සිරා, ඇත්ත තමා. මම දවසක් මගේම නන්ගිව බයික් එකේ රැ දාගෙන යනකොට පොලිස් එකෙක් නවත්තලා අහනවා නයිට් ක්ලබ් යනවා නේද කියල කෙල්ලත් එක්ක. කෙල්ලෙක් නම් අනිව අනින එකද බන්. නන්ගි අක්කා වෙන්න බැරිද? අයි ඩෙන්ටිය පෙන්නලා තමා උන්ට කිව්වේ අන්තිමට.සිරාවටම බන්. මම මේ එක්කුස මගේම මල්ලිගේ ලමයි දෙන්නා ක්ලාස් එක්ක යනවා. එතන ඉන්න ගැනු බලන්නේ අමුතු විදියට. ඊටත් හපන් මල්ලිගේ වයිෆ් එක්ක ගියොත්. මහා උකන සමාජයක් බන්. ගැනියෙක් මිනිහෙක් එකට වාහනේ යන්න පුලුවන් බැදලා නම් විතරයි. නැත්තම් ජල්තරයක්.




