vegetarian වෙන්න අදහස්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    සමහර කමෙන්ට් දැක්කම හිනත් යනවා බං!!
    පට්ට වෙජිටේරියන්ලු !! නමුත් බොනවලු!! එළවලු කාලා බොනවලු!!:lol:

    බොනවා කියන්නේ ගෙඩි පිටින්ම පස්පව් වලින් එකක් කරන එකනේ.
    නමුත් මස්මාලු කනවා කියන්නේ පස්පව් වලින් එකක් වත්, බරපතල පවක් කියලාවත් බුදුදහමේ ඉගැන්වෙන්නේ නෑනේ!!
    ප්‍රාණඝාතයකදී ඇතිවන ද්වේශ සහගත අකුසල් සිතක් ඇතිනොවන අයුරින් ලැබෙන්නාවූ මස්මාලු කෑවත්, මස්වගේ රහයි කියලා හිතාගෙන සෝයාමීට් කෑවත්, පොළොස් කෑවත් වැඩෙන්නේ එකම ආකාරයේ තෘෂ්ණාව විතරයි මම දන්නා විදියට.
    කඩේකින් විකුනන්න තියෙන මසක් මාලුවක් කන ගමන් ඒකේ කුකුලෙක් හෝ මාලුවෙක් දැකීම එක්තරා විදියකින් මෝහය වඩාගැනීමක්. මොකද එය අනෙක් ආහාර වගේම සතර මහා භූතරූප වලින්යුත් ද්‍රව්‍යමය ආහාරයක් මිස කුකුලෙක් හෝ මාලුවෙක් නෑ.
    ඕනෑවට වඩා අන්තවාදීව සිතීම නම් බුදුදහමට විරුද්ධයි!!

    නමුත් යම් ආකාරයකින් ප්‍රාණඝාතයකට සම්බන්ධවී ද්වේශසහගත සිතක් ඇතිව ආහාරයට මසක් ලබාගන්නේනම් එය අකුසලයක් ලෙස ගැනීම බුදුදහමට එකගයි!!

    නමුත් වෙනත් හේතුවක් අරඹයා නිර්මාංෂ වන්නේ නම් එහි කිසි දොසක් නෑ!!

    මස් කන කෙනෙක් කුකුල් අන්ඩක් කනවා මේක කැරට් අලයක් මේක කැරට් අලයක් කියලා හිත හිත.
    මස් නොකන කෙනෙක් කැරට් අලයක් කනවා මේක කුකුල් අන්ඩක් කුකුල් අන්ඩක් කියලා හිත හිත.

    හිතේ ඇතිවෙන කෙලෙස් පැත්තකින් තියලා බැලුවොත්. උබ දන්නවද මේ දෙන්නගේ ඇති වෙනස? කැරට් අලේ කන කෙනා නිසා වෙනත් සත්වයෙක්ගේ ජීවිතයට හානියක් නෑ. හැබැයි කුකුල් ඝාතය කන කෙනා වෙනුවෙන් කුකුලෙක් ජීවිතයක් පූජා කරලා තියෙනවා.

    සියළු දේවල් සතර මහා භූතයෝ විදිහට දකින්න පුළුවන් නම් ඒක ගොඩක් දියුණු මනසක්. එහෙමයි කියලා අම්මා තාත්තව මරන් කන්න යන්නේ නෑනේ. කෙල්ල/ගෑනිවයි අම්මවයි පටලව ගන්නෙත් නෑනේ. ඒ නිසා සම්මතේ පිහිටලා වැඩ කරමු.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,321
    113
    Microsoft
    මෙතන රාග දේවේශ මෝහ තෘෂ්ණා සිත් කතන්දර අවශ්‍ය නෑ. මම කුකුල්ලු මරනවා නම් උබලගේ ගෙදරටයි උබලගේ එහා ගෙදරටයි කුකුළා ගානේ කුකුල්ලු දෙන්නෙක් දාගෙන යනව නම්. උබලගේ ගෙදර වෙජිටේරියන් උනොත් මම දෙන්නෙක් මරන්නේ නෑ. දවසට එක කුකුලයි මරන්නේ. ඒ නිසා කුසල් සිත් අකුසල් සිත් පටලවාගන්නේ නැතුව ඉල්ලුමට සැපයුම කියන සරල සිද්ධාන්තය තේරුම් ගමු.

    11.gif
    11.gif
    11.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතාම හොඳ අදහසක්. මගේ පොඩි අදහසකුත් එකතු කරන්නම් අධ්‍යාත්මික පැත්තෙන්. අනිත් අයටත් දැනගන්නම.

    උඹ කඩේ ගිහින් මරපු සත්තු අරන් කෑවට උඹට ප්‍රාණඝාත අකුසලය නම් වෙන්නෙ නැහැ. හිතේ කොනක හරි දෙයක් නිසා පව් සිද්ධ උනත් ඒක බොහොම සුළු පවක්.

    හැබැයි උඹ මෙන්න මෙහෙම හිතල නිර්මාංශ උනොත් ඒක මචන් මහත්පල මහානිසංසයි. ඒ කියන්නේ උඹ මෙහෙම හිතුවොත්...

    ජීවත්වෙන සෑම සතෙක්ම තමන්ගේ පණට ආදරෙයි. ඒ වගේම මස් කඩ වල සත්තු මැරෙන්නෙත් අනේකවිද දුක් විඳලා. අකමැත්තෙන් බලෙන් ඇදගෙන ඇවිල්ල තමයි මරන්නේ. ඒ නිසා මම මේ ගන්න යන මාංශය හරිම අසාධාරණ මාංශයක්. මේක භුක්ති වින්දොත් මමත් ඒ අසාධාරණ ක්‍රියාවලියට දායක උනා වෙනවා. ඒ වගේ අසාධාරණ මාංශයක් මට නම් එපා.

    වගේ සිතුවිල්ලකින් උඹට මස් කෑම නවත්වන්න පුළුවන් නම්, උඹ මොන ආගමක කෙනෙක් උනත් උඹේ ඒ මයිත්‍රී සිතුවිල්ලට අදාළ ප්‍රතිපලය උඹට ලැබෙනවාමයි.

    ඒ වගේම ඔය කෝච්චියට අහුවෙච්ච සතෙක් හෝ වෙනත් ස්වභාවික ක්‍රමයකින් මැරිච්ච සතෙක්ගේ මස් කෑවට කිසිම ප්‍රශ්නයක් නැති බවත් කියන්න කැමතියි.

    ..............
    ..............
    ..............

    ..............

    මචං vegetarian අයගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනෙ. 2016 ඉදන්මාත් veg වෙන්න බැලුවේ :yes: කවුරුත් කියනවට හෝ වෙනයම් දෙයක් නෙමේ..ඒත් එකේ වෙනම දෙයක් තියෙනව කියල දැනෙනවා.

    පොඩ්ඩක් කියපං උබල මොනවද වැඩිපුර ම ආහාරයට ගන්නේ.
    පළතුරු වර්ග සතියකට ගන්න ඕනෙද? (ඒත් බං අද හැමතැනම බෙහෙත් ගහලනේ :P)
    කේක් , බිස්කට් වගෙත් නවත්වන්න වෙනවද?

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් එක මම ඔය කිරිබත්ගොඩ කට්ටියට් විශේෂයෙන් කියන්න කැමතියි. තමන් මස් මාළු කනවා නම් කන්න. මොකද කන්නේ තියෙන පෙරේතකමටනේ. හැබැයි ධර්ම කරුණු අරගෙන, කන එක ප්‍රොමෝට් කරන්න එපා. නොකන එකාට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න.

    හැබැයි මස් මාළු නොකන එකත් ඒ නොකෑව හේතුවෙන්ම සාන්තුවරයෙක් වෙන්නෙ නැති බවත් කියන්න ඕනේ. හැබැයි මයිත්‍රී සහගත සිතුවිල්ලකින් නොකා ඉන්න එකනම් ඉතාම හොඳයි. ඒක අනවශ්‍ය ආභරණයක් කර ගන්න එපා.

    ඔය ටික තේරුම් ගන්න ආගමක් අවශ්‍ය නැති බවත් කියන්න ඕනේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් මගේ අදහස මෙහෙමයි. ඕක සම්පුර්නෙම නවත්තන්න ඕනා නැහැ. අඩු කරපන් ගොඩක්. නැත්තන් කොහෙහරි ගියහම එහෙම මුකුත් නොකා ඉන්න වෙන්නේ රස කෑම එහෙම. :(
    අනික ඔය බිත්තර එහෙම දාලා හදන කෑම :nerd: ඒවත් නොකා ඉන්න වෙන්නේ.
    අනික සමහර දවස් වලට එලව්ලුත් අඩුයි සමහර පැතිවල. (ෆුඩ් සිටි යනවනම් අවුලක් නැතිව ඇති.)
     
    Last edited:

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    thred eka mula idala kiyewwa, math hitan hitiye mas kana eka nawattanna, harak mas, uru mas kohomath kanne na. eth dan meka kiyola mage mole awul una.. mama mas kana eka nawattannam one hetuwa mokakkda kiyalawath dan mata terenne na. :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන් කරන්නේ මචන්, රහතුන් වහන්සේ කෙනෙක්ගේ මනසක් තමයි එයාලටත් තියෙන්නෙ කියල හිතාගෙන කතා කරනවා. රහතුන් වහන්සේ කෙනෙක්ට නම් ඔය මොක කෑවත් කර්ම රැස් වෙන්නෙ නැහැ.

    මස් කන කෙනෙක් කුකුල් අන්ඩක් කනවා මේක කැරට් අලයක් මේක කැරට් අලයක් කියලා හිත හිත.
    මස් නොකන කෙනෙක් කැරට් අලයක් කනවා මේක කුකුල් අන්ඩක් කුකුල් අන්ඩක් කියලා හිත හිත.

    හිතේ ඇතිවෙන කෙලෙස් පැත්තකින් තියලා බැලුවොත්. උබ දන්නවද මේ දෙන්නගේ ඇති වෙනස? කැරට් අලේ කන කෙනා නිසා වෙනත් සත්වයෙක්ගේ ජීවිතයට හානියක් නෑ. හැබැයි කුකුල් ඝාතය කන කෙනා වෙනුවෙන් කුකුලෙක් ජීවිතයක් පූජා කරලා තියෙනවා.

    සියළු දේවල් සතර මහා භූතයෝ විදිහට දකින්න පුළුවන් නම් ඒක ගොඩක් දියුණු මනසක්. එහෙමයි කියලා අම්මා තාත්තව මරන් කන්න යන්නේ නෑනේ. කෙල්ල/ගෑනිවයි අම්මවයි පටලව ගන්නෙත් නෑනේ. ඒ නිසා සම්මතේ පිහිටලා වැඩ කරමු.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    දැන් keels ,foodcity වල තියෙනවා tofu(bean චcurd) පට්ට රසය්.. සෝයා කිරි වලින් හදන්නේ.. එක එක විදියට හදාගන්න පුළුවන්.. මම දැක්ක tv එකේ burger එකකුත් හදනවා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113

    :):)

    :):)

    අනිත් එක මම ඔය කිරිබත්ගොඩ කට්ටියට් විශේෂයෙන් කියන්න කැමතියි. තමන් මස් මාළු කනවා නම් කන්න. මොකද කන්නේ තියෙන පෙරේතකමටනේ. හැබැයි ධර්ම කරුණු අරගෙන, කන එක ප්‍රොමෝට් කරන්න එපා. නොකන එකාට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න.

    හැබැයි මස් මාළු නොකන එකත් ඒ නොකෑව හේතුවෙන්ම සාන්තුවරයෙක් වෙන්නෙ නැති බවත් කියන්න ඕනේ. හැබැයි මයිත්‍රී සහගත සිතුවිල්ලකින් නොකා ඉන්න එකනම් ඉතාම හොඳයි. ඒක අනවශ්‍ය ආභරණයක් කර ගන්න එපා.

    ඔය ටික තේරුම් ගන්න ආගමක් අවශ්‍ය නැති බවත් කියන්න ඕනේ.

    :yes::yes::yes:

    මුන් කරන්නේ මචන්, රහතුන් වහන්සේ කෙනෙක්ගේ මනසක් තමයි එයාලටත් තියෙන්නෙ කියල හිතාගෙන කතා කරනවා. රහතුන් වහන්සේ කෙනෙක්ට නම් ඔය මොක කෑවත් කර්ම රැස් වෙන්නෙ නැහැ.

    සිරාවටම මචන්. මාත් ඊයේ ෆුල් හොල්මන් වෙලා හිටියේ මූ කියපු කතාවට. උබ තමයි නියම කතාව කිව්වේ. රහතන් වහන්සේ නමගේ හිතක මේ තත්වය තිබ්බට උන්වහන්සේලා වත් මෙහෙම කියව කියව යන්නේ නෑ. කුකුලගේ පිහාට්ට වත් කුනු කූඩෙට නොදාන උන් දෙන තව්සන්ඩ් ටෝක්ස්. පෙරේත කමට කන්න ඕනේ නම් මිනී මස් කෑවත් කමක් නෑ. ඒත් මුන් කන්නේ උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයන් විකෘති කරලනේ ඒක බලන් ඉන්න බෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..මේක මේ අවුරුද්දේ මුල ඉදන් පටන්ගන්න හිතුවත් හරි ගියේ නෑ..මේ සතියේ පටන් ගත්තා දැනට නම් දවස් 3ක් හරි.

    මුලදි එක පාරම බිස්කට් වගේ ඒවත් නවත්වන්න බැරි වෙයි..ඒත් මස්, මාලු , බිත්තර කෑම , ෂෝට් ඊට්ස් මුකුත්ම කෑවේ නෑ..දැනට නම් බිස්කට් විතරයි කැව්නේ.

    ධර්මයෙන් මස් කන එක හොදයි කියල සාධාරණිකරනය කරන එක නම් හොද නෑ..මාත් අහල තියෙනවා මහමෙව්නා අයට එහෙම බ්‍රේන් වොෂ් එකක් දෙනවා කියලා..ek එකේම තිබිල දැක්ක
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,321
    113
    Microsoft

    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..මේක මේ අවුරුද්දේ මුල ඉදන් පටන්ගන්න හිතුවත් හරි ගියේ නෑ..මේ සතියේ පටන් ගත්තා දැනට නම් දවස් 3ක් හරි.

    මුලදි එක පාරම බිස්කට් වගේ ඒවත් නවත්වන්න බැරි වෙයි..ඒත් මස්, මාලු , බිත්තර කෑම , ෂෝට් ඊට්ස් මුකුත්ම කෑවේ නෑ..දැනට නම් බිස්කට් විතරයි කැව්නේ.

    ධර්මයෙන් මස් කන එක හොදයි කියල සාධාරණිකරනය කරන එක නම් හොද නෑ..මාත් අහල තියෙනවා මහමෙව්නා අයට එහෙම බ්‍රේන් වොෂ් එකක් දෙනවා කියලා..ek එකේම තිබිල දැක්ක

    ela ela:cool:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,321
    113
    Microsoft
    ඉතාම හොඳ අදහසක්. මගේ පොඩි අදහසකුත් එකතු කරන්නම් අධ්‍යාත්මික පැත්තෙන්. අනිත් අයටත් දැනගන්නම.

    උඹ කඩේ ගිහින් මරපු සත්තු අරන් කෑවට උඹට ප්‍රාණඝාත අකුසලය නම් වෙන්නෙ නැහැ. හිතේ කොනක හරි දෙයක් නිසා පව් සිද්ධ උනත් ඒක බොහොම සුළු පවක්.

    හැබැයි උඹ මෙන්න මෙහෙම හිතල නිර්මාංශ උනොත් ඒක මචන් මහත්පල මහානිසංසයි. ඒ කියන්නේ උඹ මෙහෙම හිතුවොත්...

    ජීවත්වෙන සෑම සතෙක්ම තමන්ගේ පණට ආදරෙයි. ඒ වගේම මස් කඩ වල සත්තු මැරෙන්නෙත් අනේකවිද දුක් විඳලා. අකමැත්තෙන් බලෙන් ඇදගෙන ඇවිල්ල තමයි මරන්නේ. ඒ නිසා මම මේ ගන්න යන මාංශය හරිම අසාධාරණ මාංශයක්. මේක භුක්ති වින්දොත් මමත් ඒ අසාධාරණ ක්‍රියාවලියට දායක උනා වෙනවා. ඒ වගේ අසාධාරණ මාංශයක් මට නම් එපා.

    වගේ සිතුවිල්ලකින් උඹට මස් කෑම නවත්වන්න පුළුවන් නම්, උඹ මොන ආගමක කෙනෙක් උනත් උඹේ ඒ මයිත්‍රී සිතුවිල්ලට අදාළ ප්‍රතිපලය උඹට ලැබෙනවාමයි.

    ඒ වගේම ඔය කෝච්චියට අහුවෙච්ච සතෙක් හෝ වෙනත් ස්වභාවික ක්‍රමයකින් මැරිච්ච සතෙක්ගේ මස් කෑවට කිසිම ප්‍රශ්නයක් නැති බවත් කියන්න කැමතියි.

    menna talks:cool: