Questions Warranty අවුලක්!!! plz help!!

crazybokka

Member
Dec 19, 2021
4
3
3
මාස 2කට කලින් shop එකකින් මොනිටරයක් ගත්තා. ඒකෙ පොඩි අවුලක් තිබිලා සති 2කට පස්සෙ warranty claim කරා. shop එකෙන් කිව්වා company යවන්න වෙනවා එන්න සති 2ක් යයි කියලා. මම කෝකටත් මාසයක් විතර ඉඳලා call කලා. call කලාම කිව්වා තාම company එකේ තියෙන්නෙ මේ දවස්වල stock අඩුයි සමහරවිට අලුත් මොනිටරයක් දෙයි නැත්තන් refund කරයි කියලා. දැන් ඒ මොනිටරේ ගාන 11000කින් වැඩි වෙලා. මුන් ඊයෙ call කරලා කියනවා company එකෙන් කිව්වලු ඒ ගානට හරියන්න වෙන මොනවහරි ගන්න නැත්තන් 11000ක් දීලා ඒ ජාතියෙ මොනිටරයක් ගන්න කියලා. මම දැන් අසරණ වෙලා ඉන්නෙ. අතේ සල්ලිත් නෑ. සෑහෙන කාලයක් සල්ලි එකතු කරලා මොනිටරේ ගත්තෙ. මේකට මොකද කරන්න ඕනෙ?? පොලීසි ගිහින් වැඩක් තියෙයිද? පාරිභෝගික සේවා එකට කියන්නද?:confused:
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට කාලීන ඔහොම උනා. මම නම් කරේ අමතර ගාන ගෙවලා ගත්තා. මට උන් දුන්නෙ ඒ option එක විතරයි මතක විදිහට.
     
    • Sad
    Reactions: crazybokka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    refund karaganna puluwan nam karaganna. ekama monitor eka 11kin wadi welada? :oo:11k dila aya a jathiyema monitor ekak ganna eka aparade. thawa ganak dila puluwan nam wena hoda monitor ekak ganna. matath ohoma monitor eke case ekak awith dunnata passe badu na kiwa. ita passe thawa ganak dila tibba ekata wadiya hoda ekak gatta. mokadda shop eka?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලත් ලංකාවේ පත්තර කාරයෝ වගේ නම කියන්නේ නෑ shop එකේ නමත් දාපන්කෝ කව්රුහරි එකෙක් බේරෙයි .ෂුවර් එකට company එක කියන්නේ උන්ගේ workshop එක වෙන්න ඕනේ .නැතුව ඕක ගෙන්නන කොමපැනිය නෙවෙයි.යකෝ උබේ බිලේ waranty claim කරනකොට එදාට තියෙන උත්දමනෙයි ඩොලර් වෙනසයි ගෙවන්න ඕනේ කියල තියෙනවද ? අහවල් මගුලකටද waranty දෙන්නේ . ඕකගේ කඩේ මිනිස්සු වැඩියෙන් ඉන්නවෙලවට ගිහින් සද්දේ දාපන් ලජ්ජාවට මිනිස්සු අඩු වෙලාවට යන්න එපා ,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,961
    113
    -In Darkness-
    Manufacture Fault එකක් නම් ගාණ කොච්චරකින් වැඩි වුනත් warranty period එක ඇතුලේ නම් එක්කෝ හදලා දෙන්න ඕනේ නැත්තම් 1 to 1 Replacement එකක් දෙන්න ඕනේ, එහෙමත් නැත්තම් Full Refund එකක් දෙන්න ඕනේ.
     
    crazybokka

    Member
    Dec 19, 2021
    4
    3
    3
    Shop එක Incotech. වැඩි ගාණ ගෙවලා අයෙ උන්ගෙන් නම් ගන්න බෑ. උන් refund කරන්න බෑ කියනවා. company එකෙන් උන්ට කියලා තියෙන්නෙ එහෙමලු. ආයෙත් අවුලක් වෙලා warranty claim කරද්දි ඒක ලක්ෂයක් වෙලා තිබ්බොත් ඒ ගාණත් ගෙවන්න වෙනවනෙ උන්ගෙ ලොජික් එකේ හැටියට.?? පාරිබෝගික සේවා එකෙන් මේකට action එකක් ගන්න එකක් නැද්ද?? නැත්තන් පොලීසියෙන් හරි??
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    Shop එක Incotech. වැඩි ගාණ ගෙවලා අයෙ උන්ගෙන් නම් ගන්න බෑ. උන් refund කරන්න බෑ කියනවා. company එකෙන් උන්ට කියලා තියෙන්නෙ එහෙමලු. ආයෙත් අවුලක් වෙලා warranty claim කරද්දි ඒක ලක්ෂයක් වෙලා තිබ්බොත් ඒ ගාණත් ගෙවන්න වෙනවනෙ උන්ගෙ ලොජික් එකේ හැටියට.?? පාරිබෝගික සේවා එකෙන් මේකට action එකක් ගන්න එකක් නැද්ද?? නැත්තන් පොලීසියෙන් හරි??
    Facebook reviews දාපං. උන් කියන හැම එකම රෙකෝඩ් කරලා ෆේස්බුක් එකේ දාපන් පෝස්ට් එකක් . අපිටත් දාපන් අපි share කරන්නම්
    Warranty එහෙනම් ඔය මොන කතාවක් නෑ බඩුවට බඩුවක් හෝ කැඩුන බඩුව හදලා දෙන්න ඕනේ. company එකකින් කොහොමද බං කියන්නේ වැඩිපුර එකොළොස් දාහා දෙන්න කියලා. මොකද මේක ලංකාවේ කම්පැනියවෑ. පච කරපන් පුළුවන් තරම් විදිය සක්කිලි වැඩ නොකරන්න. උඹ leagally ඇක්ෂන් එකක් ගත්තත් උඹට වාසි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Shop එක Incotech. වැඩි ගාණ ගෙවලා අයෙ උන්ගෙන් නම් ගන්න බෑ. උන් refund කරන්න බෑ කියනවා. company එකෙන් උන්ට කියලා තියෙන්නෙ එහෙමලු. ආයෙත් අවුලක් වෙලා warranty claim කරද්දි ඒක ලක්ෂයක් වෙලා තිබ්බොත් ඒ ගාණත් ගෙවන්න වෙනවනෙ උන්ගෙ ලොජික් එකේ හැටියට.?? පාරිබෝගික සේවා එකෙන් මේකට action එකක් ගන්න එකක් නැද්ද?? නැත්තන් පොලීසියෙන් හරි??
    https://www.incotech.lk/ mekada kade
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,961
    113
    -In Darkness-
    Shop එක Incotech. වැඩි ගාණ ගෙවලා අයෙ උන්ගෙන් නම් ගන්න බෑ. උන් refund කරන්න බෑ කියනවා. company එකෙන් උන්ට කියලා තියෙන්නෙ එහෙමලු. ආයෙත් අවුලක් වෙලා warranty claim කරද්දි ඒක ලක්ෂයක් වෙලා තිබ්බොත් ඒ ගාණත් ගෙවන්න වෙනවනෙ උන්ගෙ ලොජික් එකේ හැටියට.?? පාරිබෝගික සේවා එකෙන් මේකට action එකක් ගන්න එකක් නැද්ද?? නැත්තන් පොලීසියෙන් හරි??
    එහෙම එකක් නෑ බං. ඔය උන්ගේ බයිලාවක්. EPSI එකෙන් මගේ මොනිටර් එක වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි (අවුරුදු 2යි මාස 11කට පස්සේ) ආපු ෆෝල්ට් එකකට ෆුල් රීෆන්ඩ් කරා. 131K ට ගත්තේ මොනිටර් එක 2017 දි. ඒ මොනිටර් එක ඩිස්කන්ටිනියු නිසා. නැත්තම් 1 to 1 දෙනවා තිබ්බා නම්. මම නම් ඒ සල්ලි වලින් එතනින්ම අලුත් මොඩල් එකක් ගත්තා ෆ්‍රෙශ් වොරන්ටිත් එක්ක ආපහු. එතකොට ඒ වෙද්දි කොච්චර ගාණක් වැඩියි ද කියන එක අදාල නෑ බං. මොකද ඕකුන්ට කම්පැණි එකෙන් Replacement Device එක නොමිලේ තමා එන්නේ. ඒ නැතත් සමාන්‍යයෙන් වැඩිපුර එක මොනිටර් එකක් තියන් ඉන්නේ ඔහොම කේස් වලට. ඔතන නම් ඕකුන් ඒකෙන් ගාණ කඩාගන්න බලනවා ඇත්තේ.
     
    • Wow
    Reactions: crazybokka

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,865
    8,632
    113
    In Your Heart
    Nope you don't have to pay the difference. Yako eka company eke issue ekak hadanna bari nam same model eka available nam replace karanna ona. Nethinam store credits denna ona. Ubata othana store credits deela thiyenne. Mata penne shop eken oka karanne. Moko shop eke unta replacement ekak hambei brand new eth kalayak yai.

    Machan policy eke entry ekak dala paribogika yanawa kiyapan.uba monitor eke lankawe agent wa direct contact karapan
    ------ Post added on Dec 20, 2021 at 3:55 PM
     
    • Like
    Reactions: crazybokka