UPJ Obstruction Surgery

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    දැන් මාස 8කට විතර කලින් මගේ බඩේ කැක්කුමක් ඇවිත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. අල්ට්‍රා සවුන්ඩ්, සී.ටී ස්කෑන්, එක්ස්‍ රේ ගොඩක් දේවල් කරලා දවස් ගානක් ඩොක්ටර් මෙන්න මේ නිරීක්ෂණ දෙක කිව්වා.

    1) මගේ දකුණු පැත්තේ වකුගඩුවේ මි.මී 10ක් විතර වෙන ගලක් තියෙනවා. ගල තියෙන්නේ වකුගඩුවේ ඔය කුටීර වගේ තියෙන එකක් ඇතුළේ පතුලට වෙන්න නිසා හදිසියේ කලබල වෙලා මොකුත් කරන්න ඕනේ නෑ කීවා. බඩේ වේදනාව ඇවිත් තියෙන්නේ පොඩි එකක් තිබිලා ඒක පාස් වෙලා වගේ කීවා.

    2) ඒ වකුගඩුවේ ඉඳන් මුත්‍රාශයට මුත්‍රා අරන් යන නාලය වකුගඩුවට සම්බන්ධ වෙන තැන හීනී (මේක බොහෝ විට උපතින්ම එන දෙයක් කීවා) UPJ Obstruction (Ureteropelvic junction obstruction) කියලා තමා මේකට කියන මෙඩිකල් ටර්ම් එක. ඔය ‍යට පින්තූර වල තියෙනවා වගේ දකුණු වකුගඩුව ඇතුළ ප්‍රෙෂර් වෙලා ලොකු වෙලා තියෙන්නේ. සී.ටී එකේ හොඳට පේනවා ඒක.

    1633496663812.png
    1633496774598.png


    UPJ Obstruction එක නිසා

    සවුන්ඩ් වේවුස් වලින් ගල කුඩු කරලා පාස් වෙන්න දෙන්න වත්
    මුත්‍රා මාර්ගය දිගේ බටයක් යවලා ඇතුලෙදී ලේසර් වලින් කුඩු කරලා එලියට ගන්නවත්

    බෑ කියලා කිව්වා.

    UPJ Obstruction එක කොච්චර සීරියස්ද කියලා බලන්න මට DTPA Renal Scan එකක් කරන් එන්න කීවා. ඒකෙන් බලන්නේ වකුගඩුවල ඉඳන් මුත්‍රාශයට මුත්‍රා පාස් වෙලා වකුගඩුව හිස් වෙන්න යන වෙලාව. ඒකේ රිසල්ට් බලලා ඩොක්ටර් කීවා මගේ UPJ Obstruction එක ගොඩක් සීරියස් එකක් නෙමේ කියලා තාම. හැබැයි අවුරුද්දකින් බලන්න ඕනේ කීවා අයිත් මේ ටෙස්ට් එකම කරලා. එතකොටත් මේ ගානටම රේට් එක තිබ්බොත් මේක එන්න එන්න අවුල් වෙන්නෙ නැති ශේප් කන්ඩිෂන් එකක් කියල හිතන්න පුලුවන් කීවා. හැබැයි එහෙම නැතුව එන්න එන්න අවුල් වෙනවා නම් මේ පහල තියෙන සර්ජරි එක (Pyeloplasty) කරන්න වෙනවා. මේක මේජර් සර්ජරි එකක්. අඟල් 10 - 12 අතර ලොකු කැපුමක් එනවා වකුගඩුව තියෙන පැත්තේ බඩේ ඉස්සරහ ඉඳන් පිට පැත්තට වෙනකම්. ෆුල් රිකවරි ටයිම් එක මාස 2ක් වගේ. හැබැයි මේකම කරන්න පුලුවන්ලූ ලැපරස්කොපික් (laparoscopic pyeloplasty) විදියට පොඩි කැපුම් 3ක් 4ක් දාලා රොබෝ ආර්ම් වලින්. ලංකාවේ ඒක කරන්න ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ඩොක්ටර්ස්ලා නෑ මම දන්න විදියට. මම බලපු ඩොක්ටර් කරන්නෙත් ඕපන් සර්ජරි එක විතරයි කීවා. laparoscopic pyeloplasty එක කරොත් රිකවරි ටයිම් එක සති 4ක් වගේ සහ ලොකු කැළලක් හිටින්නේ නෑ බඩේ. තව දෙයක් කීවා laparoscopic pyeloplasty එක කරන්න පටන් අරන් ඇතුළේ අවයව තියෙන විදි‍යත් එක්ක කරන්න අමාරුයි කියල තේරුනොත් ඒ වෙලාවෙම ඕපන් සර්ජරි එකට යනවලු. මේ ක්‍රම දෙකම (Open and Laparoscopic) 95% විතර සාර්ථකත්වයක් තියෙන ඔපරේෂන්ලු.

    1633499224073.png


    වකුගඩුවේ ගලේ තත්වය අනුව ඒක අ‍යින් කරන්න වෙනවා නම් කොහොමත් පිට පැත්තෙන් කැපුමක් කරලා වකුගඩුව හිල් කරලා තමා අයින් කරන්න වෙන්නේ කිව්වා. ලබන අවුරුද්දේ ආයි DTPA Renal Scan එක කරාම ඒකේ රිසල්ට් බලලා හරියටම කරන දේ කියන්නම් කීවා. Pyeloplasty එක කරන්න උනොත් රිසල්ට් අනුව ගල අයින් කරන එකත් ඒ ගමන්ම කරනවා කිව්වා. එහෙම නැති උනොත් ගල අයින් කරන එක විතරක් කරනවා කීවා.

    කවුරුහරි කෙනෙක් ඉන්නවද මේවගේ තත්වයක් තිබ්බ? Pyeloplasty එක කරල තියෙන කෙනෙක් විස්තර ටිකක් දැනගන්න