US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම සමහරවෙලාවට US ඉඳන් ලංකාවට බඩු ගෙන්න ගන්නවා සමහරු PM කරලා එහෙම අහලා මම විස්තර ටික කියලා දුන්නා ගොඩක් අය මගෙන් අහන නිසා සම්පූර්ණ විස්තරේ මෙතන දානවා.

    වැඩේ වෙන්නෙ මෙහෙමයි. US වල පැකේජ් ෆෝවඩින් කම්පැනි තියනවා. අපි මෙහෙට ගේන්න ඕන බඩු ටිකට ඔන්ලයින් ඕඩර් කරලා අර ෆෝවඩින් කම්පැනියට යැවුවට පස්සෙ, උන් ඒ බඩු ටික එකට එකතු කරලා ලොකු පෙට්ටියක දාල ලංකාවට එවනවා. නැවේ දාල එවන්නත් පුලුවන් ප්ලේන් එකේ එවන්නත් පුලුවන්. මම ගෙනත් තියෙන්නෙ නැවේ දාල තමයි මොකද එතකොට අපි ගෙවන්නෙ වොලියුම් එකට. බර අදාල නැහැ. එතකොට ශිපින් කොස්ට් එක වෙන්නෙ සාමාන්‍යෙන් ඝන අඩියකට ඩොලර් 8ක් වගේ. තව ඒ දාන බොක්ස් එකට සහ උන්ගේ ඩොකියුමන්ට් වැඩ වලටත් තව ඩොලර් 25-30ක් විතර වියදම් වෙනවා. මේ විදියට ගේන කොට අපි අවම ඝන අඩි 5ක් ගේන්න වෙනවා. ඒක නිසා පොඩි පොඩි අයිටම් ගේන්න මේ ක්‍රමේ හරියන්නෙ නැහැ. අනික මේක insurance එකක් නැහැ. ඒක නිසා බඩු අතරමගදි නැති උනොත් පාඩුව දරාගන්න වෙනවා. බඩු මෙහෙට ආවට පස්සෙ අර ෆෝවඩ් කරන කම්පැනියෙ වැඩ ඉවරයි, බඩු එන්නෙ මෙහෙ තියන කාගෝ හැඬල් කරන කම්පැනියක වෙයා හවුස් එකට එතනට ගිහින් වෙයාහවුස් චාජස් ගෙවලා කස්ටම් එකෙන් චෙක් කරලා ඩියුටි තියනවා නං ඒව ගෙවලා බඩු ටික ක්ලියර් කරගන්න පුලුවන්.

    මම යූස් කරන්නෙ https://srilak.com/ කියන පැකේජ් ෆෝවඩින් කම්පැනිය
    මෙයාලගෙ මාසෙකට සැරයක් ලංකාවට ශිප්මන්ට් එනවා, එතකොට අපි ඕඩර් කරන බඩුත් ඒ එවන ශිප්මන්ට් එකේ තමයි දාල එවන්නෙ. එතකොට අපි ඕඩර් කරන්න කලින් මුන්ට email එකක් දාල කියන්න ඕන අපිට මෙහෙම බඩු ටිකක් ගෙන්න ගන්න ඕන කියලා, එතකොට උන් ශිපින් ඩේට් එකයි instructions/pricings ටික අපිට එවනවා.
    බඩු ඕඩර කරද්දි උන්ගෙ ඇඩ්‍රස් එක දාල බඩු ඕඩර් කරන්න ඕන. උන්ගෙ ඇඩ්‍රස් එකේ කම්පැනි නේම් එකේ අගට / එකක් දාල අපේ නම දාල තමයි ශිපින් ඇඩ්‍රස් එක හදා ගන්නෙ.
    උන්ගෙ ඇඩ්‍රස් එක මේක
    Srilak Shipping & Services INC
    155 Fanning Street, Staten Island, New York, 10314

    අපි බඩු ඕඩර් කරද්දි මෙහෙම අපේ නම දාල ඕඩර් කරන්න ඕන

    Srilak Shipping & Services INC/<Your name>
    155 Fanning Street, Staten Island, New York, 10314
    මේ විදියට
    Srilak Shipping & Services INC/NEMISIS
    155 Fanning Street, Staten Island, New York, 10314

