Ultimate Spinner Professional ( සීමා සහිතයි!!)

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Ultimate Spinner Professional ( සීමා සහිතයි!!)

    Ultimate Spinner Professional Edition
    ( Limited Licenses )




    Ultimate_Spinner_Pro_Review_e1412151294307.png



    අලුත් අවුරුද්දට ඉංග්‍රීසි භාෂාවෙන් අලුත් Web site එකක් පටන් ගන්න ඉන්න යාලුවන්ට මම දෙන ඊලග Software එක තමයි මේ.
    හොදයි. කොහොමද මේක ඔයාලට උදවු වෙන්නේ.??

    සමහර අයට ප්‍රශ්නයක් ඇති මේක මොකද්ද කියලා. ඔයාලා English වලින් සයිට් එකක් කරද්දී ඔයාලට එන මූලික ගැටලුවක් තමයි කොහොමද English වලින් පෝස්ට් හදාගන්නේ කියන එක.

    පෝස්ට් ලියද්දී හොදට English පුලුවන් අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලට පුලුවන් පෝස්ට් ලියගන්න තමන්ට ඕන විදියට. කඩ්ඩ පුලුවන් නිසා.
    ඒත් පොඩ්ඩක් English පුලුවන් අය මොකද කරන්නේ?
    සල්ලි තියන කෙනෙක් නම් තවත් කෙනෙක්ට කියලා Post ලියව ගන්නවා. තවත් සමහර අය තව කෙනෙක්ගෙ සයිට් එකකින් Post එකක් කොපි කරලා ටිකක් වෙනස් කරලා දානවා.

    අන්න ඒ අරගන්න Post එක වුනත් හොද විදියට හදාගන්න පුලුවන්, 100% Unique කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකට අපි නමක් කියනවා Article Spinner කියලා.

    එහෙම සොෆ්ට්වෙයාර් එකක් තමයි මම අද දෙන්නේ ඔයාලට. මේ සොෆ්ට් එකේ වටිනාකම 27$ක්. ඒ වුනත් මම මේ සොෆ්ට් එක ඔයාලට දෙන්නේ නොමිලේ.



    මේ සොෆ්ට්වෙයාර් එක මම මම පාවිච්චි කරේ මීට අවුරුදු 2කට කලින්. හරියටම 2015 දී. මම මගේ Viral News සයිට් එක පටන් ගත්තු මුල් කාලෙදී ඒකට ඕන කරන පෝස්ට් ඉක්මනින් හදාගන්න ලේසි නිසයි මේක ගත්තේ. අනිත් සයිට් 3ටම පෝස්ට් ගන්නේ Contentmart කියන සයිට් එකෙන්.
    ඔයාලට පුලුවන් මේ ටූල් එක පාවිච්චි කරලා ඔයාලට ඕන කරන Unique බ්ලොග් පෝස්ට් හදගන්න.

    ඒ වගේම ඇඩ්සෙන්ස් වලට Apply කරන්න. මේක ගොඩ යන්න ඕන කරන අයට මම දෙන වටිනා එකක් කිවුවොත් හරියටම හරි. ඇඩ්සෙන්ස් කරන්න පටන් ගන්න අයට එන මූලික ගැටලුවක් තමයි කොහොමද ඔරිජිනල් පෝස්ට් හදාගන්නේ කියලා.
    ඒකට විසඳුම මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබාගන්න පුලුවනි.

    තවත් උපදෙසක් දෙන්නම් මේ ගැන. ඔයාලා යම් අදායමක් ලබන අතරේම ඔයාලගේ තියන ඉංග්‍රීසි දැනුම තව තවත් වැඩි කරගන්න . මහන්සි වෙන්න ඒ වෙනුවෙන්.
    ඉංග්‍රීසි knowledge එක නැති නම් මේ දේවල් කරන්න යන්න කලින් ඉංග්‍රීසි හදාගෙන ඉන්න. ඉංග්‍රීසි බැරි නම් ලැජ්ජා නොවී Class එකකට හරි යන්න. මම නම් Class ගියේ නැහැ. ඒක හදාගත්තෙත් මගේම ක්‍රමයකට තමයි.
    අන්තර්ජාලයේ ඕන තරම් දැනුම තියනවානේ යාලුවනේ.

    මොකද මමත් මේ දේවල් ඉගෙන ගත්තේ Net එකෙන්ම තමයි. ඒත් අන්තර්ජාලය තුල දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාශාවෙන්.
    ඔයාලාට පොඩියට හරි තනියම ඉංග්‍රීසියෙන් ලියුමක් ලියාගන්න පුලුවන්
    තරමට භාෂාව වැඩි දියුණු කරගන්න.
    එහෙම කරොත් ඔයාලටම තේරේවි අන්තර්ජාලය කියන්නේ Internet Marketing වලට සමාන පදයක් නේද කියලාත්. එහෙම වුනාම ඔයාලට ලංකාවේ ඉන්න E Money හොරුන්ට
    අහුවෙන්න ඕනත් නැහැ. ස්වශක්තියෙන් නැගිටින්න පුලුවන් වේවි.!


    අමතර යමක්..
    සමහර අයට මේව මෙහෙම දීලත් කරගන්න බැහැ. හේතුව උනන්දුවෙන් උත්සාහයෙන් දියුනු වෙනවාට වඩා ඒ අය හිතන්නේ ක්ෂනික ලාභ, ක්ෂනික මුදල් උපයන්න පුලුවන් ක්‍රම ගැන විතරයි. ඉතින් එයාලට මේක ගැලපෙන්නේ නැහැ. එහෙම ක්ෂනික මුදල් උපයන්න පුලුවන් නම් මම අවුරුදු 6ක් කට්ට කන්නේ නැහැ මෙතනට එන්න.
    මේ දේ කරන්න මහ මොලකාරයෙක් නොවුනාට කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ උනන්දුව, උත්සාහය සහ මේ වෙනුවෙන් අප්‍රමාන කැපවීම විතරයි.

    මේ තුන තියනවා නම් කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැහැ. මමත් එක පාරටම මෙතනට අවේ නැහැ යාලුවනේ. මම පටන් ගත්තේ 0 තමයි. හැබැයි එක අරමුනක් තිබුනා මට. ඒ මම මෙන්න මේ කාලය ඇතුලත එතනට එනවා කියන එක.
    කාගෙන්වත් උදවු මට ලැබුනේ නැහැ. කට්ට කෑවා ඇති වෙන්න මේ දේවල් තනියම හොයාගන්න. මුලදී ඇඩුවේ නැති එක විතරයි. ඒ තරම් ලොකු උත්සාහයක් මම මේ වෙනුවෙන් යෙදුවා. ඒත් ඒ හැම දේටම හරියන්න අද මම මෙතන ඉන්නවා.

    මුලින්ම මම කරපු එකම දේ මාස 7ක් 8ක් හොදට මේ Internet Marketing ගැන කරුනු එකතු කලා. හැම පැත්තක් ගැනම. ඇති වෙන්න Blog Post, PDF කියෙවුවා. තනියම ඉගෙන ගන්න එක, ඒ වෙනුවෙන් මහන්සි වෙද්දී කොයි තරම් හිතට වදිනවද කියන එක තීරනය වෙන්නේ අපේ හිතෙ තියන උනන්දුව මත. ඒත් කවමදාවත් ලන්කාවේ E Money කියලා තියන හොරු පස්සේ නම් ගියේ නැහැ. ඊට වඩා නිකන් ඉන්න එක හොදයි හොරු පස්සෙ ගිහින් අතේ තියන තුට්ටු දෙකට කෙලවගන්නවාට වඩා.
    තනියම ඉගෙන ගන්න. ඒක හිතටත් හොදයි. ඒ වෙනුවෙන් වෙන් කරන කාලය කවදාවත් අපතේ යන්නේ නැහැ.
    ඉතින් මේ හැම දේම ඔයාලට කිවුවේ පොඩි හයියක් හිතට එන්න ඕන නිසා. මම මුලදීම කිවුවනේ යාලුවනේ. උත්සාහයේන් කැපවීමෙන් වැඩ කරපු නිසායි අද මම මෙතන ඉන්නේ. ඒ තැනට තව 100ක් වත් එනවානම් ඒක තමයි මගේ එකම අරමුන දැන්.:yes:

    ඒ වෙනුවෙන් මහන්සි වෙන ඕන කෙනෙක්ට මම උදවු කරනවා. මට කියලාත් මහ වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ මේ පැත්තේ එන්න. මේ දවස් වල නිවාඩු නිසා වැඩිපුර මේ පැත්තේ එන්න චාන්ස් එක ලැබෙනවා. ඒත් උනන්දුවෙන් මේ දේ කරනවාමයි කියලා හිතන අයට මම කැමතියි.

