"Thotas" Falls

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පැණියාවල මූකළානේ තොටස් ඇල්ලේ දවසක්

    නිවාඩු පාඩුවේ කොහේහරි යනවා කියලා ගෙදරින් එළියට බහින්න හදනකොටම දාන පළමුවැනි නීතිය තමයි "ඇළවල් අස්සෙ එහෙම යනවා නෙවෙයි" කියන එක. දෙන පළමුවැනි උපදේශය "නාන්න එහෙම යන්නෙ නෑ" කියන එක. දියඇලිවල නාන තොටුපොළවල ස්වභාවයෙන්ම අනාරක්ෂිතයි කියන එක අම්මලා තාත්තලා හොඳින්ම දන්නවා. ඊටත් වඩා දියඇලි තොටුපොළවල නාන්න ගිහින් අකාලයේ විනාශ වුණ තරුණ ජීවිත ගැන ප්රවෘත්ති දැන් නිතරම වගේ අහන්න දකින්න ලැබෙන නිසා දරුවකුට ඒ වගේ තැනකට යන්න දෙන්න මවුපියො බයයි.


    Thotas_falls.jpg


    මේ නිසා දියඇල්ලක් බලන්න කොහේහරි නාන්න යන්න ගෙවල්වලින් අවසර ගන්න එක නම් ලේසි දෙයක් නෙවෙයි. නමුත් කිසිම බයක් සැකක් නැතිව ගිහින් ආරක්ෂිතව නාන්න පුළුවන් දියඇලිත් ඉතා කලාතුරකින් හමුවෙනවා. වලල්ලාවිට තොටස් ඇල්ල නැතිනම් දෙයියාගල ඇල්ල මෙහෙම ආරක්ෂිතව නාන්න පුළුවන් සුන්දර දියඇල්ලක්.

    දියඇලි නාමාවලියට පවා ඇතුළත් වෙලා තියෙන මේ තොටස් ඇල්ල පිහිටලා තියෙන්නේ වලල්ලාවිට යගිරල රක්ෂිතයෙ පැණියාවල මූකළානෙ නැඟෙනහිර මායිමේ. රක්ෂිතයෙන් ආරම්භ වෙලා රක්ෂිතයෙ මායිම දිගේ ඇදීගිහින් බෙන්තර ගඟට එකතුවෙන සුන්දර දිය දහරාවකින් සකස් වුණු තොටස් ඇල්ල මීටර් පහක් පමණ උස ප්රධාන ඇල්ලෙන් හා තවත් පරිවාර කුඩා ඇලි කිහිපයකින් යුතු දියඇල්ලක්.

    නමුත් මෙතැන වඩා ප්රසිද්ධ දිය ඇල්ලකට වඩා දියකෙළින්නන්ගේ ආරක්ෂාව අතින් ඉතාම දුර්ලභ ආරක්ෂිත නාන මංකඩවලින් සමන්විත නාන තොටුපොළක් හැටියට. ස්වාභාවික නාන තටාක කිහිපයක්ම සමන්විත මෙහි ප්රධාන තටාකය ගැඹුර අඩි 2 සිට 8 දක්වා විහිදෙන පැහැදිලි පතුලක් සහිත මීටර් 25ක් පමණ දිගකින් යුත් විශාල තටාකයක්.

    මේ ජල තටාකවල තිබෙන තවත් විශේෂම ලක්ෂණයක් වෙන්නේ ඉතා සුපිරිසුදු ජලය පැවැතීමයි. පැණියාවල මූකළානේ ඔෟෂධීය ශාක මුල් අතරින් පෙරී එන පළිඟු පැහැවන් ජලයෙන් මේ ස්වාභාවික නාන තටාක නිරතුරුව පිරිලා තියෙනවා. මේ නිසා නිකමට මෙතැනට එන කෙනෙක් වුණත් වතුරට බැහැලා යන්න නම් අමතක කරන්නේ නෑ. මෙහි ප්රධාන ඇල්ලට ඉහළින් කරලා තියෙන කෘත්රිම කොන්ක්රීට් ඉදිකිරීම නිසා නම් ඇල්ලෙ සුන්දරත්වයට වෙලා තියෙන්නෙ විශාල හානියක්. මේ වගේ සුන්දර තැන්වල එහෙම ඉදිකිරීම් කරන්න කලින් ඒ ගැන හිතනවා නම් වඩාත් හොඳයි.

