ඔන්න දැන් ඉතින් කොල්ලා දෙයියනේ කියල , ග්‍රැෆික් ඩිසයිනින් ජොබක් පටන් ගන්නවා . පලවෙනි දවසේ වැඩට ගියා . ලොක්කා මාව මුලින්ම එක්කගෙන ගියා ප්‍රින්ටින් රූම් එකට . එතැන හිටපු අයිය කෙනෙක්ට මාව බාර දුන්නා . මැෂින් ටික පොඩ්ඩක් පුරුදු කරලා ගන්න කියල .ඒ වෙනකොටත් ඩිසයිනර් ල ...හතර දෙනෙක් විතර හිටියා . මම ඉතින් බලන් හිටියා කොහොමද මේ ඩිජිටල් ප්‍රින්ට් වෙන්න කියල .
තාම මතකයි , මම මුලින්ම දැක්කේ ....dialog එකේ බැනර් එකක් ප්‍රින්ට් වෙනවා . අර අයිය කාරය මට පොඩ්ඩක් එතන තිබ්බ මැෂින් අදුන්වල දීල , වැඩ යන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා . ඒ දවස් වල මේක හීනයක් වගේ . ටික කාලයක් හරි චාටරයක් කාල , මෙහෙම දෙයක් සෙට් වුනාම .
මට නම් පුදුම ආසාවක් ඇති වුනේ මේ වැඩ දැකල .ඔහොම දැන් ඉතින් ටික ටික කොල්ල ප්‍රින්ටින් වැඩ වලට උදව් වෙනවා , flex රෝල් උස්සනවා ...ප්‍රින්ට් කරලා ඉවර ඒවා කපනව ,ඔතනවා . ඔය වගේ පොඩි පොඩි දේවල් . ප්‍රින්ටින් සෙක්ෂන් එක පැය 24ම වැඩ ශිෆ්ට් දෙකට කට්ටිය වැඩ කරනවා .
මම නම් උදේ 9 ඉඳන් හවස 6 වගේ වෙන කම් තමා . උදේට තාත්තා එක්ක ඇවිත් ,බොරැල්ලෙන් බැහැල 176 යනවා . හවසත් බොරැල්ලට යනවා .
තාත්තා ඇවිත් මාව ගන්නවා එතනින් .(අපි ජා ඇල හිටියේ ).
දැන් මෙහෙම මාසයක් විතර වැඩ කලා . දැන් ඉතින් ටික ටික ,ප්‍රින්ටර් clean ( ඔය ලොකු ප්‍රින්ට් මැෂින් වල head බ්ලොක් වෙනවා හම තිස්සෙම ) කරනවා .තනියෙම file එක rip කරලා ප්‍රින්ට් කරනවා .ඔය වගේ වැඩ කරන මට්ටමට ආවා .දැන් මට නිකන් අවුලුත් වගේ . ලොක්ක මාව ගත්තේ ඩිසයිනින් වලටද ,ප්‍රින්ටින් වලටද කියලා .අනිත් ඩිසයිනර් ල නම් මෙච්චර කල් ප්‍රින්ටින් වැඩ කරලා නෑ . කොටින්ම මට කලින් ආපු එකම ඩිසයිනර් විතරයි ටිකක් ...ප්‍රින්ටින් වැඩ කරලා තියෙන්නේ මුලින්ම .ඒකත් සුමාන දෙකක් විතර . එන දෙයකට මුණ දෙනවා කියල ප්‍රින්ටින් වැඩ කරන්න ගත්ත .
ප්‍රින්ටින් එකේ දෙන්නෙක් වැඩ කරනවා .මාත් එක්ක 3යි . මාස දෙකක් විතර යනකොට නම් 6ට යන්න ලැබුනේ නෑ සමහරක් දවස් වලට .
වැඩ තියෙද්දී දාල යන්න හිතුනේ නෑ .ඔය දවස් වල වැඩට යනවා .ගෙදර එනවා .නාලා ..කෑම කාල නිදි .පට්ට මහන්සියි.එහා පැත්තේ ස්ටිකර් සෙක්ෂන් එකේ කට්ටියත් ෆිට් වුණා මාත් එක්ක . හැබයි වැඩ කරද්දී ටිකක් මගෙන් බුල වදිනවා .අලුත් හින්ද කට්ටිය මුකුත් කිව්වේ නෑ .
දවසක් ප්‍රින්ට් එකේ ලොකු එවුන් දෙන්නම ආවේ නෑ . අලුතින් හෙල්ප්ර් කෙනෙක් ඇවිල්ල හිටිය .අපි දෙන්නා විතරයි එදා සෙට් වුනේ .
මට දැන් හීන් දාඩිය දාලා . ලොක්ක ඇවිත් කිව්වා , අද ඔයා පොඩ්ඩක් බලන්න වැඩ කියල . දැන් ඉතින් පන දාගෙන වැඩ කරනවා .හවස 8 වෙනකම්ම ගේම ගැහුවා කොහොම හරි .(8 ට අනිත් ශිෆ්ට් එකේ එකෙක් අවා .). කිව්වට මොකද එදා දවල්ට කෑවෙත් නෑ ...තිබ්බ ප්‍රෙෂර් එකට