අයියෝ සතේකට ගනං ගන්න එපා කොල්ලෝ......
ජර්මන් ටෙක් පලයන් සුපිරිම තමයි.... ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඩිග්‍රිය වෙනකන්ම පලයන්...
කොහොමත් යුරෝපියන් රටවල් , අපරදිග රටවල් වල ඔය වගේ ෆීල්ඩ් වල එවුන් තමයිඉ හොඳටම හම්බ කරන්නෙ....
අපෙ ගෙවල් ලඟ එකෙක් හිටියා මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් එකෙක්...ඌ ඒ.ලෙවෙල් කලෙත් නෑ....තියෙන කාඩ වැඩ විතරයි කර කර හිටියෙ...කොහොම කොහොම හරි ඌත් ජර්මන් ටෙක් ගියයි කියමුකෝ....ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරලා ඇමෙරිකා ගියා.....දැන් ඌ වැඩ කරන්නෙ GM එකේ....මාසෙක පඩිය 12,000 $ ...
දැන් නම් ඌ මෙහෙ ආවම යන්නෙත් පොලවට වඩා අඩි 2-3ක් උඩින්....නුවර ගෙයක් ගැහුවා නිකන් මාලිගාවක් වගේ....
ෆීල්ඩ් එක අල්ලගෙන පලයන් කොල්ලෝ....රට යන්න ඕන වෙන්නෙත් නෑ හම්බ කරන්න...මොකද මේක දැන් ආස්චර්යනේ....ගේන ලැම්බෝ,කෝර්වෙට්, මසරාටි,රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් එහෙම හදන්න එවුනුත් එපැයි...ෆීල්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක් වෙයන්.ආයෙ උඹව අල්ලන්නවත් වෙන්නෙ නෑ එතකොට
සිරාවට දැන් ලංකාවට ගෙන්නන්නේ ඔක්කොම ලොකු ලොකු වාහනනේ.. 
මාත් ජර්මන් ටෙක් එකට යන්න තමා බන් සැදී පැහැදී ඉන්නේ. බලමු ඉතින් මොනවා වෙයිද කියලා.

මාත් දැනට ජර්මන්ටෙක් ගිහින් කාටවත් වැරදුනයි කියලා අහලා නෑ.

සිරානේ බං කට්ටා මල්ලි..
උඹ වැඩේ සුපිරියට කරල තියෙනවා..



