UNP ~ Loketama Ekai

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එජාපය ලෝකෙටම එකයි!​


    එක පැත්තකින් බලන විට ලංකාව යනූ ආශ්චර්යවත් රටකි. ලංකාවේ සිදුවන යූදමය හා දේශපාලනමය ක්*රියාදාමයන් දෙස බලන විට මගේ සිහියට නැගෙන්නේ කාල්මාක්ස් වරක් ප්*රංශය ගැන කියූ කථාවකි. කාල්මාක්ස්ට අනූව ප්*රංශය යනූ එකල යූරෝපයේ පැවැති අද්විතීය රටකි. ඒ මන්දයත් පන්ති සටන අවසන් ලේ බිංදුව දක්වාම සිදු කෙරෙන යූරෝපීය සටන් බිම ප්*රංශය වූ නිසාය. අපගේ සිංහල පොදුජන විඥානය තුළ ලංකාවටද ලෝකයේ සූවිශේෂී තැනක් ආරූඪ වී තිබිණි. මා කුඩා කල සිටම මේ සම්බන්ධයෙන් නොයෙක් වදන් අසා ඇත. ලෝකයටම නැති එහෙමත් නැත්නම් ආසියාවටම නැති කුමක් හෝ දෙයක් ලංකාවේ තිබෙනවා යැයි කීමට සිංහල හූදී ජනයා තුළ තිබූණේ පූදුමාකාර කැමැත්තකි. කන්තලේ සීනි කම්හල ආසියාවේ ලොකුම සීනි කම්හල විය. මා කොළඹ ආනන්ද විද්*යාලයේ ඉගෙන ගන්නා කල මගේ පන්තිය තිබූ කලා අංශයේ ගොඩනැඟිල්ලට යාබදව තවත් යම්කිසි ඉදිකිරීමකට විශාල අන්තිවාරමක් දමා තිබෙණූ පෙනෙන්නට තිබිණි. උසස් පෙළ හැදෑරීමට ආනන්ද විද්*යාලයට ඇතුළු වූ මම ඒ කුමක්දැයි ඇසූ විට එකල සිටි සිසූන් පවසන ලද්දේ ඒ අත්තිවාරම පිහිනූම් තටාකයකට බවත් එය ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය වන බවයි. මෙය සත්*යයක් නම් ආනන්ද විද්*යාලයීය පිහිනූම් තටාකයේ පිහිනන සියලුම දෙනා ආසියාවේ ලොකුම පිහිනූම් තටාකයේ පිහිනනවා විය යූතුය. මේ ආකාරයට "ලොකුම", "දිගම", "උසම", "වැඩිම" වැනි දේවල් කියමින් ලංකාවේ ඇති දෙයට යම්කිසි සූවිශේෂත්වයක් ආරූඪ කිරීමට අප රටෙි මිනිසූන් තුළ කවදත් කැමැත්තක් තිබිණි. බොහෝ කලක් යනතුරු මම මේ ප්*රවනතාවට සැලකුවේ අවඥාවෙනි, මහදැනමූත්තාගේ ගොන් පාටි එකක් හැටියටය.


