සමහර කමෙන්ට් දැක්කම හිනත් යනවා බං!!
පට්ට වෙජිටේරියන්ලු !! නමුත් බොනවලු!! එළවලු කාලා බොනවලු!!
බොනවා කියන්නේ ගෙඩි පිටින්ම පස්පව් වලින් එකක් කරන එකනේ.
නමුත් මස්මාලු කනවා කියන්නේ පස්පව් වලින් එකක් වත්, බරපතල පවක් කියලාවත් බුදුදහමේ ඉගැන්වෙන්නේ නෑනේ!!
ප්රාණඝාතයකදී ඇතිවන ද්වේශ සහගත අකුසල් සිතක් ඇතිනොවන අයුරින් ලැබෙන්නාවූ මස්මාලු කෑවත්, මස්වගේ රහයි කියලා හිතාගෙන සෝයාමීට් කෑවත්, පොළොස් කෑවත් වැඩෙන්නේ එකම ආකාරයේ තෘෂ්ණාව විතරයි මම දන්නා විදියට.
කඩේකින් විකුනන්න තියෙන මසක් මාලුවක් කන ගමන් ඒකේ කුකුලෙක් හෝ මාලුවෙක් දැකීම එක්තරා විදියකින් මෝහය වඩාගැනීමක්. මොකද එය අනෙක් ආහාර වගේම සතර මහා භූතරූප වලින්යුත් ද්‍රව්‍යමය ආහාරයක් මිස කුකුලෙක් හෝ මාලුවෙක් නෑ.
ඕනෑවට වඩා අන්තවාදීව සිතීම නම් බුදුදහමට විරුද්ධයි!!
නමුත් යම් ආකාරයකින් ප්රාණඝාතයකට සම්බන්ධවී ද්වේශසහගත සිතක් ඇතිව ආහාරයට මසක් ලබාගන්නේනම් එය අකුසලයක් ලෙස ගැනීම බුදුදහමට එකගයි!!
නමුත් වෙනත් හේතුවක් අරඹයා නිර්මාංෂ වන්නේ නම් එහි කිසි දොසක් නෑ!!
මස් කන කෙනෙක් කුකුල් අන්ඩක් කනවා මේක කැරට් අලයක් මේක කැරට් අලයක් කියලා හිත හිත.
මස් නොකන කෙනෙක් කැරට් අලයක් කනවා මේක කුකුල් අන්ඩක් කුකුල් අන්ඩක් කියලා හිත හිත.
හිතේ ඇතිවෙන කෙලෙස් පැත්තකින් තියලා බැලුවොත්. උබ දන්නවද මේ දෙන්නගේ ඇති වෙනස? කැරට් අලේ කන කෙනා නිසා වෙනත් සත්වයෙක්ගේ ජීවිතයට හානියක් නෑ. හැබැයි කුකුල් ඝාතය කන කෙනා වෙනුවෙන් කුකුලෙක් ජීවිතයක් පූජා කරලා තියෙනවා.
සියළු දේවල් සතර මහා භූතයෝ විදිහට දකින්න පුළුවන් නම් ඒක ගොඩක් දියුණු මනසක්. එහෙමයි කියලා අම්මා තාත්තව මරන් කන්න යන්නේ නෑනේ. කෙල්ල/ගෑනිවයි අම්මවයි පටලව ගන්නෙත් නෑනේ. ඒ නිසා සම්මතේ පිහිටලා වැඩ කරමු.


කවුරුත් කියනවට හෝ වෙනයම් දෙයක් නෙමේ..ඒත් එකේ වෙනම දෙයක් තියෙනව කියල දැනෙනවා.
) 
ඒවත් නොකා ඉන්න වෙන්නේ.