සමහරු උපතින්ම සමලිංගික වෙලා උපදිනවා කියල මම අහල තියනවා. ඒ අය තමන් වගේ තව කට්ටිය හොයාගෙන හිටියා කියල කිසි ප්රශ්නයක් නැහැ මොකද අතීතයේ ඉඳන් මේ වෙනකල් ඕනෑතරම් එහෙම කට්ටිය ඉන්න ඇති.
මෙතන ප්රශ්නය තියෙන්නේ උපතින්ම සම ලිංගික නොවන අයවත් සම ලිංගික කරගන්න පුළුවන් මේක ජනප්රිය කලාම. මට මතක විදිහට ගිය අවුරුද්දේ රිවිරේ පත්තරේ මේක ගැන article එකක් ගියා . එකේ තිබුන ඒගොල්ලෝ ස්කොලේ ළමයි අල්ලගත්ත හැටි එහෙම.
මට ප්රශ්නේ තියෙන්නේ මේකයි අද පොලිසි වලට නීතියෙන් කෙල්ලෙක් එක කොල්ලෙක් කාමරේකට ගියොත් අල්ලන්න පුළුවන් වැඩිය ඕනේ නැහැ අත් අල්ලාගෙන හිටියත් අල්ලන්න පුළුවන්. එත් ලංකාවේ නීතියෙන් තහනම් සම ලිංගික fashion shows , පත්තර දැන්වීම් පලවෙනවා ඒවා අල්ලන්නේ නැත්තේ ඇයි ?