kiyanna wena deyak aththema nadda ?nathnam hulan gihin da?hmmmm

සුද්ද බෝකරපු...අපි වවාගත්තු...වසංගතය.
හිගන්නාගේ තුවාලය වගේ තිබුණ ලංකාවෙ යුද්ධය අවසන් වී මාස 8ක් ගතවන්නටත් පළමුව
යුධ ජයග්‍රහණ හමුවේ එකට සිටි රටක් අද තම අසල්වැසියා සමගම කාකොටා ගන්නවා.
මේකට හේතුව..ත්‍රස්තවාදී උවදුරක් ද?...ආගම විනාශ කිරීමද?...සිද්ධස්ථාන මංකොල්ලකෑමද?
නැත. තමුන් රුචි කරන දේශපාලන මත දෙකක් පමණි.
මේ අවි එසවූයේ සිංහලයෙක් තවත් සිංහලයෙකුට එරෙහිවයි.ලක්වැසියෙක් තවත් ලක්වැසියෙකුට එරෙහිවයි. මෙම බේද භින්න වීම අවැසි වූයේ ලක්දිව වීරෝධාර සිහලුන්ගේ එකමුතුකම හිසරදයක් වූ බටහිර ජාතීන්ට ම යි. ඔවුන් ට මේව දකිද්දි රජ මගුල්....
උන් මේ ඡන්ද ක්‍රම හදුන්වා දුන්නෙ...ආසියාවෙ සමගිය කඩන්න. ඉන්දියාව...පකිස්තානය...ලංකාව...අද මේ හොරිකඩ දේශපාලනේ නිසා එකාට එකා මරාගන්නවා.
අනේ අපොයි...හොදටම එකමුතුව සිටි පරණ යාලුමිත්‍රයන් එළකිරි එකේ මරා ගන්න හැටි...එකම හේතුව දේශපාලන මත දෙකක් පමණ යි.
එය කොයිතරම් බරපතලදැයි කිවහොත්...කොයි තරම් දූෂණ කළ, මැරකම් කළ දේශපාලනඥයා වුවත් තම උපන් පක්ෂය එය බැවින් ඔහුව දිනවන්නටමයි බලන්නෙ. ඉතින් කොහොමද මෙ රට අපි ගොඩගන්නෙ.
මට කියන්න තියෙන්නෙ එක දෙයයි.
කරුණාකර සිහිය උපදවා ගනිල්ලා...ඔය උඹලගෙ ඇගේ දුවන්නෙ වීරෝධාර සිංහලයින්ගෙ සහ එදා සිංහලයින්ට උදව් කරපු අනිත් ලාංකීය ජාතීන්ගෙ විනාශයේ පිළිලය වන සුද්ද බෝ කරපු වසංගතය යි.
අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ පාලකයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය සමග දීග ගිය කලු සුද්දන්ගේ මනාප ක්රමයේ විෂබීජය නිසා, රෝගාතුර වූ ලක්වැසියා...එදා පිරිබාහරන් මරාදැමූ මොහොතේ උත්සව පවත්වමින් සතුටුව කිරිබත් කැවූ එකාගේ පිටටම පොලු පහර දෙන්නට තරම් අද අසාධ්‍යව සිටී. ඡන්දකාලෙට උඩුදුවන මේ භයානක රෝගය ගැන දන්නා අධිරාජ්‍යවාදීන්...එදා සිංහලයාගේ ජය ඝෝෂා හමුවේ බිය නොවන්නට ඇත. ඒ කිමද...එක මැතිවරණයකින් එය විසුනු වන බව දන්නා නිසා ය. අද ඔවුන්...පොප්කෝන් වළදමින් ග්ලැඩියේටර් බලන්නාක් මෙන්...සිලෝන්ටා තේ බොමින් අපේ මිනිසුන්ගේ නොමිනිස් කා කොටාගැනීම් දෙස බලමින් 'lol' වනවා නියත යි.
අපිට අමතක උනාට
මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
බ්‍රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
ඊළාම් යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අපිට අමතක උනාට
හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
අයියණ්ඩි
![]()
පසු ලිවීම
පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලංකාදීපය තුළ සදහන් වූයේ මෙසේ ය. පක්ෂයකට පක්ෂයක් කළ දේ අමතක කරමු. මෙහි සමස්ථ ප්‍රතිපලය පමණක් සැලකිල්ලට ගනිමු. අපි අපේම උන් එක්ක නේද මේ මරාගන්නෙ. මෙන්න මේකයි අපේ රටේ තියෙන භයානක ම යුද්ධය. දැන් නවත්තන්න ඕන මේ පවිටු යුද්ධය යි.
(යුනිකෝඩ් නොපෙනෙනවනං කණගාටුයි. ඩිසයින් කරන්න විදියක් නෑ. හැකි අයෙක් සිටී නම් කරල දාන්න. ලොකු පිනක්.)
ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා). ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ. යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්‍රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ
.කතාකරල වැඩක් නෑ අපේ සමහර මිනිස්සු ගැන...
හැබැයි ඉතින් ප්‍රබාකරන් කොච්චර පාදඩ මිනිහෙක් වුනත් ඒ යකා කියපු එකක් ඇත්ත. ''සි0හලයට හැම දේම සතියෙන් අමතකයි''.







මේ
"අමනකං
තියෙනකං
ගොන්කං
දකිනකං
මේ කං
දෙක ඇරං
පතන්නං
දියසෙං"
අපි අපිම හැදෙනව ඇරෙන්න
දියසෙන්ල එනකං
දේශපාලකයෙක් රට හදනං
ඉදිමෙන් සිදුවෙන
කෙංගෙඩියක් නෑ
දැන් රට රැකගත් කොල්ලො
බලු වෙලා.
වැදගත් විස්තරයක් සහෝදරයා.
![]()


එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,
වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +
එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,
වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +




