ඔය තියෙන්නේ ගාල්ලේ ප්‍රදීපාගාරය. ගාල්ලේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයක් තියෙනවා. අපේ රටේ ප්‍රදීපාගාර හදන එක පටන්ගන්නේ යටත් විජිත සමයේ. ඒ හදපු ප්‍රදීපාගාර අදටත් ඉතා හොඳ තත්වයෙන් පවතිනවා වගේම අපි නොදන්නවා උනාට අපේ රටට සෑහෙන මුදල් ප්‍රමානයකුත් එකතු කරලා දෙනවා. ලංකාවේ පළවෙනියටම ප්‍රදීපාගරයක් හදන්නේ ගාල්ලේ. ඒ ලී වලින්. ඒ ප්‍රදීපාගාරය ගින්නෙන් විනාශ වෙනවා. ඒ වගේම ලංකාවේ අන්තිම ප්‍රදීපාගාරයත් (ඉංග්‍රිසීන්) හදන්නේ ගාල්ලේ. ඒ තමයි මේ ප්‍රදීපාගාරය.
පහුගිය දවසක එලකිරි සංචාරකයා සංචාරය කරේ ලංකාවේ දකුණු ප්‍රදේශයට. ගොඩාක් අපූරු දේවල් ඒ ගමනේදී අපිට ඔයාලා වෙනුවෙන් එකතු කරගන්නට පුළුවන් උනා.
මේ වගේ වැදගත් පින්තූර වගේම තොරතුරු සෑහෙන ප්‍රමානයක් එක්ක එලකිරි සංචාරකයා දකුණු ලක සංචාරය ඉක්මනින් බලාපොරොත්තු වන්න.
Last edited:




adambarada

