UNP jilmart athe paththu wei ranja ge katin okkoma eliyata

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    "මෙහෙට තුනයි, එහෙට දෙකයි" රටම බලා සිටින අධිකරණ තීන්දුව රංජන් කලින්ම කියයි, අධිකරණ රහසක් රංජන් දැන ගත්තේ කොහොමද ?

    ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නැවත විභාගයට ගැනීම එළබෙන හත් වෙනිදා සිදු කිරීමට නියමිතය.

    පසුගිය දින පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන සංවාදයක් අතරතුර මෙම නඩු තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක පැවසු අදහසක් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. එහිදි රංජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසූවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් බවට පත්වෙන බවයි. එසේ වුවද එයින් විනිසුරුවරුන් තිදෙනෙක් සහ දෙදෙනෙක් බැගින් වෙනස් මත දරන නිසා තීරණය වෙනස් නොවනු ඇති බවටද රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

    එහිදි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ

    "ඒ ත්‍රී බෙන්ච් අධිකරණයෙන් වාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා ඒක පහට යනවා, පහට ගියත් තුනක් මෙහෙට දෙකක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවිය කියා" යනුවෙනි.

    කෙසේ වෙතත් මෙලෙස විභාග වෙමින් පවතින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පිළිබඳව රංජන් රාමනායක මන්ත්‍රීවරයා පුරෝකථනය කිරීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. සමාජජාලා මාධ්‍යයන්ගේද රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය දැඩිව කතාබහට ලක්ව තිබූ අතර බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රංජන් මන්ත්‍රීවරයා කලින්ම දැන ගත්තේ කෙසේද යන්නයි.

    මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති විශ්වාසය දැඩිව පලුදු විය හැකි බවයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ

    "ඒ විනිසුරු මඩූල්ලේ පස්දෙනාගෙන් තුන්දෙනෙක් එක්සත් ජාතික පක්ෂය පැත්තට තීන්දුව දෙනවා කියලා එජාපය කලින් කියන්නේ කොහොමද ? රංජන්ගේ මෙම ප්‍රකාශයත් සමග අද සමාජජාලා කැළඹිලා තියෙනවා. සමාජජාලා තුල ඉතිහාසයේ නොවු විරූ අයුරින් විනිසුරුවරුන් පිළිබඳව සංවාදයක් ඇතිවෙලා තියෙනවා. විනිසුරුවරුන්ගේ ආගමික විශ්වාස, දරුවන්ට රැකියා ලැබුනු අයුරු, විවාහ සම්බන්ධතා පිළිබඳ අද සමාජජාලාවල සංවාදයට ලක්වෙලා තියෙනවා. මේ පසුබිම තුල මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා පූර්ණ විනිසුරු මඩුල්ලකින් මෙම නඩුව විභාගයට ගන්න කියලා" යනුවෙනි.

    Neth FM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    රනිල් මන්ත්‍රීවරුන්ට කට පරෙස්සම්කරගන්නැයි කියයි


    ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළුම මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඉකුත් දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එය අවධාරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂය නිවේදනය කළේ. විෂයානුබද්ධ කරුණු පිළිබදව අදහස් දැක්වීමේදී වගකීමකින් සහ දැනුවත්භාවයෙන් යුතුව අදහස් දැක්වීම සිදුකළ යුතු බවද එක්සත් ජාතික පක්‍ෂ නායකයා අවධාරණය කර තිබෙනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රංජන් කියන ඒවා ගණන්ගන්න එපාය කියලා මේකේ ත්‍රෙඩ් කීයක් නම් යනවද..
    ඒක නිසා අධිකරණයේ ස්වාධීනත්වයට රනජන්ගේ ටෝක්ස් බලපාන්නේ නෑනේ...
    එයාගේ අදහස් ඔක්කොම එකතු කරලා රංජන්ගේ ඊළඟ නඩු දිනේ උසාවියට වාර්තා කරන එකයි තියෙන්නේ :yes: