Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

-තමන්ගේ පරිඝණකයේ තිබෙන දෝෂ,
-Software උවමනාවන්,
-Software/Web Development සම්බන්ධව
-අළුත් Hardware මිළදි ගන්න ඕනේ නම්
-අළුත් Laptop/desktop/servers මිළදි ගන්න ඕනේ නම්
-Windows/OSx/Linux වගේ Operating Systems වල ප්‍රශ්ණයක් තිබෙනවා නම්
-ඕනෙම Software එහෙක ප්‍රශ්ණයක් තිබෙනවා නම්, Cracks වගේ ඕනේ නම්.

මේ ගැන කථා කරන්න ඕනේ නම් මේකට සෙට් වෙන්න. ඕනේම ප්‍රශ්ණයක් මේ සම්බන්ධව අහන්න. ප්‍රශ්ණය දාන කොට මේ format එකට දන්න, එතකොට කියවන්න ලේසියි.

මාතෘකාව කෙටියෙන්
ප්‍රශ්ණය විස්තර කරන්න
Tags දාන්න අන් අයට Search කරන්න ලේසි වෙන්න.

උදාහරණයට, කාටහරි Desktop Application එකක් Develop කරන්න ඕනේ නම්

මාතෘකාව : Desktop Application Development
ප්‍රශ්ණය : කොහොමද ලේසියෙන්ම ,පහසුවෙන්ම software එකක් develop කරන්නේ windows වලදි, ඒකට ඕන කරන tools මොනවද? කොහෙන්ද අවශ්‍යය කරන materials ගන්න පුලුවන්, මොනවද දැනගන්න ඕනේ etc..
tags : desktop application, c#, .net , programming.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මාතෘකාව: PHP vs .NET
ප්‍රශ්ණය : මට කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ
මචන්ලා මට සාමාන්යෙන් PHP පුළුවන් . හැබැයි මට working experiences නැහැ . මම දැන් මේ දවස්වල jobs වලට apply කරනවා
PHP related vacancies වලට තමයි දාන්නේ . හැබැයි තාම එකක්නම් සෙට් වුනේ නැහැ
මට දැනගන්න ඕනේ මොකද මචන්ලා හොද companies වල PHP නැත්තේ . මම බැලුවා IFS, millennium IT, virtusa මේ වගේ ගොඩක් තැන්වල php නැහැ .
මම කියන්නේ නැහැ මේවා විතරයි ලංකාවේ හොද companies කියලා . ඒත් මට නිකන් topjobs වගේ බැලුවමත් හිතෙනවා .net & java පැත්තට php වලට වැඩිය
jobs වැඩි කියලා
ඒවගේම මචන් PHP අයට වැඩිය .net, java අයට salary වැඩිද ?
මම මචන් මොකක් කලොත්ද හොද ? PHP job එකකටම යන්නද ? නැත්තම් .net වගේ එකකට යන්නද . හැබැයි මට පුළුවන් PHP. .NET වගේ දෙයක් නම් මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ. ඒත් උබලා කියන්නේ .net පැත්ත මීට වැඩිය හොදයි කියලානම් අමාරුවෙන් හරි ඒක වුනත් කරන්න කැමැති .
මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දියන් මචන්ලා .

ඒවගේම උබලා දන්න තැන් වල php trainees ල ගන්නවානම් මට පොඩ්ඩක් කියහන් බන් . නැත්තම් අදුරන යාලුවෝ/companies තියෙනවනම් කියහන් .එළකිරි එකේ යාලුවෙක්ටත් මම කිව්වා . තම එකක් සෙට් වුනේ නැහැ
tags: php, asp.net, .net, web development
 
උත්තරය :
.NET වලට තැන තියෙන්නේ හේතු කිහිපයක් නිසයි. PHP වලින් ලොකු software develop කරන එක ගොඩක් අමාරුයි මොකද PHP කියන්නේ object oriented language එකක් නෙවෙයි ,PHP5 එකේ නම් පොඩ්ඩක් විතරක් OOP තිබුනට ඒක ඒ තරම් හොද මට්ටමක නෑ. නමුත් .NET එක fully OOP එතකොට. Software develop කරන්න ලේසියි ඉතා වේගයෙන්, development cost එක අඩුයි. PHP ගොඩක් use වෙන්නේ free,opensource software වලටයි සමහර අය අඩු cost එක නිසාත් php වලින් develop කරනවා නමුත් ඒ හැරුණම ලොකු companies use කරන්නේ java/.net.