    ඒ වගේම මම ඒ අයට උදවු කරනවා. ගොඩාක් PM ආවා පහුගිය දවස් ටිකට, ඒ හැම එකකටම උදවු කලා. ඒ විදියටම උදවු කරලා ඒ අයගෙන් කීප දෙනෙක් හරි ඉහලටම එනවා නම් ඒක මගේ හිතට සතුටක්.

    ඉතින් මට මේ ගැන පිටු ගනන් වුනත් ලියන්න පුලුවන්. ඇඩ්සෙන්ස් වලට බහින්න බය වෙන්න එපා. අසාර්ථක වෙනවා තමයි අපි කවුරුත් සමහ වෙලාවල්වලදී. ඒත් කවදාවත් පසු බට වෙන්න එපා. උත්සාහ කරන්න දිගටම. එතකොට ඔයා සාර්ථක මිනිහෙක් වෙන දවස වැඩි ඈතක තියෙන එකක් නැහැ.


    නැවතත් ත්‍රෙඩ් එකට...
    කතාවෙන් කතාව පෝස්ට් එක දිග වැඩි වුනා.
    මම මේ දෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එකේ Professional Edition එක. ඒ කියන්නේ Software
    එක+ License.
    ඉතින් පාවිච්චි කරන්න. වීඩියෝ ටික බලලා කරන විදිය ගැන අවබෝධය ලබාගන්න.


    මේක Online Software එකක්. ඒ වගේම Software එක Run කරවන්න Internet Connect එක තියෙන්න ඕන වැඩ කරගන්න වෙලාවට. :yes:

    මෙතනින් Vendor Site යන්න.
    Link0

    මෙතනින් USP Software Download කරගන්න.
    Link1
    ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වුනාට පස්සේ ඉන්ස්ටෝල් කරලා මට එකක් දාන්න.
    ලයිසන්ස් Limit එකට ආවට පස්සෙ එතන ඉදන් අලුතින් ඉන්ස්ටෝල් කරත් වැඩ කරන එකක් නැහැ.
    :rolleyes:


    Bonus ටික
    මෙතනින් Download කරගන්න.;)

    The 10-Step On Page SEO Checklist Training.

    ($27 Value)
    Link3

    My Content Syndication System Training
    ($27 Value)
    Link4




    මේ ලබාදෙන Software එකේ License Entries සීමා සහිත බව හේතුවෙන් අවශ්‍යම කීප දෙනෙක්ට පමනක් ලබා දෙන්න පුලුවන් බව කාරුනිකව සලකන්න.!:dull:

    Licenses සීමා සහිත බව හේතුවෙන්ම යම් අවස්ථාවකදී මට මේක දෙන එක නතර කරන්න වේවි. සමහර විට 10 දෙනෙකුට වත් දෙන්න පුලුවන් කමක් තියේවිද දන්නෙත් නැහැ. මොනවා වුනත් මම මේ සොෆ්වෙයාර් එකේ Keys අවසන් වුනොත් ඒ වෙනුවට වෙනත් Free Tool එකක් විදියට තවත් Online Free Tool එකක් මෙතන සදහන් කරනවා.:yes::yes:

    ඒකට ලින්ක් එක මෙතනින්:yes:



    බොහෝම ස්තූතියි හැමෝටම.

    හොඳයි කියලා හිතෙනවානම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙවි කියලා හිතෙනවා නම් Bump එකක් දාගෙන යන්න. :yes::yes:

    Serial Keys Limit Exceeded. New keys available on after six months!
     
    Last edited by a moderator:

    supunkavi

    Banned
    Jan 2, 2017
    16
    9
    0
    Machan math download karala install kara, recipt number ekata mokadda denna one. mama pm ekak damma. Thanks a lot friend
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    puluwnnan denna machan
    mage parana website tika apahu goda daganna kiyaa baluwe uba dena software walin. :)
    11.gif
     
    Last edited:
    Status
    Not open for further replies.