බැදුම්කර නියාමන විධිවිධාන පනත යටතේ පෑන් ඒෂියා බැංකුවේ බැදුම්කර ගනුදෙනු සදහා වූ ප්‍රාථමික ගැනුම්කරු බලපත්‍රය 2017 අගෝස්තු මස 15 වන දින සිට මාස 06ක කාලයක් සදහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් අපවෙත දැන්වා ඇත.
මෙම තීරණය හේතු කොට ගෙන පෑන් ඒෂියා බැංකුව විසින් පවත්වාගෙන යනු ලැබූ ප්‍රාථමික වෙළදපොල ගනුදෙනු කටයුතු පමණක් තාවකාලිකව අත්හිටුවා ඇති අතර අනෙකුත් සියලුම ව්‍යාපාර හා බැංකු කටයුතු කිසිදු බාදාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු වන බව මහජනතාවට දැනුම්දීමට කැමැත්තෙමු.