මම ප්‍රායෝගිකවම ආගම දහමට බර එකෙක් තමයි බං. මම සතෙක් මරන්නේ නෑ, මස් මාලු කන්නෙ නෑ, කාගේවත් දෙයක් කවදාවත් අරගෙන නෑ බං හොරෙන්.නැතිනම් නැති විදිහට ඉඳලා තියෙනවා. අවුරුදු 25ක් වෙලත් කිසිම කෙල්ලෙක් එක්ක කාමය වරදවා හැසිරිලා නෑ, මේ වෙනකන් මත් පැන් මොකුත් තොලගාලා නෑ බං. අඩුම තරමේ මම වෙඩින් කේක් කෑල්ලක් වත් කන්නේ නෑ. කෙනෙක් වට්ටන්න, රවටන්න , ගිණි තියන්න බොරු නම් කියන්නේ නෑ නමුත් ඔය ආතල් එකට එක එකාට ලණු දෙන්න සහ අනික් කෙනෙකුගේ යහපතක් සඳහා බොරු නම් කියනවා. මම මචං හැමදාම බුදුන්ට පහණ තියලා වඳින එකෙක්. මොකද මගේ ජීවිතේ මම කරන වැඩත් එක්ක හැමතිස්සෙම ජීවිතේ එපා වෙනවා, තිත්ත වෙනවා. එතකොට හිතට සහනයක් ලැබෙන්න බුදු දහමින් විතරයි. මම බෞද්ධයෙක් ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක් මචං හැබැයි මම බෞද්ධ කියලා නමට බෞද්ධයෙක් වත් බෝර්ඩ් ගහන් ඉන්න බෞද්ධයෙක්වත් නෙමෙයි. මම හැකි සෑම විටම මිනිස්සුන්ට උදව් කරනවා මචං, මගේ ඇඟේ ලේ මම 7 පාරක් දීලා තියෙනවා අන්තිමට දුන්නේ බං ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ඒත් මම කවදාවත් ඒ දේ ෆේස් බුක් එකේ වත් වෙන කොහෙවත් කියලා නෑ. කරපු හොඳ වැඩක් කාටවත් කිය කිය යන්නේ නෑ මම එයින් මානසික සතුටක් විඳිනවා ඇරෙන්න අහිංසකව. මම මේ ෆෝරුම් එකේ කියන්නේ එව්වා මම කවුද කින්ද මන්ද කියලා සැබෑ ජීවිතේ ඔයාලා නොදන්න නිසා. අනිත් අයගේ මතයට විරුද්ද වීම කියන්නේ මචං මේකේ ඉන්න උන් කෝට් කරලා මට බනින එකට මම රිප්ලයි කරන විදිහ ගැන නම් ඒ ගොඩක් ඒවා ආතල් එකට බං. මේ ෆෝරුම් එකේ මම ඉන්නේ පොඩ්ඩක් විතර රිලැක්ස් වෙන්න. මේසේ ඉස්සරහා තඩි පොතක් කියවන ගමන්. මම මචං අඳුරේ පව් කරලා එළියේ හොඳ මුහුණ පෙන්නගෙන ඉන්න චරිතයක් නෙමෙයි බං. උඹ කියන කතාව ඇත්ත. ඒත් මම මෙච්චර කාලෙකට එළකිරියේ කරපු දෙයක් හෝ වලියක් දාගත්තු දෙයක් කිසි කෙනෙකුගේ අයහපත තකා කලේ නෑ කියන එක විතරක් මම දන්නවා. ඔබේ අදහසට ස්තූතියි මචං. බුදු සරණයි...!!!!