අපේ ගෙදර Corolla DX wagon එකක් තියෙනවා. අර බඩා මාම ගේ model එකේ එකක්. දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් බඩා මාමගේ වාහනේ වගේම ඉස්සරහින් වතුර එන්න අරන් හදන්න දුන්න. බාස් කාරය එකනම් හැදුව එත් ඒ යකා A/C , Blower, ඔක්කොම අනුභව කරලා. දැන් A/C compressor on කරන ස්විච් එක වත් නෑ. blower එක වැඩ කරන්නෙත් එක speed ඒකක විතරයි. dashboard එකේ තියෙන controllers ටිකත් ගන්න දෙයක් නැ.
මේ ටික ඔක්කොම දාල අලුතෙන්ම A/C හදාගන්න ඕනි .මට තේරෙන විදිහටනම්
Compressor, Condenser දෙක හොඳට තියෙනවා වගේ . ඉතුරු ඔක්කොම දාන්න වෙයි.
මේ වැඩේ කරන්න පුලුවන්ද? කියක් වගේ යයිද?
නුවර පැත්තේ මේක කරගන්න හොඳ තැනකුත් දන්නවනම් කියන්න.