XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,356
    1
    4,235
    113
    Moratuwa
    තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙනවා.
    VAT රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
    certificate එකේ ව්‍යාපාරේ නමයි හිමිකරුගේ නමයි තියෙනවා.

    ප්‍රශ්නේ මේකයි.

    1. ආයතන වලින් මිලදී ගැනීමක් කරද්දි පුද්ගලික නමට Tax Invoice එකක් ගන්න පුලුවන්ද? පුලුවන්නම් VAT Return එකේදි අඩුකරගන්න පුලුවන්ද?

    2. ව්‍යාපාරයේ නමට Tax Invoice ලෙස ලබාගන්න ඕනම දෙයක් VAT Return එකේදි අඩුකරගන්න පුලුවන්ද?
    උදාහරනෙකට ඉලෙක්ට්‍රොනික් අයිටම් ඉම්පෝර්ට් කරන ව්‍යාපාරයක් ගමු. ඒකට ව්‍යාපාරේ නමින් ටයිල් ගත්තොත් VAT Return එකට Input Vat එක ලෙස ටයිල්වල Tax Invoice එක දාලා අඩුකරන්න පුලුවන්ද?

    3. ව්‍යාපාරයට අදාල නැති Tax Invoice අඩුකල හැකිද? ඕනම Tax Invoice එකක් අඩුකල හැකිද?

    Accountant ගෙන් ඇහුවම කිව්වා ව්‍යාපාරයට අදාල නැති Tax Invoice අඩුකරගන්න බෑ කියලා.
    වාහන ආනයන ව්‍යාපාරයක් නම් ෆැබ්‍රික් වගේ දෙයක් මිලදී ගත්තොත් Tax Invoice එක ව්‍යාපාරයේ නමට ගත්තත් අඩුකරන්න බෑ කිව්වා වාහන ආනයන ව්‍යාපාරයට අදාල නොවන දෙයක් නිසා.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,418
    8,416
    113
    1.තනි පුද්ගල ව්‍යාපාරයක් (Sole Proprietorship) සම්බන්ධයෙන් ව්‍යාපාරයේ VAT සහතිකයේ හිමිකරුගේ නම සහ ව්‍යාපාරයේ නම යන දෙකම සඳහන් වන නිසා, හිමිකරුගේ පුද්ගලික නමට Tax Invoice එකක් ලබාගැනීම නීතිමය වශයෙන් වරදක් නොවේ

    2.බැහැ. Tax Invoice එක ව්‍යාපාරයේ නමට තිබුණ පමණින් ඕනෑම දෙයක VAT එක අඩුකරගත නොහැක.දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) නීති අනුව Input VAT එකක් අඩුකර ගැනීමට නම් එම වියදම අදාළ ව්‍යාපාරයේ උපයා ගැනීමට සෘජුවම දායක වන වියදමක් විය යුතුය.
    3.ව්‍යාපාරික කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නැති ඉන්වොයිසි හරහා Input VAT ඉල්ලා සිටීම හෝ අඩු කරගැනීම නීති විරෝධී වේ
     
    • Like
    Reactions: XibitZ and netnet