මම ඉස්සර (ඒ කියන්නේ දැන් අවුරුදු 4කට 5කට විතර කලින්) Unity Plaza එකේ මොනාහරි ගන්න ගියාම කෙලින්ම හොයන්නේ බලන්නේ නැ .. යන්නෙ කෙලින්ම techzone. ඒ වෙන හේතුවක් නෙවෙයි මුලු unity plaza එකේම ඇවිද්දත් ඒ කඩෙන් තමයි අඩුම ගාන ලැබෙන්නේ. ඒත් මේ හම්බ කේස් ආපු නිසා සහ මම උන්ගෙන් ගත්ත අන්තිම භාණ්ඩේ වන Printer එකයි ගත්තට පස්සේ ඒ කඩේ පස් පාගන්න ගියේ නෑ. Printer case එක නම් වුනේ අපිත් ඉතින් බබ්බු නෙවේනෙ බන් උන්ගෙ සයිට් එකෙන් බලල Printer එකේ ගානත් ගෙදරදි බලල ගියාම කඩේදි කියනවා සයිට් එකේ තියෙන ගාන වැරදියි. ඕකෙ හරි ගාන මේ ගාන කියලා රු. 500ක් වැඩිපුර කිවුවා. අහවල් කෙංගෙඩියක්ද බන්. Printer එක නම් අරගෙන ආවා එදායින් පස්සේ ඔය ගුබ්බෑයමේ සහ ඕක ඇතුලෙ තියෙන කිසිම ඒ ජාතියේ ගුබ්බෑයමක රිංගන්නේ නෑ. කෙලින්ම යන්නේ Tulip Computers එකට. ඒකට ගිහින් කීය වුනත් කමක් නෑ අරගෙන එනවා

polawa tile ne


