffc7b24-59f0-4502-ae9b-e9c421385efa.hmedium.jpg


    ►1980 මාර්තු 15, මේජර් සුනිල් පීරිස්ගේ අණදීම යටතේ ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ බලගණය දියතලාව ඇල්ල කඳවුරේ ආරම්භවිය.
    ►1980 දෙසැම්බර් 4, ගනේමුල්ල කඳවුරට ගෙන එන්නේ කොළඹ නගරයට ආසන්න බව නිසාවෙනි.
    ►1980 මාර්තු 01, 2වන කමාන්ඩෝ රෙජමේන්තුව බිහිවූ අතර දැන් 3,4 ආදී ලෙස රෙජමේන්තු පවතී.

    71661183.jpg


    ප්‍රධාන කාර්යය භාරයන්....

    ►පළමු හා දෙවන කමාන්ඩෝ රෙජමේන්තුව ප්‍රධානව ක්‍රියාන්විත රාජකාරී සඳහා මූලිකත්වය ගනී.

    ►රහසිගත දිගුදුර මෙහෙයුම් සඳහා තුන්වන කමාන්ඩෝ රෙජමේන්තුව ක්‍රියාකරයි.

    ►හතරවන කමාන්ඩෝ රෙජමේන්තුව ප්‍රභූ ආරක්ෂාව, ප්‍රතිපැහරගැනීම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීම වැනි විශේෂ කාර්යයන් වල නිරතවේ.


    මෙරුන් හිස්වැස්ම....


    do2ixi.jpg


    ලොව අතිවිශේෂ හමුදා සොල්දාදුවන්ට පමණක් පැලඳිය හැකි මෙය, අපගේ කමාන්ඩෝ රෙජමේන්තුවද භාවිතා කරයි. මෙය පැලඳීමට කිලෝමීටරයක් තුළ අතිදුෂ්කර බාධක 29ක් කාලපරාසයකදී තරණය කර ඉහළ ලකුණු ලබාගත යුතුය.


    ශාරීරික යෝග්‍යතාවය....

    මසකට වරක් කමාන්ඩෝ ශිෂ්‍යයකුට, සෙබළෙකුට ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වේ. කමාන්ඩෝ ශිෂ්‍යයකු මෙයින් අසමත් නම් පාඨමාලාවෙන් ඉවත්කෙරේ.
    සෙබළෙකුද 80% ලකුණු ලබාගත යුතුය.


    jg5rfl.jpg



    අවිරහිත සටන්....

    තමාගේ අවියේ උණ්ඩ අවසන් වූ විට විවිධ ක්‍රම භාවිතය මෙහිදී පුහුණු කරයි. නිල වලට පහර එල්ලකිරීම මූලිකවේ. ශරීරයේ හැම නිලයක්ම, අනු නිලයක්ම, මාරක නිල, අඩපණ කරන නිල මෙහිදී ඉගැන්වේ.
    ටයිකොන්ඩෝ හා කරාටේ පුහුණුවද ලබාදේ.


    සටන් ක්‍රමය....

    ►ඒකකයක් සෙබලුන් 20ක් සමන්විතවේ. එම 20දෙනා 4-8 දක්වාවූ පහරදීමේ කුඩා කණ්ඩායම් වලට කැඩේ.(small assault units)
    එක් කුඩා කණ්ඩායමක් අංශක 360ක් ආවරණය වන ලෙස ගමන්කරයි.(lane firing)
    වෙඩිතැබීම කරන අවස්ථාවේ කණ්ඩායමේ අඩක් වෙඩිතැබීම ආවරණය කරන(covering fire) අතර අනෙක් කොටස ඉදිරියටයයි.

    ►නගරබද සටන් සඳහාද විශේෂ පුහුණුවක් කමාන්ඩෝ රෙජමේන්තුවට ලබාදේ. මෙය සමත්වීම අත්‍යාවශය වේ.(urban assault)

    ►කමාන්ඩෝ රෙජමේන්තුවේ සෙබලුන්ගෙන් 40% පැරෂුට් පුහුණුවද ලබාඇත.(airborne qualified)

    ►කමාන්ඩෝ 5වන රෙජමේන්තුව ලෙස නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනය නිලනොවන මට්ටමින් ක්‍රියාකරයි.


    ප්‍රතිපැහරගැනීම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීම....

    අතිවිශේෂම කමාන්ඩෝ සෙබලුන් මොවුන්ය. විශේෂ කමාන්ඩෝ සෙබලුන්ට මාස 5ක් පමණ පුහුණුවකින් පසු සුපිරි කමාන්ඩෝ සෙබලුන් බිහිකරයි. ක්ෂණිකව අවි හැසිරවීම, එල්ලය ගැනීම, විශේෂ අවි හැසිරවීම, විශේෂ හමුදා ක්‍රියාන්විත ක්‍රම, 100% නිවැරදිබව (special weapons and tactics) ඔවුන් සතුවේ. පූර්ණ කළු වර්ණ ඇඳුමකින් මොවුන් සැරසේ.
    SWAT.jpg



    n7196905921510648708.jpg

    n14850132461551706177.jpg



    මෑත කාලයේ මෙහෙයුම් වලින් 2007 ජූලි මාසයේ 3වන කමාන්ඩෝ රෙජමේන්තුව ත්‍රස්තවාදීන්ගේ තෝරා බෝරා කඳවුර අල්ලා ගැනීමේදී සෙබලුන් 20ක් ත්‍රස්තවාදීන් 200ක් පරාජය කර ජය ලැබීය.

    source:
    ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ බළකාය(Sri Lanka Army Commando Regiment) by migaramk
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය - Special Task Force(STF - Sri Lanka Police)

    Crest.jpg

    ශ්‍රී ලංකා පොලීසිය සතු විශේෂ බළකා ගණයට අයත්වන ඒකකය මෙයයි. ප්‍රති ත්‍රස්ත හා කැරළි මර්ධන ඒකකයක් ලෙස 1983 වර්ෂයේ ආරම්භ කර ඇති අතර එවකට ඔවුන්ගේ මූළිකම රාජකාරිය වී ඇත්තේ කොටි තර්ජනවලට ලක්ව ඇති උතුරේ පොලිස් ස්ථාන වලට ආරක්ශාව සැපයීමයි. කුඩා ඒකකයක් ලෙස පොලීසිය තුලින්ම බඳවා ගත් සාමාජිකයන්ගෙන් ආරම්භ කර ඇති අතර යුද හමුදාව විසින් මූළික යුද පුහුණුවක් ලබා දී ඇත. පසුව බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකායේ හිටපු නිළධාරීන් කිහිපදෙනෙකු STF පුහුණු කිරීමට සහාය ලබා දී ඇත. එමෙන්ම 1984 වර්ෂයේදී ඊශ්‍රායල ෂින් බෙත් ආරක්ෂක
    ඒජන්සිය විසින් ද පුහුණුව ලබා දී ඇත.

    STF3.jpg


    1987 වන විට හොඳින් සංවිධානය වූ විශේෂ ඒකකයක් මට්ටමට පැමිණි අතර අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්ක වලින් කොටි තර්ජන ඉවත් කිරීම භාර වූයේ STF වෙතයි. එවක පටන් අවසන් ඊළාම් යුද්ධය
    දක්වා ඔවුන් එම ප්‍රදේශවල ආරක්ශාව භාරව කටයුතු කර ඇති අතර කිසිම කඳවුරක් මහා පරිමාණ කොටි ප්‍රහාරවලට මුහුණ දී නොමැත. නිරන්තර සෝදිසි මෙහෙයුම් හ ක්ශණික ප්‍රහාර තුලින් LTTE යේ එම ප්‍රදේශ තුල ක්‍රියාකාරකම් අඩු කර ඇති අතර විශේෂ කාර්ය බලකායේ හැකියාවන් අත්විඳ ඇති LTTE ය කිසි විටෙක මුහුණට මුහුණ සටන් සඳහා ඉදිරිපත් වී නොමැත.
    මුල් කාලවලදී කොටි මුහුණට මුහුණ සටන් සඳහා පැමිණ ඇති අතර එම ප්‍රහාර වලදී අත් වූ අන්ත පරාජයන් හමුවේ පසුව ඔවුන් සැඟවී සිට වරින් වර ප්‍රහාර එල්ල කර ඇත.

    ආරක්ශක අංශ විසින් අවසන් සටන් ඇරඹීමත් සමඟ වි.කා.බ නැගෙනහිර පලාත තුල "නියතයි ජය" මෙහෙයුම ආරම්භ කර ලදී. කංචිකුඩිච්චි ආරු හා තොප්පිගල දකුණු ප්‍රදේශයේ කොටි කඳවුරු 15ක් පමණ විනාශ කරමින් නැගෙනහිර පළාත ආරක්ශිත කිරීමට වි.කා.බ. සහය විය.

    hqdefault.jpg


    විශේෂ කාර්ය බළකාය සතු මූළික කාර්යයන්:


    • ප්‍රති ත්‍රස්ත හා කැරළි මර්ධන මෙහෙයුම් සිදු කිරීම.
    • බුද්ධි තොරතුරු රැස් කිරීම හා විමර්ශනය.
    • ප්‍රභූ ආරක්ශාව.
    • පාතාල මර්ධන මෙහෙයුම් සිදු කිරීම.
    • ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම්.
    • බෝම්බ නිශ්ක්‍රීය කිරීම්.

    ප්‍රභූ ආරක්ශාව සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ලෝකයම පිලිගත් ඒකකයකි. 2008 ඔලිම්පික් උළෙලේ ආරක්ශක කටයුතු සඳහා ද විශේෂඥ උපදෙස් සපයා ඇත.
    guardcc.jpg.crop_display.jpg



    මේ වනවිට පාතාල මර්ධන කටයුතු ආදිය සඳහා SWAT අංශයක් පවා පිහිටුවා ඇත.
    aol6k8.jpg



    එමෙන්ම වි.කා.බ. සතුව කාන්තා අංශයක් ද පවතී.
    _42205406_soldierafp220.jpg


    බඳවාගැනීම් පොලීසිය තුලින්ම හා බාහිරව යන දෙආකාරයටම සිදු කරයි. අවුරුදු 8ක අනිවාර්ය සේවයෙන් පසු කැමති විටෙක සාමාන්‍ය පොලිස් සේවයට මාරු විය හැක.
    logos.jpg

    සියළුම ආකාරයේ නවීන අවි ආයුධ හැසිරවීම, අවි රහිත සටන්, සන්නිවේදන කටයුතු හා විශේෂ සටන් ක්‍රම ආදිය ගැන මෙන්ම තෝරාගත් අය සඳහා පැරෂුට් පුහුණුවද ලබා දේ.

    srilanka028mq5.jpg

     
    Last edited: