හමුදාවේ මිනිස්සුන්ව පුහුණූ කරන්නේ මේ විදියට දැඩි ලෙස පීඩනය දීලා තමයි ඒකයි හමුදාවේ ස්භාවය ඒකට ගැහැණූ පිරිමි කියලා ස්භාවයක් නෑ. මේ හැම පුහුණුවකින්ම අපේක්ෂා කරන්නේ මානසික එකාග්‍රතාව තබා ගැනිමයි දැඩි ආතතිය හමුවේ. අනෙක් එක හමුදාවකට ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ. හමුදාවේ ඉන්නේ සොල්දාදුවා කියලා දෙයක් විතරයි පහළ මට්ටමේ ඉදලා ඉහළ මට්ටම දක්වා හැම කෙනාම සොල්දාදුවෙක් යම් යම් මට්ටම් වලින්. හමුදාවේ ලිංග භේදේ බලනවා නම් වෙඩි තියන්න ගත්තම ගැහැණු කොටින්ට පිරිමි හමුදාවේ එවුන් තියන්නේ නැතුව එහෙනම් හමුදාවේ කෙල්ලෝ එනකම්ම ඉන්න ඕනේ. මේ විදියට හිනා වෙන එක නම් වැරදියි මෙතන කිසිම වෘත්තිමය ස්භාවයක් නෑ ඒ වගේම මෙතන කිසිම පුහුණුවකට අවශ්‍යය උපකරණ නෑ. ඒ වගේම පිරිමි සොල්දාදුවන් ගැහැණු සොල්දාදුවන්ට ගහන එකේ කිසිම වරදක් නෑ මේ විදියට පුහුණූ කරන කොට ඕකේ අනෙක් පැත්තත් වෙනවා ගැහැණු නිළදාරින් මගින් පිරිමි සොල්දාදුවන්ව පුහුණු කරන කොට.
උබේ තර්කය නම් මට තේරේන්නේ නෑ ඇයි හමුදාවේ කෙල්ලොන්ව පිරිමි සොල්දාදුවන් මේ විදියට පුහුණු කරන කොට වැරදියි නමුත් කාන්තා නිළධාරින් ඒ විදියටම පුහුණූ කරනවා නම් හරි කියලා. ඒකේ කිසිම පදනමක් නෑ ගැහැණු පිරිමි කියලා භේදයක් හමුදාවේ නෑ ඒක නිසා සාමාන්‍යය ඇහැකින් හමුදාව දිහා බලන්න එපා. නමුත් මම හිතනවා මීට වඩා වෘත්තිමය වශයෙන් පුහුණූ කරනවා නම් හොදයි කියලා. (ඒක පිරිමි සොල්දාදුවන් සහා ගැහැණු සොල්දාදුවන් දෙගොල්ලොන්ටමයි අදාළයි)