    මේ ඇඩ්‍රස් එක මම කලින් ඕඩර් එක දාද්දි තිබුනු එක, උන් කම්පැනිය වෙන තැනකට අරන් ගියොත් මේක වෙනස් වෙයි ඒක නිසා email එකෙන් හරියට අහල තමයි මේක දාන්න ඕන.
    තව ලොකු පැලට් වගේ ඒව ඕඩර් කරනවා නං වෙන ඇඩ්‍රස් එකක් තියෙන්නෙ

    ඊට පස්සෙ බඩු ටික ඕඩර් කරන එක තියෙන්නෙ. බඩු ඕඩර් කරාම අපිට ට්‍රැකින් නම්බර් එකක් එනවා, ඒක අරුන්ට email කරන්න ඕන. එතකොට උන්ට බඩු ටික හම්බුනාම ට්‍රැකින් එක බලලා අපිට කියනවා හම්බුනා කියලා.
    Aamazon එකෙන් ඕඩර් කරද්දි අපිට ඕන බඩු ටික සේරම තනි ඕඩර් එකක් විදියට දාන එක හොඳයි. මොකද එතකොට ඇමසන් එකෙන් බඩු පුලුවන් තරම් එකට එකතු කරලා පැක් කරලා ශිප් කරන්නෙ. වෙන වෙනම ඕඩර් කරොත් වෙන වෙනම පැක් කරලා යවන නිසා ලොකු බොක්ස් එකක් ඕන වෙනවා මෙහෙට එන්න. උදාහරනයක් විදියට එක සැරයක් මම ඕඩර් කරපු මෙමරි චිප් දෙකක් අර පත මාරි පෙට්ටියක විතර එකක දාල එවලා තිබුනා. මේකට හේතුව ඇමසන් එකෙන් බඩු පැක් කරද්දි ශිප් කරන වාහන වල ඉඩ ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියට බොක්ස් වල දාන්නෙ, එහෙම උනාම මෙමරි චිප් එකක් අඩියක් විතර ලොකු බොක්ස් එකක එන්න පුලුවන්.

    බඩු ටික සේරම ඕඩර් කරලා ඉවරවෙලා අරුන් ඒ ටික සේරම හම්බුනා කියලා කිවුවට පස්සෙ ඕඩර් එක ෆයිනලයිස් කරන්න කියලා උන්ට කියන්න තියෙන්නෙ. එතකොට උන් ඒ ටික සේරම දාන්න පුලුවන් බොක්ස් එකකට දාල අපිට invoice එකක් එවනවා.
    මෙතන උන් කරන්නෙ අපි එවුපු සේරම බඩු ටික දාන්න පුලුවන් ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් දාල එවන එක. අපි යවන පැකේජ් කඩලා ආයෙ පැක් කරන්නෙ නැහැ එහෙම කරනවා නං තව ගානක් ගන්නවා.

    අමතරව තව ෆෝම් එකක් එවනවා කස්ටම් ක්ලියරන්ස් වලට එහෙම ඕන කරන විස්තර අහල
    එතනදි දෙන්නෙක්ගෙ විස්තර පුරවන්න වෙනවා
    Shipper (බඩු එවන කෙනාගෙ විස්තර )
    මේකට යාලුවෙක්ගෙ හරි වෙන කාගෙ හරි නමක් දාල අර කම්පැනියෙ ඇඩ්‍රස් එකම දාන්න පුලුවන්
    තව invoice එක shipper ට සයින් කරන්න කියලා කියනවා එතකොට ඒක සයින් කරලා යවන්න ඕන. ඒක නිසා ඒකට යාලුවෙක් හරි කාගෙ හරි නමක් දැම්මා නං හරි

    Consignee (ලංකාවෙ මේ බඩු ටික කාගෙ නමටද එන්නෙ කියන එක )
    මේකට ක්ලියර් කරගන්න යන කෙනාගෙ නම දාල ඇඩ්‍රස් එක දාල NIC/phone දාල ෆිල් කරන්න ඕන.

    shipper සහ consignee දෙකටම එකම කෙනාගෙ විස්තර දැම්මොතින් පොඩි අවුලක් තියනවා, එතකොට වැඩේ වෙන්න අපි US ගිහින් බඩු ටිකක් එහෙන් එවලා අපි මෙහෙන් ක්ලියර් කරගන්න විදියට. එතකොට පාස්පෝට් අනම් මනම් හරියටම චෙක් කරලා තමයි ක්ලියර් කරගන්න වෙන්නෙ. ඒක නිසා අර විදියට shipper විදියට වෙන කෙනෙක් දාන එක තමයි කරන්න ඕන. හරියට රට ඉන්න කවුරු හරි අපේ නමට බඩු ටිකක් එවුවා වගේ

    මේ ටික යැවුවට පස්සෙ අපිට පේපැල් එකට money request එකක් එවනවා ඒක එවුවට පස්සෙ ෆෝවඩින් කම්පැනියත් එක්ක තියන වැඩේ ඉවරයි. මාස එක හමාරක් දෙකක් යනවා ලංකාවට එන්න. මේක එන්නෙ කාගෝ හැඬල් කරන වෙන කම්පැනියකට(Laksiri seva). එතනට ආවම අපිට කෝල් එකකුත් දෙනවා අර ෆෝවඩින් කම්පැනියෙන් email එකකුත් එනවා.
    එතකොට මේ කම්පැනයෙන් ක්ලියර් කරගන්න ඇපොයිමන්ට් එකක් දාල උදේම එතනට යන්න ඕන. ඇපොයිමන්ට් එකට SMS එකක් එනවා සමහර වෙලාවට ගේට් එකෙන් ඒක බලනවා ඒක නිසා SMS එක ආවෙ නැත්තං ආයෙ කතා කරලා SMS එක ගෙන්න ගන්න ඕන. මේක තියෙන්නෙ පෑලියගොඩ
    මෙතනට උදේ පාන්දරම යන්න ඕන, 7.30ට වගේ. දවල් උනොත් පෝලිං හැදිලා පෝලිං පැනලා මල විකාරයක් වෙනවා
    උදේම ගියොත් වාහනේ එතනම ඉස්සරහ පාරෙ පාක් කරන්න පුලුවන් දවල් උනොත් පාරෙ ඈත පාක් කරන්න වෙන්නෙ. ඒ පැත්තෙ කුඩ්ඩො එහෙම ඉන්න නිසා තව කවුරු හරි කතා කරන් ගිහින් වාහනේ එයාව තියන්න පුලුවන් නං හරි. බඩු ටික ක්ලියර් උනාට පස්ස තමයි වාහනේ වෙයා හවුස් එක ඇතුලට ගන්න පුලුවන් වෙන්නෙ.

    මෙතන ඇතුලට ගියාට පස්සෙ අපි කියන්න ඕන අර ආපු invoice එකේ තියන නම්බර් එකක්. ඒක A-123 වගේ එකක්. ඒකයි අර consignee දාපු NIC එකයි එතනට දෙන්න ඕන. එතකොට උන් සේරම චෙක් කරලා වෙයාහවුස් සහ හැඬලින් ෆී එක හදලා අපිට ගෙවන්න කියනවා. මේක හදලා දෙනකල් වාඩි වෙලා ඉන්න තියෙන්නෙ.
    මේ ටික ගෙවුවට පස්සෙ අපේ පැකේජ් එක හොයලා කස්ටම් එකට දානවා
    කස්ටම් එකේ ඔෆිස් එකකුත් ඒ වෙයාහවුස් එක ඇතුලෙම තියනවා එතනදි අපේ ඉස්සරහදිම පැකේජ් එක කඩලා කස්ටම් එකෙන් චෙක් කරනවා. සමහර වෙලාවට අපෙන් එක එක ඒව අහනවා, ඒවට බොරු බයිලා ගහන්නෙ නැතිව හරියට විස්තර කියන්න. මොකද කස්ටම් එකේ එවුන් දන්නවා මේ පැකේජ් එක ආවෙ කොහෙ ඉඳන්ද කොහොමද කියලා.
    ඊට පස්සෙ එතනින් ගෙවන්න තියන බදු එහෙම හදලා කොලයක් දෙනවා, එතනම පොඩි BOC එකක් තියනවා ඒකට ගෙවලා ස්ලිප් එක ආපහු කස්ටම් එකටම දුන්නම වෙරිෆයි කරලා රිලීස් ඕඩර් එක දෙනවා

    එතකොට අර බඩු ටික ආයෙ අපේ බොක්ස් එකට දාල ටේප් කරලා එලියට ගෙනත් දෙනවා. මේ බොක්ස් ඕපන් කරන්න එලියට ගේන්න එහෙම ලේබර්ස්ලා ඉන්නවා උන් සල්ලි ඉල්ලනවා, රුපියල් 50ක් වගේ දුන්නම ඇති.
    බොක්ස් එක එලියට ගෙනත් එතන තියන ගාඩ් රූම් එකෙන් වාහනේට පාස් එකක් දාල වාහනේ ඇතුලට අරගෙන අපේ බොක්ස් එක වාහනේ ඇතුලට දාගෙන අරන් ගෙදර එන්න තියෙන්නෙ

    ගොඩක් වෙලාවට එන බොක්ස් එක කාර් එකට දාන්න බැහැ එතකොට එලියෙ තියාගෙන බොක්ස් එක අන්පැක් කරලා බඩු ටික කාර් එකට දාගන්න වෙනවා. තව කවුරු හරි ඉන්නවා නං මේ වැඩ ලේසියි.

    සරලව ප්‍රොසෙස් එක මෙහෙමයි.
    පොඩි පොඩි බඩු ඕඩර් කරන්න මේ ක්‍රමේ හරියන්නෙ නැහැ
    අවම ඝන අඩි 5ක් ගේන්න ඕන නිසා මේ ක්‍රමෙන් ගේන්න පුලුවන් පොඩිම පැකේජ් එකට මේ වගේ ගානක් යනවා

    ශිපින් $8x5 = $40
    ලේබලින් = $10
    පැකේජින්/Box එකට = $15

    අවම ශිපින් වලට මේ ටිකේ එකතුව $65ක් යනවා, රුපියල් වලින් 25000ක් විතර
    වෙයාහවුස් චාජස් 3000ක් වගේ යනවා ගේන බඩු වල හැටියට duty එකත් ගෙවන්න වෙනවා.

    ඕන නං උන්ටම කියලා ක්ලියර් කරන්න පුලුවන් එතකොට පැකේජ් එකකට ක්ලියරින් වලට $85ක් ගන්නවා. customs duty වෙනම ගෙවන්න වෙනවා. මේක පට්ට පාඩුයි
    US ඉඳං ලංකාවට ඩොලර් 65ට ගෙනත් පෑලියගොඩ ඉඳන් කොලඹට ඩොලර් 85ක් ගෙවන්න වෙනවා
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Thanks-Mahattayo.gif

    Adarei-Ahasa-Tharam.gif
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පට්ට ලාබයි ගොඩක් ගේන කෙනෙක්ට. මම ප්‍රෙස්ටෝ දාන්නේ ක්ලියර් කරන්න යන්න කෙනෙක් නැති නිසා සහ බඩු ගොඩක් එකපාර ගෙන්නෙ නැති නිසා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පාඩු නැද්ද බන් ඕක
    depends
    ගේන බඩු වල හැටියට තමයි මචන්
    මම අන්තිමට දාපු බොක්ස් එකට ඇමසන් එකේ අයිටම් 50ක් විතර දැම්මා. සේරම ශිපින් වලට 54000ක් වගේ ගියා. එතකොට එක අයිටම් එකකට ශිපින් රුපිල් 1000ක් වගේ නේ එහෙම බැලුවම ලාබයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    depends
    ගේන බඩු වල හැටියට තමයි මචන්
    මම අන්තිමට දාපු බොක්ස් එකට ඇමසන් එකේ අයිටම් 50ක් විතර දැම්මා. සේරම ශිපින් වලට 54000ක් වගේ ගියා. එතකොට එක අයිටම් එකකට ශිපින් රුපිල් 1000ක් වගේ නේ එහෙම බැලුවම ලාබයි
    :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    depends
    ගේන බඩු වල හැටියට තමයි මචන්
    මම අන්තිමට දාපු බොක්ස් එකට ඇමසන් එකේ අයිටම් 50ක් විතර දැම්මා. සේරම ශිපින් වලට 54000ක් වගේ ගියා. එතකොට එක අයිටම් එකකට ශිපින් රුපිල් 1000ක් වගේ නේ එහෙම බැලුවම ලාබයි
    ඊළඟ පාර මෙහෙම කරපන්. ඕඩර් කරන්න ලං වෙලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන් උඹ ඕඩර් කරලා පෙට්ටියක් දාන්නයි යන්නේ තව කවුරුත් බඩු ඕන උන් ඉන්නවා නම් දැන්ම කියන්න මේ පෙට්ටියටම දාන්න පුළුවන් කියල. එතකොට ඉතින් පෙට්ටිය එළකිරි කියල ගහලා ගෙන්නන්න තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔච්චර පත එව්වා ගේන්නේ තෝ බිස්නස් කරනවද? නැත්තන් තෝ වෝෆ් ක්ලාක් කෙනෙක්ද? :baffled:
    මම මෙහෙමයි කරන්නෙ මචන්
    ඕඩර් එකක් දානවා නං තව ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් සෙට් කරගන්නවා. එතකොට බඩු ගොඩක් තියනවා. බඩු ප්‍රමානෙ වැඩි වෙන තරමට per item cost එක අඩු වෙනවා. එහෙම කරලා සේරම එකට දාල ගෙන්න ගන්නවා.
    wharf clerk කෙනෙක් නෙමයි බන්, මම මේක US වල ඉඳන් ටූල්ස් ඕඩර් කරන්න විදියක් නැතිව හොයද්දි අහු උනු ක්‍රමයක්. මුලින්ම පට්ට බයෙන් ඕඩර් කරේ දැන් නං ඉතිං මාස දෙක තුනකට එකක් දා ගන්නවා.

    ඊළඟ පාර මෙහෙම කරපන්. ඕඩර් කරන්න ලං වෙලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන් උඹ ඕඩර් කරලා පෙට්ටියක් දාන්නයි යන්නේ තව කවුරුත් බඩු ඕන උන් ඉන්නවා නම් දැන්ම කියන්න මේ පෙට්ටියටම දාන්න පුළුවන් කියල. එතකොට ඉතින් පෙට්ටිය එළකිරි කියල ගහලා ගෙන්නන්න තියෙන්නේ.
    මෙහෙහමනේ බන් නොදන්න අයගෙ බඩු ගේන එකේ රිස්ක් එකක් තියනවානේ
    මොනවා ඕඩර් කරයිද දන්නෙ නැහැනේ. කස්ටම් එකෙන් මුලින් X Ray කරලා බලනවා මොකක් හරි ශුවර් නැති එකක් තිබුනොත් ඉතින් බඩුම තමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මම මෙහෙමයි කරන්නෙ මචන්
    ඕඩර් එකක් දානවා නං තව ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් සෙට් කරගන්නවා. එතකොට බඩු ගොඩක් තියනවා. බඩු ප්‍රමානෙ වැඩි වෙන තරමට per item cost එක අඩු වෙනවා. එහෙම කරලා සේරම එකට දාල ගෙන්න ගන්නවා.
    wharf clerk කෙනෙක් නෙමයි බන්, මම මේක US වල ඉඳන් ටූල්ස් ඕඩර් කරන්න විදියක් නැතිව හොයද්දි අහු උනු ක්‍රමයක්. මුලින්ම පට්ට බයෙන් ඕඩර් කරේ දැන් නං ඉතිං මාස දෙක තුනකට එකක් දා ගන්නවා.


    මෙහෙහමනේ බන් නොදන්න අයගෙ බඩු ගේන එකේ රිස්ක් එකක් තියනවානේ
    මොනවා ඕඩර් කරයිද දන්නෙ නැහැනේ. කස්ටම් එකෙන් මුලින් X Ray කරලා බලනවා මොකක් හරි ශුවර් නැති එකක් තිබුනොත් ඉතින් බඩුම තමයි
    ID copy illaganin order karana ekage.
     
    • Like
    Reactions: EdNygma and NEMISIS

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින්ම පට්ට බයෙන් ඕඩර් කරේ

    දැක්ක ගමන් හිතුනේ ඕක තමයි.බඩුත් නෑ සල්ලිත් නෑ අතරමැදියෙක් හරහා ගෙන්නලා අන්තිමට..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ID copy illaganin order karana ekage.
    කරනවා නං කරන්න තියෙන්නෙ උගෙන් සල්ලි අරන් අපිම ඕඩර් එක දාන එක
    එතකොට ෆුල් ශුවර්නේ වැඩේ
    ID කොපි දීලා උනත් මොනවා හරි දුංකල පැකට් එකක් වගේ දැම්මොතින් බඩු බනිස්

    දැං ඉතිං ක්‍රමේ කිවුවානේ ඕන එවුන්ට සෙට් වෙලා ඕඩර් එකක් දා ගන්න පුලුවන් නේ