Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Spetsnaz GRU

    150px-Speznas.svg.png



    රුසියානු විශේෂ බළකායන් අතර පළමු තැන මෙන්ම ලෝකයේ හොඳම විශේෂ බළකායන් 10 අතර ආරම්භයේ පටන්ම රැඳී සිටින ස්පෙට්ස්නාස් වරුන්ගේ ආරම්භය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධය සිදුවූ වකවානුවේදී ය. නමුත් පිළිගත් ඒකකයක් ලෙස 1949 පටන් ක්‍රියාකාරී වේ.

    tumblr_m0hfu6pWKY1qmrpsyo1_500.jpg


    Spetsnas යනු රුසියන් භාෂාවෙන් විශේෂ බළකා යන්න වන අතර GRU යනු විදේශයන්හි කෙරෙන හමුදා බුද්ධි මෙහෙයුම් ඒකකයකි. ඒ අනුව Spetsnaz GRU යනු විදේශයන්හි මෙහෙයුම් ඉලක්ක කරගෙනම ඇති කල ඒකකයකි.


    ස්පෙට්ස්නාස් වරුන් පිළිබඳව රුසියානු හමුදාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සංඛ්‍යාත්මකව 12000 කට ආසන්න සෙබළු සංඛ්‍යාවක් සිටින බව හෙළිවී ඇත. අනෙකුත් විශේෂ බළකායන් මෙන්ම ඔවුන්ගේ ද ප්‍රධාන කාර්ය්යන් වනුයේ දිගුදුර විමර්ශන මෙහෙයුම්, රහසිගත ගරිල්ලා ප්‍රහාර, වැදගත් ඉලක්කගත පුද්ගලයින් ඝාතනය හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම වැනි මෙහෙයුම්ය.

    5gdwl.jpg


    අවි රහිත සටන් සඳහා ඔවුන් සතුව විශේෂ හැකියාවක් පවතී. අවි රහිත සටන් සඳහා ලෝකයේම අංක 1 ස්ථානයේ සිටින්නේ ස්පෙට්ස්නාස් වරුය. පුහුණුව සඳහා පැමිණෙන සෙබළුන්ගෙන් පුහුණුව අවසන් කරන්නේ 15% ක් පමණ පිරිසකි. 1% ක් පමණ දුශ්කර පුහුණුව අතරදී මියයන බව පැවසේ.
    b0113.jpg




    පුහුණුව අවසානයේ බිහිවන ස්පෙට්ස්නාස් සෙබළු සුපිරි හැකියාවන්ගෙන් යුතු අතර ඕනෑම අවියක් හැසිරවිය හැකිය. ලෝකයේ ඕනෑම දේශගුණික තත්වයක් යටතේ සටන් කල හැකි මෙම සෙබළුන්ගේ රහසිගත භාවය ආරක්ශා කිරීම සඳහා ඔවුන් සාමාන්ය සෙබළුන් සමග මිශ්‍ර වී කඳවුරු තුල සිටිති.
    9V2Vo.jpg

    big201003021235361.jpg

    scaled.php



    වැඩි වශෙයෙන් භාවිතා කරන ආයුධ
    pb.jpg


    9[mm] noiseless pistol [PB]


    pm.jpg

    apb.jpg

    The automatic pistol Of [stechkina] [APS]


    aks.jpg

    5,45- mm Kalashnikov automatic rifle [AKS]-74


    aksu.jpg



    svd.jpg

    Sniper rifle Of [dragunova] SVD


    pkm.jpg

    7,62[mm] the machine gun of Kalashnikov modernized [PKM]


    rpo1.jpg

    [RPO]- A “bumblebee”





    ඇෆ්ගනිථාන හා චෙච්නියා යුද්ධ වලදී කැපී පෙනෙන මෙහෙයුම් කීපයක්ම සිදු කර ඇත.
    මීට අමතරව රුසියානු හිතවත් රටවල විශේෂ බළකායන් පුහුණු කිරීමට හා ආරක්ශක උපදෙස් සැපයීමට ස්පෙට්ස්නාස් උපදේශකයින් විසින් කටයුතු කරනු ලැබේ. රුසියානු ප්‍රධාන ඔත්තු සෙවය වන KGB සමග සමීප සබඳතාවක් ඇති අතර විදේශ මෙහෙයුම් වලදී එක්ව ක්‍රියා කරයි.


    russian%20special%20forces.jpg



    :P:P:P
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    හය වෙනි දිනටත් හිරු උදාවිය. තවම වෙඩි තබමින් අපි යුද පෙරමුණේ ඉදිරියට ඇදුනෙමු.

    "සර් ට වෙඩි වැදිලා" සැනෙන් අශුභ ආරංචියක් සවන් පත් සිදුරු කළේ ය.කපිතාන් විජේකෝන්ට වෙඩි වැදී තිබුණි.

    "බඩී මා ළඟින්ම වරෙන්" මම සගයාට පැවසුවෙමි. එක් වරම මගේ වම් ඇලයට වැදුණු දරුණු පහරකින් මා කැරකී බිම ඇද වැටුනෙන් කිසිත් සිතාගත නොහැකිව අන්ද මන්ද වී මෙන් බලා සිටියදී සගයා මා ළගට දිව ආවේය. ඔහු මා දෙසද මා ඔහු දෙසද බලා සිටියේය.