.NET වල Development Environment එක ගොඩක් හොදයි. Visual studio වලින්, unit testing, class diagrams වගේ කරන්න පුලුවන් ලේසියෙන්ම, හරි clean, intellisense menu එක නිසා ලේසියෙන්ම develop කරන්න පුලුවන් ,classes/functions අමතක වුනාම පළවෙනි letter එක ගැහුව ගමන් ඔක්කොම විස්තර පෙන්වනවා,PHP එකට එහෙම විධිමත් එකක් නෑ, අරහෙන් මෙහෙන් ගන්න ඕනේ. ඒක ලොකු company එකකට ගැලපෙන්නේ නෑ. Visual studio එකට SQL/Access support තියෙන නිසාත්, Microsoft SQL Integrated කරගන්න පුලුවන් නිසාත් ඒ add කරගත්ත database ලේසියෙන්ම project එකේ use කරන්න පුලුවන් නිසාත්, database development කරගන්න කොට,tables/relationships/primary key වගේ ඒවා ලේසියෙන්ම design view එකේදි හදාගන්න පුලුවන් නිසාත්, multiple databases add කරලා ඒවා එකකට එකක් join කරගන්න පුලුවන් නිසාත්, site එකක් debug කරගන්න පුලුවන් නිසාත්, IIS එකේ security එක ගොඩක් හොද නිසාත්, Microsoft එකෙන් customer support company එකට හම්බ වෙන නිසාත් ඉතා වේගයෙන් site එකක් develop කරන්න පුලුවන්, ලෙඩ නැතුවම. ඔක්කොම drag and drop තියෙන්නේ. ඕනෙම පොඩි එකෙක්ට උනත් පුලුවන් හොද site එකක් විනාඩි 5 න් හදන්න. මම Steam page එක වගේ site එකක් හැදුවා ,steam එකටත් වඩා හොදට, ඒකට ගියේ දවස් 4 යි, ඔක්කොම හැදුව ASP.NET වලිනුයි, JavaScript වලිනුයි.

Java/.NET කරන කෙනෙක්ට හොද OOP දැනුමක් තියෙනවා ,.NET කරන කොට. SQL/C#/VB.NET/Silverlight මේ ඔක්කොම ඉගෙනගන්න නිසාත්, මේ ඔක්කොම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසාත් ගොඩක් companies .net use කරනවා වැඩියි. Java වුනත් එහෙමයි, එතකොට website එකක් විතරක් නෙවෙයි, desktop application ,mobile applications වුනත් ගේමක් නැතුව හදන්න පුලුවන්, නමුත් PHP වලට එහෙම විධිමත් support එකක් නෑ. එක එක හාල් කෑලි opensource projects නම් තියෙනවා හැම තැනම නමුත් මේවා ලොකු company වලින් use කරන්නෙ නෑ අනික ඒවා වැඩි කල් පවතින්නෙත් නෑ, උන්ට කම්මැලි වෙච්ච ගමන් නවත්වනවා, slow updates, less security ලෙඩ ගොඩයි.

Developer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මේක ටික. හොදට සල්ලි හොයන්න පුලුවන් company එහෙකට join වෙලා.

C#/ASP.NET/MS SQL/Java/JavaScript : Web Development වලට
Java : Mobile development
Object-C/Swift : OSx/iOS development
C++/C : High performance applications

freelancing කරනවා නම්

PHP/JavaScript : Web development
Java : mobile development/crossplatform applications
C#/VB.nET : Desktop applications
C++/QT : Cross platform desktop applications
Python : Web/desktop application development

අවශ්‍යය කරන Software ටික

.NET වලට (C#,ASP,VB,WPF,C++)
https://kickass.to/microsoft-visual-studio-professional-2013-key-nelly-t8325581.html

Python
https://www.python.org/

PySide (Python GUI)
http://qt-project.org/wiki/Category:LanguageBindings::PySide::Downloads

PHP/SQL/PHP My Admin (ඔක්කොම තියෙනව, One click ඔක්කොම Install වෙනවා)
https://www.apachefriends.org/index.html

HTML 5
https://www.google.com/chrome/browser/

Java/NetBeans
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-netbeans-jsp-142931.html

PHP/JavaScript/HTML/CSS/ වගේ language වේගයෙන් ,පහසුවෙන් type කරන්න.
https://kickass.to/activestate-komodo-ide-8-5-2-82628-malestom-t8050740.html#main
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

එළ මචන්, :yes: අනෙක් අයටත් කියන්න, උබලත් දන්නවා නම් ප්‍රශ්ණ දාන අයට උදව් කරන්න.
එතකොට වැඩේ ලේසි වේවි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
PM වලිනුත් මම සමහර අයට උත්තර දීලා ඇති නමුත් පෞද්ගලිකත්වයට හානිවෙන නිසා ප්‍රශ්ණය වෙනස් කරලා ,Private details අයින් කරලා දානවා.

මාතෘකාව Java/.NET ගැන
ප්‍රශ්ණය :machan mata me dewal part time hari karala kiyak hari hoya ganna puluwan nam hodai.
java,net gena nam mukuth dan ne..
a wage dewal kohenda igena ganna puluwan..
mula idan job path ekak target karala karana cource thiyenawada...?
mata vistara tikak kiyanawada...?
tags : java,.net, c#

උත්තරය :

ගොඩක් tutorials නම් තියෙන්නේ english වලින් සිංහලෙන් නම් අමාරු වෙයි හොයන්න. උබට හොදට හොයන්න ඕනේ නම් හොදම වැඩේ programming නෙවෙයි designing.
නමුත් programming වලින් හොයන්න ඕනේ නම් හොදම php/sql/javascript/css/html මේ ඔක්කොම ටිකම ඉගෙන ගන්න ඕනේ, අමාරු නෑ.

www.w3schools.com/
මෙතන ඔක්කොම තියෙනවා

develop කරන්න ඕනේ නම් මේක use කරන්න
https://www.apachefriends.org/download.html
මේකෙන්
apache+ sql+ php runtime files install කරනවා.

IDE එකක් හැටියට
komodo එක හොදයි.
https://kickass.to/activestate-komod...-t8050740.html

ඔක්කොම download කරලා install කරන්න ඊට පස්සේ උඩ tutorials follow කරන්න එතකොට උබට තේරේවී ඒවා use කරන්න ඕන තැන්.

software develop කරලා ඒ තරම් හොයන්න බෑ. ඒක නිසා ඒක ඒ තරම් සාර්ථක නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
You copy techkatha.. techkatha copied Indian podcast

I didn't copy from anywhere, I decided to make this thread because I got few questions from number of people and I thought there can be a lot of people who have like that issues so I thought to make a dedicated thread for them in order to solve their questions beside this can be useful to other people too.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මාතෘකාව : asp.net ද php ද?
ප්‍රශ්ණය : machan mama me dawaswala asp.net poddak igena gannawa. Mama machan asp.net ekakata giyoth da hoda. nattam php ekakata gihin passe asp.net allagattama .net job ekakata yannada. mata machan php samanyen puluwan. ekai ahuwe
tags : php, asp.net, c#

පිළිතුර :