    1980 ගණන් වලදී මේ "වැඩිම", "දිගම" පිස්සූව ඉහවහා ගොස් ගිනස් වාර්තා තැබීමේ වියරුවක් ද මූළු රට පූරාම ව්*යාප්ත වී ගියේය. වැඩිම වෙලාවක් තනි කකුලෙන් හිටගෙන හිටපූ කෙනා, වැඩිම වෙලාවක් නටපූ කෙනා යනාදී වශයෙන් ලෝක වාර්තා තැබීමට මේ රටෙි තරුණයෝ එකිනෙකා සමග පොරකෑහ. එකල මට මෙය පෙනූනේ පිස්සූවක් හැටියටය. නමූත් කල්ගත වීමත් සමගම ලංකාව බොරුවට නොව සැබවින්ම ලෝක වාර්තා තැබීමට පටන් ගත්තේය. ලංකාවට සැබෑ සූවිශේෂත්වයක් ආරූඪවීමට පටන් ගත්තේ කුඩා පරිමානයෙනි. 1989 ජනතා විමූක්ති පෙරමූණේ කැරැල්ල රාජ්*ය බලය අල්ලා ගැනීම සඳහා මාක්ස්වාදී සංවිධානයක් විසින් දියත් කරන ලද අමූතුම ආකාරයේ කැරැල්ලක් විය. එය අපට හූරු "විප්ලව ආකෘති" වලින් පිට පැනපූ අලුත්ම ක්*රමයක් විය. එම කැරැල්ල මර්දනය කිරීමට රජය විසින් යොදන උපක්*රම ද ඒ හා සමානවම අමූතු විය. නමූත් ජ.වි.පෙ. දෙවන කැරැල්ලේ ඇති සූවිශේෂත්වය හඳුනන්නේ මාක්ස්වාදී සම්ප්*රදායකින් එන අය පමණි. සෙසූ උදවියට එය නිකන්ම නිකන් මිනී මරාගැනීම් වැලැක් හැටියට පමණක් පෙනෙනූ ඇත. එසේ නමූත් මෙයද ලංකාවටම පමණක් සූවිශේෂ වූ දෙයක් විය.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඉන් පසූව ලංකාවට ලෝකය පූරාම සූවිශේෂ බවක් ආරූඪ වූ දෙවන කාරණය වන්නේ දෙමළ ඊළාම් විමූක්ති කොටි සංවිධානයයි. 1990 ගණන් අවසන් වන විට කොටි සංවිධානය සැබැවින්ම ලෝකයේ පවතින දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ජාත්*යන්තර මටිටමින් හඳුනාගෙන තිබිණි. මෙය "ලෝකයේ ලොකුම සීනි කම්හල" එසේ නැතිනම් "ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය" වැනි ගොන් පාටි එකක් නොව, ඇමරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වැනි ලෝකයේම පිළිගැනීමක් ඇති ආයතන විසින් නිල වශයෙන්ම පිළිගෙන ඇති දෙයකි. ඇමරිකාවට සාමාන්*යයෙන් පෙනෙන්නේ තමන්ට ඇති තර්ජන පමණි. කොටි සංවිධානයෙන් ඔවූන්ට කිසිදු තර්ජනයක් නැත. ඔවූන්ට තර්ජනයක් ඇත්තේ අල්කයිඩා සංවිධානයෙනි. ඇමරිකාව විසින් තමන්ට අභියෝග එල්ල කරන අල්කයිඩා සංවිධානය ද දෙවන තැනට දමා කොටි සංවිධානයට ලෝකයේ පළමූවන ස්ථානය ප්*රදානය කිරීම ඇත්ත වශයෙන්ම මෙම සංවිධානයට දක්වන ලද උපහාරයක් හැටියටද සැලකිය හැකිය. මේ ගැන මෙනෙහි කරමින් ලෝකයේ දරුණූම ත්*රස්තවාදියාත් "අපේ එකෙක්" යැයි සිතා සිංහල හූදී ජනයන්ට උද්දාමයට පත් විය හැකිය. ඉන් පසූව මතුවූ තත්ත්වය වූයේ මේ දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ලොව පූරා පිළිගැනීමක් ලැබූ සංවිධානයට පහර පිට පහර කෑමට සිදු වීමය. ඉන් පසූව තවත් සූවිශේෂ පූද්ගලයන් ගණනාවක්ම බිහිවිය. ලෝකය පූරාම ත්*රස්තවාදයට එරෙහිව සටන් කර දිනමින් සිටින එකම රාජ්*ය නායකයා බවට මහින්ද රාජපකෂ මහතා පත්විය. එය ද ලෝකයේ දේශපාලන විචාරකයන් ලිඛිතවම පිළිගෙන තිබෙන දෙයකි. ඉන්දියාවේ හිටපූ ආරකෂක උපදේශක නාරායන් මහතා ආරකෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ලෝකයේ සිටින හොඳම හමූදාපති සිටින්නේ ද ලංකාවේ බවයි. දැන් කොටි සංවිධානයේ අවසාන පාලන ප්*රදේශය වටකරගෙන සිටින ශී්*ර ලාංකික හමූදාව අවසන් සටනින් පසූ ලෝකයේ සිටින හමූදාවන් අතර අද්විතීය තැනක් හිමිකර ගනූ ඇත. ඒ මන්දයත් ලෝකයේ දරුණූම ත්*රස්තවාදී සංවිධානයට පහර දුන් හමූදාව ලෝකයේ යූද හමූදාවලින් හොඳම එකක් විය යූතු වීමය.


    මේ ආකාරට එදා කාල්මාක්ස් ප්*රංශය ගැන කී දෙය අද ලංකාවට නිරායාසයෙන්ම ආරූඪ වී ඇත. ලංකාව යනූ ආසියාවේ ප්*රංශයයි. සියලු දේශපාලන ගැටූම් අවසාන තාර්කික ප්*රතිඵලය දක්වාම සිදු කෙරෙන සමාජ විද්*යාත්මක පර්යේෂණාගාරය වන්නේ ලංකාවයි. ත්*රස්තවාදයේ නැගීම සම්බන්ධයෙන් පර්යේෂණාගාරයක තරම්ම ක්*රමානූකූලත්වයක් තිබූණූ අතර, එය මර්දනය කිරීමත් ඒ ආකාරයටම පර්යේෂණාගාරයක් තුළ සිදුවනවා මෙන්ම ක්*රමානූකූලව සිදුවන දෙයකි. ඉදිරියේදී ලෝකයේ යූද උපක්*රම සම්බන්ධයෙන් කථා කරන විට ලංකාව ගැන කථා කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනවා මෙන්ම ලෝක දේශපාලනය ගැන කතා කරන විට ද ලංකාව ගැන අනිවාර්යයෙන්ම සිදුවනූ ඇත.


    ඒ මන්ද යත් ලෝකයේ කොතැනකවත් සිදු නොවන ලංකාවේ පමණක්ම සිදුවන දෙයක් එ.ජා.ප. ය තුළ සිදුවන නිසාය. මෑතක් වනතුරු සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර තිබූණේ ප්*රජාතන්ත්*රවාදී රටවල් 2 ක් පමණි. ඒ ඉන්දියාවත් ලංකාවත්ය. පසූකලෙක ඉන්දුනීසියාව, බංගලිදේශය, තායිලන්තය වැනි වෙනත් රටවල ද ප්*රජාතන්ත්*රවාදය ව්*යාප්ත විය. නමූත් අදටත් ආසියාවේ ඇති පැරණිම ප්*රජාතන්ත්*රවාදී රට වන්නේ ලංකාවයි. අපට මේ ප්*රජාතන්ත්*රවාදී ක්*රමය උරුමකර දුන්නේ මහා බ්*රිතාන්*යයයි. නොබෝ කලකින්ම දියූණූ බටහිර රටවල පවතින ආකාරයේම ද්විපාර්ශ්වික දේශපාලන ක්*රමයක් මේ රට තුළ බිහිවිය. මේ ක්*රමය සෑම අතින්ම පාහේ බටහිර පවත්නා ක්*රමයටම සමාන විය. දේශපාලන පකෂ තුළ සම්ප්*රදායන් ද එක හා සමාන විය.


    අද වන විට මේ දේශපාලන පකෂ ක්*රමය අවූරුදු 60 ක් පමණ ක්*රියාත්මකව ඇති නිසා බටහිර දේශපාලන පකෂ වලින් අපේ රටෙි දේශපාලන පකෂ යම් දැනූමක් උකහා ගන්නා සේම අපේ රටෙි දේශපාලන පකෂවල ක්*රියාකාරකම් තුළින් බටහිර රටවලට ද යම් යම් දේ උකහා ගත හැක. බටහිර වේවා ආසියාව වේවා සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම ඇති පොදු ප්*රශ්නයක් වන්නේ නායකත්වය නමැති සාධකයයි. නායකයන්ට තිබිය යූතු බලතල කුමක් ද ඔවූන්ව පත්කිරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් එම දේශපාලන පකෂයේ තීරණ ගන්නා කමිටූ හා වෙනත් ඒකකයන් වෙත තිබිය යූතු බලතල කුමක්ද, නායකයන් බලඅරගලවල යෙදිය යූත්තේ කුමන අවස්ථාවන් වලද, බලයෙන් ඉවත් විය යූත්තේ කුමන අවස්ථාවන්වලද යන ප්*රශ්න සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම පොදු ඒවාය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    වර්තමානයේ එ.ජා.ප. ය තුළ නායකත්වය පිළිබඳ අර්බූදයක් තිබෙන බව මූළු රටම දනී. ඉකුත් බ්*රහස්පතින්දා එ.ජා.ප. මූලස්ථානයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම්, රැස්වීම තුළ මේ සම්බන්ධයෙන් උණූසූම් කතාබහක් ඇතිවූ බවට පූවත්පත්වල ප්*රධාන සිරස්තලය වශයෙන් පළ විය. මෙය එ.ජා.ප. යට අමූතු දෙයක් නොවේ. පසූගිය දශකය තුළ මෙවන් තත්ත්වයන් විටින් විට පැනනැගී ඇත. 1999 පටන් 2000, 2001, 2004, 2006, 2008 සබරගමූව හා උතුරු මැද පළාත් සභා වලින් පසූවත් දැන් මධ්*යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසූවත් මෙවැනි තත්ත්වයන් පැනනැගී ඇත. සෑම මැතිවරණ පරාජයකින් පසූවම රනිල් වික්*රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා කැරැල්ලක් හටගනී. නමූත් ටික කලකට පසූ


    කැරැල්ල යටපත් වෙයි. රනිල් දිගටම නායකත්වයේ සිටී. ප්*රජාතන්ත්*රවාදී ලෝකයේ මෙතරම් අභ්*යන්තර පකෂ කැරලි ගණනකට මූහූණ දුන් වෙනත් පකෂ නායකයෙක් ගැන මම නම් කොතැනකදීවත් අසා නැත. ඉකුත් බ්*රහස්පතින්දා ද එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ කැරැල්ලක් හටගෙන ඇත. එයට එ.ජා.ප. යේ සියලුම පූද්ගලයන් සහභාගි වී ඇත. පකෂ නායකයා විවේචනය කරමින් කතා කළ මන්තී්*රවරුන් අතර එස්. බී. දිසානායක, සජිත් ප්*රේමදාස, රුක්මන් සේනානායක, ජොන්ස්ටන් ප්*රනාන්දු, දයාසිරි ජයසේකර, ලකෂ්මන් සෙනවිරත්න, තලතා අතුකෝරල, කබීර් හෂීම් ඇතුළු තවත් අය වූහ. එස්. බී. දිසානායක මහතා රනිල් වික්*රමසිංහ මහතාට පවසා ඇත්තේ "ඔබතුමා ජනතාව අතර කිචවෙලා ඉන්නෙ" යනූවෙනි. සජිත් ප්*රේමදාස මහතා දීර්ඝ කථාවක් කරමින් තමූන් මෙතෙක් කල් නායකත්වය ආරකෂා කරන ප්*රතිපත්තියක් මත සිටියද දැන් පකෂය ආරකෂා කළ යූතු අවස්ථාවක් එළඹ ඇති බවද වික්*රමසිංහ මහතා පකෂයේ දුක් විඳින සාමාන්*ය සාමාජිකයන් ගැන සිතා නායකත්වය පිළිබඳ තීන්දුවක් ගත යූතු යැයි පවසා ඇත.


    මේ අතරතුර රනිල් වික්*රමසිංහ මහතාට පකෂව ද වජිර අබේවර්ධන මන්තී්*රවරයා සහ රේණූකා හේරත් මන්තී්*රතුමිය අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක මහතා ද මධ්*යස්ථව අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක ප්*රකාශ කළ එක් අදහසක් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජනය ලබාගැනීමට අවශ්*ය වලංගු ඡන්ද සංඛ්*යාව 12.5% සිට 5% දක්වා අඩූ කිරීමෙන් සාම්ප්*රදායිකව එ.ජා.ප. යට ලැබෙන සූළු ජාතික ඡන්ද වෙනම ජනවාර්ගික පකෂ තුළට ගොනූ වීමෙන් එ.ජා.ප. යට මේ තත්ත්වය උදාවී ඇති බවයි. එම තර්කයේ තර්කානූකූලභාවයක් නැතුවාද නොවේ. අද මූස්ලිම් කොංග්*රසයෙන් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. මනෝ ගනේෂන්ට ලැබෙන්නේද එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. රනිල් වික්*රමසිංහ මහතාට පකෂව අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්තී්*රවරයා ප්*රකාශ කර ඇත්තේ වර්තමානයේ මහින්ද රාජපකෂට පකෂපාතීව ජනරැල්ලක් පවතින බවත් එදා ජේ. ආර්. ජයවර්ධනට පකෂව පැවැති ජන රැල්ලට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි වූවා සේම අද මහින්ද ජනරැල්ලට ද මොන ජගතකුටවත් විරුද්ධ විය නොහැකි බවය. ඔහූ කියා ඇත්තේ සියලු දෙනාම


    ජනරැල්ල ගෙවීයනතුරු කරබාගෙන සිටිය යූතු බවයි. මේ තර්කයේ ද සත්*යයක් ඇති බව ඕනෑම කෙනකුට වැටහේ. ආණ්ඩූවක ආශ්චර්යවත් දේවල් කරනවිට ජනතාව ද එයට ප්*රතිචාර දක්වති. මේ තර්කයන් කුමක් වූවත් එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමේ මෙන්ම සාමාන්*ය පාකෂිකයන් තුළ ද වික්*රමසිංහ මහතා පකෂ නායකත්වයෙන් ඉවත් විය යූතු බවට මතයක් පවතින බව පැහැදිලිය. ඉකුත් වයඹ හා මධ්*යම පළාත් සභා ඡන්ද වලදී එක අපේකෂකයකුවත් තම ප්*රචාරක පෝස්ටර් වල වික්*රමසිංහ මහතාගේ පින්තූරය පාවිච්චි කර නැත. බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ද මේ වන තුරු එක අපේකෂකයකුවත් වික්*රමසිංහ මහතාගේ රූපය පාවිච්චි කොට නැත.


    තත්ත්වය මෙය වූවත් වික්*රමසිංහ මහතා එය තුටිටූවකටවත් ගණන්ගත් බවක් පෙනෙන්නට නැත. ඔහූ බ්*රහස්පතින්දා පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ සජිත් ප්*රේමදාස මහතා සමග ඇතිවූ වචන හූවමාරුවෙන් පැහැදිලිවන එක් කරුණක් වන්නේ ඔහූ පකෂ නායකත්වයේ සිටියදී වෙනත් අපේකෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. එයට අමතරව වත්මන් බස්නාහිර පළාත් සභා ඡන්දයේදී තමූන් ඉදිරියට එන්නේ නැතුව ඡන්ද ව්*යාපාරය කරු ජයසූරිය මහතා ප්*රමූඛ කමිටූවකට පවරා දී ඇත. නමූත් පකෂ නායකත්වය දිගටම පවතින්නේ රනිල් වික්*රමසිංහ මහතාගේ අතේමය. මෙවන් තත්ත්වයක් ලෝකයේ කිසිම දේශපාලන පකෂයක් තුළ නැත. රනිල් වික්*රමසිංහ මහතා එක් පැත්තකින් ඇදහිය යූතු නායකයෙකි. ඔහූ වැන්නෙක් ලෝකයේ වෙන කිසිම දේශපාලන පකෂයක නැත. එ.ජා.ප. ය තුළ සිදුවන මේ ක්*රියාදාමයේ අවසන් තාර්කික ප්*රතිඵලය කුමක් වේ දැයි අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමූ. අප අද එජාපය දෙස බලන විට "ලෝකෙටම එකයි" යන ආදර්ශ පාඨයට නව අරුතක් එක්වේ.
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    sajith? uta UNPya dilama tama balana one raniltath hapan wage mata nam penne ...ranil UNPye inna eka ratata hodai ban :P