    මේ ඇල්ලට පිවිසෙන පිවිසුම් මඟ වැටිලා තියෙන්නේ මීගහතැන්න වලල්ලාවිට අවිත්තාව මාර්ගයේ තොටහ මංසන්ධිය අසලින්. තොටහ මංසන්ධියෙන් ඇල්ලට යන පටු මාර්ගය අවසාන වෙන්නෙ දෙයියාගල ආරණ්ය සේනාසනයෙන්. ප්රධාන මාර්ගයෙ ඉඳල මීටර් 100ක් පමණ දුරකින් නාන තටාකය පිහිටලා තියෙනවා. මීටර් 500ක් පමණ දුරක් යන විට හමුවන ආරණ්යයට පිවිසෙන පාලම අසලින් බැසීමෙන් ප්රධාන ඇල්ලට යන්න පුළුවන්. ආරණ්යයට යනවා නම් මීටර් 800ක් පමණ යන්න ඕනි. මේ පටු මාර්ගය විවිධ ස්ථානවලින් සකස්වුණු අඩි පාරවල් දිගේ ඇල්ලෙ විවිධ ස්ථානවලට පිවිසෙන්න පුළුවන්.

    කොළඹ මතුගම මීගහතැන්න හරහා වලල්ලාවිටට ඇවිත් අවිත්තාව මාර්ගයෙ පැමිණ මේ සොඳුරු දියඇල්ල ඉතා පහසුවෙන් නරඹන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයෙ එන අයකුට නම් වැලිපැන්න පිවිසුම් මඟින් ලෙව්වන්දුව හරහා අවිත්තාවට පැමිණ වලල්ලාවිට මාර්ගය දිගේ තොටහට එන එක ඉතාම පහසුයි. මේ ස්ථානය ඉතා ප්රසිද්ධ නාන තොටුපොළක් නිසා සතිඅන්තයේ සහ නිවාඩු දිනවල මෙහි විශාල පිරිසක් ගැවසෙනවා දකින්න පුළුවන්. මෙලෙස විශාල පිරිසක් පැමිණීම නිසා ඒ අය රැගෙන එන පොලිතින්, වීදුරු, හිස් ටින් වැනි කසළ තොග වශයෙන් ගොඩගැසීම මෙහි සුන්දරත්වය වියැකී යන්නත් ප්රධාන හේතුවක් වෙලා.

    මේ නිසා ඇල්ලට එන හැම කෙනෙක්ම ඒ ගැන සිය දහස් වාරයක් හිතන්න ඕන. මේ ආසන්නයේ ආරණ්ය සේනාසනයක් තියෙන නිසා අනවශ්ය පරිදි කෑකෝ නොගහ විනෝද වෙනවා නම් කාගෙන්වත් බාධාවක් නෑ. අනෙක් වැදගත්ම දේ මේ ඇල්ල අනෙක් පස තියෙන්නෙ ගමේ මිනිසුන්ගෙ තේ ඉඩම්. සමහර තැන්වලින් ඇල්ලට බහින්න තියෙන්නෙත් මේ තේ පාත්ති මැද්දෙන්. තේ පාත්ති මැද්දෙන් ආව ගියා කියලා ඒ මිනිස්සු මොකවත් කියන්නෙ නෑ. නමුත් ඒ අය ජීවත් වෙන්නෙ වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා වගාවන්ට පොඩිහරි හානියක් නොවෙන්න වගබලා ගන්න ඕන. එහෙම වුණොත් නම් ගම්වාසීන්ට වගේම ඔබටත් සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන්.


    අසිරු වේදිත කරුණාරත්න
     
    • Like
    Reactions: Elysium

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    තේ පාත්ති මැද්දෙන් ආව ගියා කියලා ඒ මිනිස්සු මොකවත් කියන්නෙ නෑ. නමුත් ඒ අය ජීවත් වෙන්නෙ වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා වගාවන්ට පොඩිහරි හානියක් නොවෙන්න වගබලා ගන්න ඕන. එහෙම වුණොත් නම් ගම්වාසීන්ට වගේම ඔබටත් සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන්.
    :cool::cool:
    :yes::) ​
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    තේ පාත්ති මැද්දෙන් ආව ගියා කියලා ඒ මිනිස්සු මොකවත් කියන්නෙ නෑ. නමුත් ඒ අය ජීවත් වෙන්නෙ වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා වගාවන්ට පොඩිහරි හානියක් නොවෙන්න වගබලා ගන්න ඕන. එහෙම වුණොත් නම් ගම්වාසීන්ට වගේම ඔබටත් සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන්.
    :cool::cool:
    :yes::) ​

    ඔයා ගිහින් තියනවද? :yes::yes: