ෆැෂන් බග් ප්රහාරය පිළිබඳ ඇත්ත කතාව
ඊයේ දිනයේ පැපිලියාන මංසන්ධියේ පිහිටි ෆැෂන් බග් රෙදි සාප්පු සංකීර්ණයට පිරිසක් විසින් ප්රහාරයක් එල්ලකර තිබුණි. මෙම ප්රහාරයට හේතුව ලෙස වාර්තා වූයේ මුස්ලිම් තරුණයෙක් විසින් සිංහල තරුණියකට අතවර කිරීමේ සිද්ධියක්ය. මෙම සිද්ධිය ඇතිවීමට හේතුවූ සැබෑ කාරණය සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම සිද්ධිය හා ෆැෂන් බග් ආයතනය අතර කිසිඳු ඍජු සබඳතාවයක් නොතිබී ඇති බවයි.
මොණරාගල ප්රදේශයේ පදිංචි බරවාහන ආයතනයක සේවය කළ මුස්ලිම් ජාතිකයෙකු විසින් සිංහල තරුණියක හා සබඳතාවයක් පවත්වාගෙන ගොස් තරුණිය අනාථකොට පසුව ඔහු විසින් ඇය මඟහරින්නට පටන්ගැනීම නිසා උත්ගතවූ සිද්ධි දාමයක අවසන් ප්රතිඵලය ලෙස මෙම පහරදීම සිදුවී ඇත.
මෙම පහරදීමේ සිද්ධියට පෙර මෙම තරුණයා සම්බන්ධ ගැටළුව පිළිබඳව පොලීසියට පැමිණිලි කොට ඇති අතර ඒ අනුව ඔවුන් විසින් එම මුස්ලිම් ජාතික තරුණයා අත්අඩංගොඩ ගෙන ඇත. පසුව කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයා දෙමළ ජාතිකයෙකු බවත් රැකියාවක් ලබාගැනීම උදෙසා ඉස්ලාම් දහම වැලඳගෙන මුස්ලිම් ජාතිකයෙකු බවට පත්වී ඇති බවත්ය.
මෙම සිද්ධිය ඇතිවීමට පෙර ෆැෂන් බග් ආයතනය සම්බන්ධයෙන්ද යම් යම් චෝදනා තිබී ඇති අතර තරුණයා සේවය කළ බර වාහන ආයතනයට පහරදීමට පැමිණි කුපිතවූ පිරිස් විසින් ෆැෂන්බග් ආයතනයටද පහරදී අලාභහානි සිදු කර ඇත.

Code:
Source http://www.facebook.com/lanka.f.line/