What is a Seedbox

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සීඩ් බොක්ස් එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.
සීඩ් බොක්ස් වල මිලගනන්:dull:
වගේ දේවල්. ඒවා ඊලග ත්‍ර්ඩ් එකෙන් බලමු
:confused: මචන් ඕව නිකන් ගන්න විදිහක් නැද්ද...
:D අනිත් thread එක පුලුවන්නම් ඉක්මනට දාන්න ගොඩක් වටිනවා මේ තොරතුරු...
 

lovemoncler

Member
Nov 3, 2011
2
0
0
Who told me that these words mean? thanks this:officieel winter,Moncler Online, lijkt het erop dat Moeder Natuur niet is te spelen dit seizoen. Het gezicht van de koude temperaturen en harde wind tot gevoelloosheid knie blizzard te zien in delen van de wereld. Ik moet toegeven, ik hoop echt dat de winter begint in 2011 of later,Moncler Jas, misschien ook niet. Ha,Jassen Moncler! Wishful thinking. Als je net als mij en je hebt niet gekocht een winterjas geschikt, of wil je gewoon een update van vorig jaar elegante jurk - geen zorgen te maken. We hebben onderzocht en gekozen voor de 11 wintervacht comfortabel is, zorgen voor warmte en toon uw gevoel voor mode. Een van mijn favoriete kleding is het Moncler. Vacht van de Franse samenleving en jas, evenwichtige wijze, stijl en functionaliteit die nodig is om sexy. Iedereen wil er goed uitzien en warm.
 

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    ටොරන්ට් කියන්නෙ අපි හුගක් අය දන්න සහ එදිනෙදා භාවිතාකරන දෙයක්, අපිට ටොරන්ට් වලින් දෙයක් බාගතකරනකොට සීඩ් කරන්න ඕනනෙ, ඉතින් ඒකට භාවිතාකරන සීඩ් බොක්ස් ගැන ගොඩක් අය අහල ඇති. සමහරු නොදන්නවත් ඇති. ගොඩක් ලංකාවේ අය ටොරෙන්ට් සයිට් පාවිච්චි කරන්නෙ ෆිල්ම්ස්, සොෆ්ට්වෙයාස්, ගේම්ස් වගේම අනෙකුත් දේ භාගත කරන්න


    ඒවගේම ප්‍රධාන වශයෙන් ටොර්රෙන්ට් සයිට් ගත්තොත් කොටස් දෙකක් දකින්න පුලුවන්.

    • Public Torrent Sites
    • Private Torrent Sites

    Public Torrent Sites කියන්නෙ ඕනෙ කෙනෙක්ට සයිට් එකට ඇතුලු වෙලා ඩවුන්ලොඩ් කරන්න ඉඩදෙන, තමන්ට උනත් ටොරන්ට් අප්ලෝඩ් කරන්න දෙන සයිට් වලට. උදා > TPB n ISOHunt . මේ සයිට් වල තියන වාසිය තමයි ඕන කෙනෙක්ට ඕන ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් Ratio එකේ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ !

    Private Torrent Sites පබ්ලික් සයිට් වගේ නෙමෙයි, හැම කෙනෙක්ටම ඒකෙ තියන ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒකෙ රෙජිස්ටර් වීම අනිවාර්යයි, රෙජිස්ටර් වෙන්නත් ඉන්විටේශන් ඕන, මේ සයිට්ස් වලින් ගොඩක් වෙලාට ටොරන්ට් වල හොද ස්පීඩ් එකක් ගන්න පුලුවන්. ලංකාවේ ගොඩක් අය යූස් කරන Private Torrent Sites යූස් කරන අය දන්නව නේ. අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ!
    ඒත් ලොකුම ප්‍රශ්නේ මේ සයිට් යූස් කරන කොට Ratio එක

    ඔන්න ඔය Ratio එකේ ප්‍රශ්නේ විසදන්න තමයි Seedbox කියන දේ එලියට එන්නේ!! ගොඩක් ක්‍රම තිබ්බත් ඔය රැශියෝ ප්‍රශ්නේ විසදන්න නමුත් ඒ ක්‍රම භාවිතා කරල තමන්ගේ ටොරන්ට් එකවුන්ට් එකත් Banned වෙලා අන්තිමට ලංකාවේ IP Range එකත් එක්ක බෑන් කරන්න පුලුවන්:(:(, තමන් වංචා කරන්න ගිහින් ලංකාවේ හැමෝම අමාරුවෙ දාන්න ඕනෙ නෑනෙ. :(:(


    • ඒ හින්දා අද අපි කතාකරමු සීඩ් බොක්ස් ගැන!!


    සීඩ් බොක්ස් එකක් යනු කුමක්ද?

    මේක දන්න අයටනං ප්‍රශ්නයක් නෙවෙයි ඒත් නොදන්න අයටනං හිතෙනව ඇති මොකක්ද මේ ඇට පෙට්ටිය කියන්නෙ කියල

    Torrent client සොෆ්ට්වයාස් එකක් ඉන්ස්ටෝල් කරන ලද සර්වර් එකකට තමයි සීඩ් බොක්ස් එකක් කියන්නෙ. ඇත්තටම කිව්වොත් අපේ කම්පියුටර් එකේ uTorrent ඉන්ස්ටෝල් කරලා තියනව වගේ , සර්වර් එකකට Torrent client එකක් ඉන්ස්ටෝල් කරලා, ඒකට ෆයිල්ස් ඩවුලෝඩ්කරල සීඩ් වෙන්න තියන එකකට තමයි seedbox එකක් කියන්නෙ!!
    මේ සර්වර් වල තියන විශේෂත්වය තමයි අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවලින් යුක්ත වීම. ඒ කියන්නෙ මේ සීඩ් බොක්ස් එකට තියන ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගොඩක් වෙලාවට 100Mbps , 1Gbps වගේ හෝ 2Gbps , 10Gbps තරම් වේගයකින් යුක්ත වෙනවා. එහෙම ස්පීඩ් එකක් සහිත කනෙක්ශන් එකකින් තමයි ටොර්රෙන්ට් අප්ලෝඩ් වෙන්නෙ. ඒ නිසා ඉතා අඩු ස්පීඩ් එකක් සහිත ලංකාව වගේ රටවල් වලට ටොරෙන්ට් සීඩ් කරන්න, ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් වල Ratio එක හදා ගන්න සීඩ් බොක්ස් එකක් පාවිච්චි කිරීම තුලින් පුලුවන්.



    මොනවගේ දේවල් වලටද සීඩ් බොක්ස් එක වැදගත් වෙන්නේ?


    ඉස්සෙල්ල කිව්ව වගේම සීඩ් බොක්ස් එක වැදගත් වෙන්නෙ Private torrent සයිට් වල ratio එක හොදට තියාගන්න. ගොඩක් ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් රැශියෝ එක 1:1 වලට පවත්වාගෙන යන්න තමයි කියන්නේ. ඒක හින්දා ඒ නිර්දේශිත රැශියෝ එක පවත්වාගෙන යන්න සීඩ් බොස්ක් එකක් භාවිතයෙන් පුලුවන්.

    ලංකාවේ වගේ රටවල තියෙන්නෙ ඉතා අඩු ස්පීඩ් එකක් සහිත කනෙක්ශන් නිසා මේ වගේ සීඩ් බොක්ස් එකක් භාවිත කිරීම තුලින් මාසයක් ඇතුලත ටෙරාබයිට් කිහිපයක් අප්ලෝඩ් කරන්න පුලුවන් ඒවගේම තමන්ට ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් වල ටොරෙන්ට් අප්ලෝඩ් කරන්න අවස්ථාව හිමි වෙලා තියනව නම්, සීඩ් බොක්ස් එකේ ඉදන්ම ටොරෙන්ට් ෆයිල් ක්‍රියේට් කරල ට්‍රකර් එකට අප්ලෝඩ් කරන්න පුලුවන්. ටොරෙන්ට් අප්ලෝඩ් කරනව කියන්නෙ ratio එක නිකන්ම boost වෙනවා.



    සීඩ් බොක්ස් වලට පාවිච්චි කරන Torrent Client සොෆ්ට්වෙයා මොනවාද?

