Toyota Rush Vs Honda FIT Shuttle

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ budget එක 35ක් වගේ

    මේ වාහන දෙකෙන් හොඳ එක මොකද්ද කියල කියපල්ල

    මේ ගානට වෙන හොඳ එකක් තියනවනම් ඒකත් පොඩ්ඩක් කියපල්ල


    honda-fit-wagon-could-hit-japan_4.jpg

    Toyota-Rush-facelift1.jpg
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    If you can buy a shuttle 2013/2014 unregistered for 35 then go for it. Rush most probalby you an buy a 2006.2007 one ? I have used both and shuttle has more space than Rush and superb options. Shuttle resale value is also high because this airport guys likes to buy it. I sold my shuttle within 1 week after advertising and only reduced 25,000 from the listed price.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆිට් ශටල් එකක් පැදලත් නෑ දන්න එකෙක් ගාවත් නෑ

    ඒ නිසා රශ් එක ගැන සහ ටෙරියොස් එක ගැන කියන්නම්, 100% ට 100% අද්දැකීමෙනි

    රශ් එක ටූ වීල් ඩ්‍රයිව්, ඉලෙක්ට්‍රික් ස්ටීරින්, සීවීටී ගියර්බොක්ස්... ටෙරියස් එක නෝමල් ඔටෝ ගියර් ෆෝ වීල් ඩ්‍රයිඩ් (ඩ්‍රිෆ්ට් ලොක් එකක් ඇත ) හයිඩ්‍රොලික් ස්ටීරින්


    රශ් සහ ටෙරියොස් එකේ වාසි -

    පිටිපස්සේ සීට් දෙක නැමුවහම හොද ඉඩක් තියෙනවා බඩු දාන්න
    වීල් සයිස් එක ලොකු නිසා හොද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා
    ටෙරියෝස් එක ඔරිජිනල් ජපන් නිසා නියමම බිල්ට් කොලිටි එකක් තියෙනවා
    රශ් එක හැර ටෙරියොස් එකේ 4x4 දැම්මහම හදට උනත් ගිහෑකි
    අම්මයි තාත්තයි ලමයි දෙන්නයි/ තුන්දෙනයි ඉන්න ෆැමිලි එකකට මරු වාහනේ


    රශ් සහ ටෙරියොස් එකේ අවාසි -

    පිකප් එක ගූ 70යි... ෆුට් බයිසිකලේක ඉස්සර කලෑකි පාගලා
    ටෙරියොස් තෙල් කිරිල්ල නිල්... ඇවරේජ් (ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ) කොලඹ අවට ලීටරේට කිලෝමීටර 7.5යි(tested)...දුරට උපරිම 8-8.5ක් කරයි(tested). ඔය ගාන පත ප්‍රාඩෝ 120ත් කරනවා. රශ් එක ඕනේනම් 9ක් කරයි (රශ් එකේ ටෙස් කර නැත )
    පවර් ටු වෙයිට් රේශියෝ එක කුජීතයි ලැජ්ජයි අදමයි
    40න් 50න් එහාටනම් හොද වංගුවක් ගත්තොත් ජපානේ තමා නවතින්නේ.
    ගැස්සීම වැඩී
    දුරට වාහනේ ලස්සන උනාට වෙන හොද කාර් එකක් ගාව නැවැත්තුවොත් ගූ 70යි
    පිටිපස්සෙන් පෙනුම පට්ටම චාටර් (මේක පේන්න වෙන වාහන එක්ක නවත්තන්න ඕනේ )
    ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් කියල නාමයක් ගෑවිලාවත් නෑ. කරත්තයක් දක්කනවා වගේ තමා




    රශ් එකට වඩා ටෙරියොස් එකේ වාසි-
    සීවීටී කචල් නෝවීම
    පොඩි උනත් ෆෝවීල් දාගත්තොත් හදට හරි යන්න පුලුවන් වීම
    පර්මිට් ආපු වාහන නිසා ජපානේ හමගහන ලද ලදරමක් නොවීම


    ටෙරියොස් එකට වඩා රශ් එකේ වාසිය-
    සීවීටී සහ ටූ වීල් නිසා තෙල් කිරිල්ල ටෙරියොස් එකට වඩා වැඩි වීම
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,125
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං;19075915 said:


    40න් 50න් එහාටනම් හොද වංගුවක් ගත්තොත් ජපානේ තමා නවතින්නේ.
    ගැස්සීම වැඩී


    ඇයි බන් මේවගෙත් ගුරුත්ව කෙන්දරේ උඩ වැඩියි ද?:nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    දැන් එලකිරියෙ හිට් වුන වාහනෙ නිසාන් ලීෆ්.. ඒකක් ගනින්. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි බන් මේවගෙත් ගුරුත්ව කෙන්දරේ උඩ වැඩියි ද?:nerd:
    ම්ම්ම්ම්ම්... ගුරුත්ව කේන්ද්‍රය කොහොමත් උස වෙනවනේ වීල් සයිස් එකට අනුව කාර් එකකට සාපේක්ශව. වැඩේ තියෙන්නේ වාහනේ බැලන්ස් නෑ මචන්... ක්ලයිම්බින් ඈන්ගල් එකනම් පාර නොපෙන්නෙන්න ඕකේ ඇදලා තියෙනවා මම. (ගොලු බෙල්ලා වගේ පිකප් එක උනාට හිමිනි හිමින් ගහක් ගලක් දිගේ හරි යනවා ඔහොම තිබ්බට.. ඕනේ ගහක් ගලක් මඩක දාන්න පුලුවන්. හැබැයි පිකප්නම් චූ බාල්දි 8යි කක්කා බාල්දි 9යි) එතකොට අව්ලක් නම් උනේ නෑ. හැබැයි හයියෙන් වංගුවක් ගත්තොත්.. වැඩිය ඕනේ නෑ මචන් 60ටත් ඇති අනිවා කූරියා ගහනවා වට දෙක තුනක්.. ඔය පෑලියගොඩ හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ගාවින් ආයේම බන් නුවර පැත්තට එක්සිට් එකක් තියෙන්නේ පල්ලම එක්ක. අර දකුනට හරවලා පාලම යටින් යන්නේ.(අර චීන ඩක්කු ශෝරූම් එක පේන දුරින් ) අන්න එතන පෙරලෙන්නම ගියා මචන් අනික් වාහන වල පුරුද්දට කපලා
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Rush eka ladies version ekakne bang.. Paaguwata yanna hithannewath naha engine eka patta saddai. Dont know about shuttle, Me too planing to buy one.