ඒක මචන් තීරණය වෙන්නේ උබේ කැමැත්ත , දක්ෂතාව සහා රැකියා අවස්ථා ප්‍රමාණය අනුව තමයි. උබට දැනට php පුලුවන් නිසා ගෙදර ඉදලා asp.net ඉගෙන ගෙන පස්සේ .net job එහෙකට යන එක කාලය නාස්ති කිරිමක්, තමන්ගේ කැමැත්තට, දක්ෂතාවට අනුව ගැලපෙන job එකක් හොයාගන්න. උබ දන්න විදියට php වලින් job එකක් කරන්න, ඒ කරන ගමන් .net ඉගෙන ගන්න, නිවාඩු වෙලාවේදි. මහ ලොකු වෙනස් කමක් නෑ , උබට php පුලුවන් නම් උබ අනිවාර්යෙන්ම javascript පවා ඉගෙන ගන්නවා නේ? එහෙම නැත්නම් ඒක දන්නවා ඇති නේ. (javascript දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න ඒක ගොඩක් වටිනවා ,jquery වලින්ම හැම එකක්ම ලියන්න එපා)

එතකොට උබ Object oriented, inheritance, polymorphism වගේ concept ඉගෙන ගනියි, මේ concept උබට පුලුවන් .net වලටත් use කරන්න, අනික javascript සහා c# කියන්නේ ගොඩක් සමාන syntax තියෙන languages දෙකක්, උබ javascript දන්නවා නම් ලේසියෙන්ම c# අල්ලගන්න පුලුවන්. ASP.NET කිව්වට ඒක වෙනමම language එකක් නෙවෙයි, ASP.NET කියන්නේ framework එකක් ,ඒකේ webpages ලියන්නේ .net languages වලින් , c#/ vb.net වගේ. එතකොට උබ c# දන්නවා නම් asp.net/ desktop application development දෙකම දන්නවා, ඒ විතරක් නෙවෙයි උබට ලේසියෙන්ම windows mobile phone application හදන්නත් පුලුවන්, windows 8 වල modern ui එක ගොඩක් ජනප්‍රිය නිසා, පුලුවන් නම් ඒකත් ඉගෙන ගනින්. ඒකට windows 8 තියෙන්න ඕනේ හැබැයි.

රැකියා අවස්ථා ප්‍රමාණය ගත්තම ලංකාවේ ගොඩක් තැන අද කාලේ තියෙන්නේ android development වලටයි, .net language වලටයි. එතකොට .net දන්න එක ගොඩක් වටිනවා. උබ .net දන්නේ නෑ කියන්නේ උබට ගොඩක් රැකියා අවස්ථා ප්‍රමණයක් අහිමි වෙනවා කියන එකයි, කෙටියෙන්ම කිව්වොත් මචන් උබ දන්න ප්‍රමාණය වැඩියි නම් උබට හම්බවෙන රැකියා අවස්ථ ප්‍රමාණය වැඩියි, එතකොට හොදට හොයන්නත් පුලුවන්.

උබට හොදට හොයන්න ඕනේනම් programming වලටම කොටුවෙලා ඉන්න එපා ,පුලුවන් නම් logo designing වගේ ඉගෙන ගනින්. logo designing කරන්න නම් illustrator ඉගෙන ගන්න පුලුවන්.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාතෘකාව :ලැප් එකෙ ලෙඩක්

    ප්‍රශ්ණය :gigabyte Q2432 http://www.gigabyte.com.lk/products/product-page.aspx?pid=3839#kf
    මේ ලැප්ටොප් එක අරන් දැන් අවුරුදු 3ක් වෙන්න කිට්ටුයි,
    පාවිච්චි කළේ අපේ නැන්දා.එයාගේ රාජකාරි වැඩ සඳහා විතරයි පාවිච්චි කළේ.දවසට පැයක් දෙකක් වගේ.
    මම තමයි windows 7,software,drivers ඔක්කොම දැම්මේ ගෙනාපු දවසේ .දැනට සති දෙකක ඉඳන් ලැප් එක on කරද්දි windows logo එක ලඟ stuck වෙලා තියෙනවා.
    format කරලා ආයෙත් windows 7,software,drivers දැම්මට පස්සේ වැඩ කලා.ඒත දවස් දෙකකට පස්සේ ආයෙත් ඒ ලෙඩේ එනවා.

