මට වෙබ් කැම් එක ඕනේ වෙන්නේ ඔන්ලයින් ක්ලාස්වලට. Zoom එකේ එහෙම උපරිම සපෝට් කරන්නේ මම හිතන්නේ 720p ඉතින් 720p උනත් කමක් නෑ. මට අවශ්‍ය ප්‍රධාන දේ තමයි හොඳ Build Quality එකක්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ ලෙඩ නැතුව. Logitech C310 එකක් තමයි ගන්න හිතුවේ. හැබැයි ඊට වඩා Features තියෙන වෙන පොඩි පොඩි බ්‍රෑන්ඩ්වල වෙබ්කැම් තියෙනවා ඒවා ශුවර් නෑ එච්චර. ඒක නිසා ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ කැම් එකක් තියේනම් කියන්නකෝ. C310 හොඳයිද නැත්නම් ගන්න හොඳ ඒවා මොනවද තියෙන්නේ ? රුපියල් 7000/=ක් වගේ තමයි උපරිම බජට් එක. මාස 6ක් Warranty තියෙන ඒවානම් ගන්නේ නැතුව ඉන්න බැලුවේ ඒවා එච්චර ශුවර් නෑ. Logitech ඒවාට 2years warranty තියෙනවා කියලා දැක්ක නිසා තමයි මාස 6ක් Warranty තියෙන 1080p/2K එකක් ගන්නේ නැතුව 720p C310 Logitech එකක් ගන්න හිතුවේ. කස්ටිය අදහස් දක්වන්නකෝ.

තැන්කූ බන් ගත්තාම thread එකක් දාන්නම්කෝ.
. ගෙදර එක Smartphone එකයි තියෙන්නේ ඉතින් එච්චර වැඩේ ප්‍රැක්ටිකල් නෑ
. තෑන්ක්ස් බන්. 