ෆිට් ශටල් එකක් පැදලත් නෑ දන්න එකෙක් ගාවත් නෑ
ඒ නිසා රශ් එක ගැන සහ ටෙරියොස් එක ගැන කියන්නම්, 100% ට 100% අද්දැකීමෙනි
රශ් එක ටූ වීල් ඩ්‍රයිව්, ඉලෙක්ට්‍රික් ස්ටීරින්, සීවීටී ගියර්බොක්ස්... ටෙරියස් එක නෝමල් ඔටෝ ගියර් ෆෝ වීල් ඩ්‍රයිඩ් (ඩ්‍රිෆ්ට් ලොක් එකක් ඇත ) හයිඩ්‍රොලික් ස්ටීරින්
රශ් සහ ටෙරියොස් එකේ වාසි -
පිටිපස්සේ සීට් දෙක නැමුවහම හොද ඉඩක් තියෙනවා බඩු දාන්න
වීල් සයිස් එක ලොකු නිසා හොද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා
ටෙරියෝස් එක ඔරිජිනල් ජපන් නිසා නියමම බිල්ට් කොලිටි එකක් තියෙනවා
රශ් එක හැර ටෙරියොස් එකේ 4x4 දැම්මහම හදට උනත් ගිහෑකි
අම්මයි තාත්තයි ලමයි දෙන්නයි/ තුන්දෙනයි ඉන්න ෆැමිලි එකකට මරු වාහනේ
රශ් සහ ටෙරියොස් එකේ අවාසි -
පිකප් එක ගූ 70යි... ෆුට් බයිසිකලේක ඉස්සර කලෑකි පාගලා
ටෙරියොස් තෙල් කිරිල්ල නිල්... ඇවරේජ් (ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ) කොලඹ අවට ලීටරේට කිලෝමීටර 7.5යි(tested)...දුරට උපරිම 8-8.5ක් කරයි(tested). ඔය ගාන පත ප්‍රාඩෝ 120ත් කරනවා. රශ් එක ඕනේනම් 9ක් කරයි (රශ් එකේ ටෙස් කර නැත )
පවර් ටු වෙයිට් රේශියෝ එක කුජීතයි ලැජ්ජයි අදමයි
40න් 50න් එහාටනම් හොද වංගුවක් ගත්තොත් ජපානේ තමා නවතින්නේ.
ගැස්සීම වැඩී
දුරට වාහනේ ලස්සන උනාට වෙන හොද කාර් එකක් ගාව නැවැත්තුවොත් ගූ 70යි
පිටිපස්සෙන් පෙනුම පට්ටම චාටර් (මේක පේන්න වෙන වාහන එක්ක නවත්තන්න ඕනේ )
ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් කියල නාමයක් ගෑවිලාවත් නෑ. කරත්තයක් දක්කනවා වගේ තමා
රශ් එකට වඩා ටෙරියොස් එකේ වාසි-
සීවීටී කචල් නෝවීම
පොඩි උනත් ෆෝවීල් දාගත්තොත් හදට හරි යන්න පුලුවන් වීම
පර්මිට් ආපු වාහන නිසා ජපානේ හමගහන ලද ලදරමක් නොවීම
ටෙරියොස් එකට වඩා රශ් එකේ වාසිය-
සීවීටී සහ ටූ වීල් නිසා තෙල් කිරිල්ල ටෙරියොස් එකට වඩා වැඩි වීම