    "කෝප්‍රල් ඔහොම්ම ඉන්න. කලබල වෙන්න එපා" යැයි පවසනු සිහිනයෙන් මෙන් ඇසුණි. වහාම මාද පිටුපසට යැවුනි. බොහෝ දෙනෙක් තුවාල ලබා සිටියදී මාද ඒ ගණයට වැටීම ගැන දුකක් දැණුනේ අන් අය මා දමා දිගටම සටන් කරනු ඇතැයි සිතුන නිසාය.

    "අජන්ත අමාරු ද?" සුපුරුදු කටහඬක් ඇසුනි.

    අමාරුවෙන් දෑස් හැරි මා ඉදිරියේ සිටියේ දෙවන අණ දෙන නිලධාරි මේජර් ජයවි ප්‍රනාන්දු ය. ඔහුට ආචාර කරන්නට විදියක් නොමැති වීම ගැන එවෙලෙහි මා ලතැවුන නමුත් ඔහු මා හරවා, "දඟලන්න එපා" යැයි පවසා "ෆීල්ඩ් ඩ්‍රෙසින්" එකක් දමා, මා අසරනව ඔහු දෙස බලා සිටියදී, මගේ උරහිසට තට්ටුවක් දමා නැගිට යන්නට ගියේය.

    පැය බාගයක් ගත නොවී ය. මම ඉබේ පියවෙන දෑස් හැර ඉන්නට උත්සාහ කෙළෙමි.

    "කෝප්‍රල්, මාත් ආවා" හඳුනන කට හඬක් ඇසී මම හැරී බැලුවෙමි. ඒ මුහුන හැඬුම්බර ද, සිනාමුසු ද සිතාගත නොහැකි විය.

    "බඩී..." යැයි පවසමින් අසීරුවෙන් සිනාසෙන්නට තැත් කෙළෙමි. ඔහුද එසේ කරනු පියවෙන ඇසි පිහාටු අතරින් මම දුටුවෙමි.

    වහා අප අනුරාධපුර රොහලට රැගෙන ආ අතර එතැනින් කොළඹ ට මාරුකර එවුනි. එහිදී හඳුනන බොහෝ දෙනෙකු මුනගැසුණි.

    "කෝප්‍රල් කොහේ ගියත් අපේ කට්ටිය ඉන්නවා නේද?"කටකාර බඩියාට මෙතරම් තුවාල වී සිටියදීත් කට පියාගෙන සිටීමට බැරි ය.

    අපේ බොහෝ දෙනෙකු හතේ වාට්ටුවේ නතර වී සිටියෝය. ඔවුන් බලා සිටියේ යුධ බිමේ සිට කවරෙකු හෝ පැමිනෙන තෙක් ය. ඒ අන් කවරක් වත් නිසා නොව යුධ බිමේ නැවුම් තොරතුරු දැන ගැනීමේ නො ඉවසිල්ලෙනි. රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් හරි හැටි තොරතුරක් දැන ගැනීමට අපහසුය. දින අටක් පමණ අපි එහි නො ඉවසිල්ලෙන්, වේදනාවෙන්, අපහසුවෙන්(විටෙක විහිලුවක් කර සතුටින්) බලාපොරොත්තු සහගතව බලා සිටියෙමු.

    "අපි අල්ලා ගත්තා" සතුටු දායක සුභාරංචිය සියලු දෙනා සතුටින් උද්දාමයට පත් කළේය.නමුත් ආරංචිය පැවසූ සෙබලා ජයග්‍රාහී විලාසයෙන් අත් ඔසවා දකුනු ඇලයේ අලුත දැමූ මැහුම් තුනක් කඩා ගත්තේය.


    අද ආපසු හැරී බැලුවෙමි...
    දශක දෙකකට ඉහත අතීතය...
    එදා මා ඉතාමත් තරුණ වියේදී
    යුධ බිමේ ගෙවූ කටුක ජීවිතය හා ජවයෙන් එඩියෙන් යුතුව
    එකම අරමුනක් කරා පියනැග්ග අපූරුව....
    අසීරුම අවසිථා වලදී එකට එක්ව එකා මෙන්
    එකම සතුරු කැලකට එරෙහිව යුධ වදින්නට අප වාසනාවන්ත වූ හැටි...
    පුදුමයි....
    ඒ එකමුතුකම උස් පහත් කමක් නොමැතිව
    අපේ මනුස්ස කම වෙනුවෙන් කැප වූ හැටි....
    ඒ සියල්ලටම වැඩියෙන්...
    එදා සිට අද වන තෙක්
    මේ බලකාය වෙනුවෙන් මගේ සිතේ පැසවන ආදරය....

    -ලුතිනන් අජන්ත රාජපක්ෂ


    උපුටා ගැනීම- කිසි විටෙකත් සතුරාට යටත් නොවෙන මා කෘතියෙන්
    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා
    ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය