1. Pegged salaries නිසා තමයි ලංකාවෙ currency එක අදාළ වෙන්නේ. Pegged කියන්නෙ මොකක්ද??? Peg කරනවා කියන්නෙ ලංකාවෙ currency එක devalue වෙච්ච නිසා ඒක compensate කරන්න හදපු එකක්. ඒක දුන්නම company එකට පාඩු වෙනවද? නෑ. පාඩු වෙනවනං කීදෙනෙක් යනව කිව්වත් දෙනවද? නෑ.
ප්‍රොජෙක්ට් එකට බජට් එක හදල ඉවරයි. ඒකට වෙන් කරන ගාන ඩොලර් වලින් වෙන් කරලා ඉවරයි. වැඩ කරන හැම කෙනෙකුටම ඩොලර් ගාන වෙන් කරලා ඉවරයි. Junior developer ට ඒක ඩොලර් 1000 නං ලංකාවෙ රුපියල devalue උනා කියල කොම්පැනියට පාඩු නෑ. ඩොලර් එක රුපියල් 175 ට තියෙද්දි රුපියල් 175,000 ක් හම්බුනා නං ඩොලර් එක 350 උනාම 350,000 ක් හම්බ වෙනවා. පඩිය රුපියල් වලින් ඩබල් උනාට ඩොලර් ගාන වෙනස් වෙලා නෑ. ඒ එක්කම මතක තියාගන්න ඔය ජොබ් එකම ඇමරිකාවෙ කරන කෙනෙක්ට ගෙවන ගාන ලංකාවෙ බහුතරයට කවදාවත් ගෙවන්නෙ නෑ.

ඩොලර් 1000 ක් කියන්නෙ සාමාන්‍ය unskilled labourer කෙනෙක්ටත් සති දෙකකට හම්බවෙන ගානට ආසන්නයි.
දැන් එතකොට වැඩිපුර රුපියල් පඩියක් හම්බවෙලා තියෙන්නෙ අමුතු සුපිරි දක්ෂකමක්, skill එකක් නිසාද?



නෑ ලාබ ශ්‍රමය. එච්චරයි.
2. ලංකාවෙන් විතරද software project කරන්නෙ? නෑ අනිත් රටවල් වලත් කරනවා.
ලෝකෙ කොහේ හිටියත් අදාළ client ට හදන බජට් එකේ ගානට තමයි හම්බ වෙන්නෙ. Pegged salaries කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි. ඩොලර් 5000 කට බජට් එක හදලා ඩොලර් 1000 ගානෙ ඩිවලොපර් කෙනෙක්ට ගෙවනවා.

ඇමරිකාවෙ ඔය ප්‍රොජෙක්ට් එක කරා නං ලංකාව 1000 ගෙවන ඒකට ඩොලර් 3000ක් විතර ගෙවන්න වෙනවා. එකම skill එක. ඩොලර් 4000 ක් විතර ලාබ තියෙන වෙලාවෙ ඕක peg නොකර ඒකෙනුත් පොඩි ගාණක ලාබයක් තියාගන්න උන්ට ඕන නෑ. ඒ වෙනුවට අපි peg කරා දැන් සැලරි වැඩියි කියල මාකටින් පාර දෙනවා තව හොඳ කට්ටිය ඇද ගන්න. ඇත්තටම උන්ට ඒක ලාබයක්. හැබැයි උන්ගෙ වියදම එදත් ඩොලර් 1000යි අදත් ඩොලර් 1000යි.
ලංකාවෙ ඉන්න මහන්තත්ත ඩයල් වලට වැඩිපුර හම්බුනා කියල පෙන්නලා උන් ප්‍රොමෝෂන් කරගන්නවා. ලංකාවෙ ඩයල් ටික ඇවිත් ලංකාව ඇතුලෙ රුපියල් වලින් පඩි හැදෙන උන්ට ලොකු ටෝක් දෙනවා අපි තමයි යකෝ සුපිරි පොරවල්. බලපන් අපිට මෙච්චර ගෙවන්නෙ අපි සුපිරි ටැලන්ටඩ් නිසා, උබලට skills නැති නිසා උබලට එච්චර ගෙවන්නෙ නැත්තෙ, අපිට මේ රටේ සලකනව මදි... බ්ලා බ්ලා....



ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට වඩා අඩුවෙන් තමා ලංකාවෙ 99% කට ගෙවන්නෙ. ඔච්චර වැඩ්ඩො නං ඒ ගානම ගෙවල ගන්න එපැයි. එහෙම කරන්නෙ නෑ කවදාවත්.

ඔයාලගෙ තර්ක වලට බැලුවොත් ලෝකෙ සුපිරිම ඩයල්, highly skilled පොරවල් ඉන්නෙ සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටවල් වල.

උන්ට ඇමරිකන් ඩොලර් 1000 පඩියක් ගෙව්වම සිම්බාබ්වේ ඩොලර් වලින් ලොරි පුරවන් යනව ඇත්තෙ. බුදු සන්තෝ ඒ රටේ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ ටෝක් අහගෙන.



ඔයාටත් ඕක තේරුම් ගන්න බැරි තරං පොඩි ඔලුවක් තියෙන්නෙ කියල නං මං හිතුවෙ නෑ.
ඕස්ට්‍රේලියාවෙ

ඒ මම හොඳටම දැකල තියෙන දේ. නමුත් මට විශ්වාසයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් වල එහෙමයි කියලා.
අනික 1.5 ගුණයක් කියන්නෙ සැලකිය යුතු වැඩිවීමක් නෙ. ලංකාවෙ ඕකෙ අනිත් පැත්ත. උබ ඔය කරල තියෙන්නෙ මම කියපු එකම තහවුරු කරපු එක.


------
Post added on Oct 13, 2022 at 5:12 PM