    suck වෙලා තියෙන වෙලවට hard disk detect light එක off වෙලා තියෙන්නේ.මෙකට DVD එකෙන් windows දාන්න බැහැ .
    DVD එකෙන් boot කරලා දාද්දි setup is starting... එකෙදි stuck වෙලා තියෙනවා.
    එ වෙලාවටත් hard disk detect light එක off වෙලා තියෙන්නේ.මම pen එකෙන් boot කරලා windows 7 දැම්මේ.

    tags : laptop error,gigabyte Q2432
     
    මෙහෙමයි ඕකට කෙළින් පිළිතුරක් දෙන්න බෑ, හරියට යටින් තියෙන ලෙඩේ දන්නේ නැතුව. windows event viewer එකට access වෙන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම්,

    control panel ගිහින් -> Control Panel\All Control Panel Items\Administrative Tools
    event viewer එක open කරලා දකුණු අත පැත්තේ තියෙන panel එකේ
    event viewer -> custom views -> administrative events ගිහින්

    administrative events එක උඩ right click කරලා -> save all events in custom view as කියලා
    file එක save කරන්න desktop එකට, ඊට පස්සේ මේක winrar වලින් compress කරලා මට PM කරන්න, බලලා හරියටම ලෙඩේ කියන්නම්.

    මේ දාලා තියෙන විස්තරය අනුව නම් hard disk එකේ physical errors/logical තියෙනවා කියලා මට හිතෙනවා, ඒකට ඕනේ නම්.
    windows loading screen එකට එන්න කලින් f8 ගිහින් dos mode එකට යන්න,
    මේ වගේ http://pad1.whstatic.com/images/thu...-Start-Windows-in-Safe-Mode-Step-5Bullet3.jpg

    ඊට පස්සේ මේ command එක ගහන්න.
    chkdsk /f
    ගහන්න. ගහලා පොඩ්ඩක් වෙලා ඉන්න ඒකෙන් hard disk එකේ errors තියෙනවා නම් ඒවා fix කරයි. ඒක හරි ගියේ නැත්නම් උඩ එක කරලා මට file එක එවන්න.
     
    mama karala kiyannam machan.thankz
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Title : Desktop Hardware Fault

    Question: HP Desktop PC Power supply fan start run very fast
    Screen get white and shut down

    Tags: Fault,desktop,Power supply
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මාතෘකාව: Driver Issues
    ප්‍රශ්ණය : මචන්ලා මගේ ලැප් එකට වින්ඩොව්ස් 8.1 දැම්මා දැන් පොඩි අවුලක් වෙලා vga Drives වල
    මේකට Intel vga Drivers දාලා AMD Drivers දැම්මයින් පස්සේ Sleep Mod. Screen Sever එහෙම යන කොට අපහු screen එක on වෙන්නනේ නැ එත් ලැප් එකon අපහු on කරන්නනම් off කරලා on කරන්න ඕනේ intel Drivers විතරක් තියන කොට අවුලක් නැ AMD Drivers දැම්මොත් තමයි මේ case එක එන්නේ මම දැන් Intel vga Drivers විතරයි දාලා තියෙන්නේ AMD දැම්මොත් ඒ case එක එනවා එත් මට AMD Drivers දා ගන්න ඕනේ game play කරන්න විදිහක් නැ නැත්නම මිට කලින් වින්ඩොව්ස් 8.1 දාලා තිබිබා මෙහෙම අවුලක් ආවේ නැ මේකෙ හදා ගන්න විදිහක් තියේද මචන්ලා???

    Drivers ඔක්කොම offical site එකෙන් dl කරපුවා
    ලැප් එක Dell inspiron 3537
    4th Gen
    tags: drivers , windows 8.1, windows 8, windows, intel, graphics chipset, 4th gen intel , processors, screen, Dell inspiron 3537

    ඕකේ මචන් ADM graphic chipset එකක් නෑ නේ :yes:
    http://compreviews.about.com/od/budgetnote/fl/dell-inspiron-15-3537-touch.htm

    ඉතින් උබ මොකද AMD drivers දැම්මේ? :confused:
    මේකේ තියෙන්නේ Intel HD Graphics 4400 Integrated Graphics උඩ site එකේ හැටියට නම්.
     
    Last edited: