Suzuki wagon R , Stringrey

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113

    Question___

    Suzuki wagon R , Stringrey, රථය‍ෙහි , Engine Auto On / off වීම සමහර අවස්තාවලදී පමනක් සිදුවන්න්‍ෙ ඇයි?

    Answer___

    ස්ටෝප් ස්ටාර්ට් සිස්ටම් එකේ ෆෝල්ට් එකක් නැත්නම් හරි ඩෑෂ් බෝඩ් එකේ බටන් එකෙන් සිස්ටම් එක මැනුඅලි ඔෆ් කරලා නැත්නම් සිස්ටම් එක වැඩ කරන්න සීට් බෙල් දාලා තියෙන්න ඕනි,දොරවල් සහ වීදුරැ ඔක්කොම හරියට වැහිලා තියෙන්න ඕනි,A/C ඔන් කරලා තියෙන්න ඕනි,බැටරිය 12V වලට වඩා තියෙන්න ඕනි,බාහිර පරිසර උෂ්ණත්වය සහ වාහනයේ ඇ‌තුලත උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 12 වඩා වැඩි වෙන්න බැහැ,වාහනයේ වේගය පැ.කි.මී 4 ට වඩා වැඩි වේගයෙන් ගමන්කරලා තිබිලා තියෙන්න ඕනි.ඒ‌ කියන්නේ පැ.කි.මී 4 ට වඩා වැඩි වේගයෙන් ගිහිල්ලා නැවැත්වීමක දී විතරක් වැඩ කරනවා කියන එක.ඊට වඩ අඩු වේගයෙන් ගොඩක් වෙලා ට්‍රැෆික් වල ධාවනය කිරීමේ දී සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ,ඔටෝ හෝල්ඩ් ෆන්ෂන් එක ඩිඇ‌ක්ටිවේට් කරලා තියෙන්න ඕනි,එන්ජින් වර්කිං ටෙම්පරේටර් එකේ තියෙන්න ඕනි,වින්ඩ්ස්ක්‍රීන් ඩිමිස්ට් ඔෆ් කරලා තියෙන්න ඕනි,ඔටෝ නම් ගියර් වෙනස් කිරීම නොකල යුතුයි,එන්ජින් rpm එක 1200 වඩා අඩුවෙන්න
    ඕනි,වහනය අංශක 10 කට වඩා ආ‌නතව නොතිබිය යුතුයි,ස්ටීරියන් වීල් එක වට තුන්කාලකට වඩා කැපී නොතිබිය යුතුයි,ඉලෙක්ට්‍රිකලි ට්‍රේලර්
    එකකට සම්බන්ධ නොකර තිබිය යුතුයි,ක්ලච් පැඩලය නොපෑගිය යුතුයි,බ්‍රේක් පැඩල් එක ප්‍රමාණවත් තරම් පාගා තිබිය යුතුයි.ඔය කරැණු එකක් හරි සපුරලා නැත්නම් ඔටෝ ස්ටොප් ස්ටාර්ට් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ.ගොඩක් වෙලාවට මේ කරැණු බොහොමයක් හැම වාහන වර්ගයකටම පොදුයි.

    By chandrasiri jayavickrama