    ප්‍රධාන වශයෙන් සීඩ්බොක්ස් වලට භාවිතා කරන Torrent Client සොෆ්ට්වෙයා වර්ග 4ක් දකින්න පුලුවන්. ඒවා නම්

    • Rutorrent
    • Deluge
    • µTorrent WebUi
    • Transmission
    • TorrentFlux




    • rutorrent

    rutorrent තමයි ගොඩක්ම සීඩ්බොක්ස් වල යූස් කරන ජනප්‍රියම torrent client software එක. ගොඩක් service providers ල rutorrent තමයි තමන්ගේ සීඩ්බොක්ස් client software එක විදිහට යූස් කරන්නෙ. අනික rutorrent වල විශේෂ පහසුකම් සහිත addon දකින්නත් පුලුවන්. ( IRC auto downloading , unrar/unzip compressed files......ect ) මෙන්න මේ වගේ අතුරු මුහුණතක් (interface) එකක් තමයි rutorrent වල දකින්න පුලුවන්.ඒවගේම භාවිත කරන්න ඉතා පහසු ඉන්ටෆේස් එකක් තමයි තියෙන්නෙ


    Esf74.png



    uukIb.png




    rutorrent ඉන්ස්ටෝල් කරල ලද 1Gbps කනෙක්ශන් එකක් සහිත සීඩ් බොක්ස් එකකින් මට දැනට ලැබිලා තියන උපරිම ස්පිඩ් එක තමයි මේ තියෙන්නෙ.100.6Mb/s


    sVy3K.png










    • Deluge

    rutorrent වලට පස්සෙ ජනප්‍රියම ටොරෙන්ට් client එක තමයි Deluge කියනෙ. මෙහි තියන විශේෂත්වය තමයි ඉක්මනින් peers හා කනෙක්ට් වීමේ හැකියාව. ඒ හින්දා ඉතාමත් ඉක්මනින් අනිකුත් torrent client වලට වඩා සීඩ් වෙන ප්‍රමාණය වැඩී! මේ නිසාම වැඩි දෙනෙක් මේ client එක යූස් කිරීමට කැමැත්තක් දක්වනවා
    Deluge වල අතුරු මුහුණත (interface) මෙන්න මේ වගේ
    N9wk4.png










    • µTorrent WebUi
    මේ Torrent client software එක අපේ ගෙවල් වල තියන PC වල රන් වෙන යූටොර්රෙන්ට් වලට සමානයි. ඒත් මේ client software එකේ තියන දුර්වලතාවය තමයි ඩිරෙක්ට්ලි ටොර්රෙන්ට් ක්‍රියේට් කරන්න බැරි එක, ඒක හින්දා රිමෝට් විදිහට තමයි ටොරෙන්ට් ක්‍රියේට් කරන්න පුලුවන්(VNC).ඒකෙත් අනිත් ටොරෙන්ට් client වලට වඩා ඉක්මනින් peers ල කනෙක්ට් වීමක් දකින්න පුලුවන්!ඒවගේම භාවිත කරන්න ඉතා පහසු ඉන්ටෆේස් එකක් තමයි තියෙන්නෙ

    මේ තියෙන්නෙ µTorrent WebUi වල ඉන්ටෆේස් එක.
    fP5ZP.png











    • Transmission


    ඊලගට බලමු ට්‍රන්ස්මිශන් කියන ටොරෙන්ට් ක්ලයන්ට් සොෆ්ට් එක ගැන. මේක service providers ල ගොඩක් අඩුවෙන් තමයි යූස් කරන්නෙ. එහෙත් rutorrent. deluge, utorrent වල දක්නට තියන පහසුකම් දකින්න නම් නෑ. ටොරෙන්ට් ලේබල් කිරීම වැනි සාමන්‍ය පහසුකම් පවා දකින්න නැහැ.
    මමත් පෞද්ගලිකව මේ ටොරෙන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකට කැමති නෑ, ඒක මගේ පෞද්ගලික අකමැත්ත, නමුත් ඔයාලට එහෙම නොවෙන්නත් පුලුවන්
    .

    RDvIu.png









    • TorrentFlux

    කියන්නෙත් තවත් seedbox සදහා යූස් කරන torrent client software එකක්
    මගේ පෞද්ගලික අදහස නම් Transmission හා සන්සන්දනය කිරීමේදී මේක දෙතුන් ගුනයක් හොදයි කියල .
    මෙ client සොෆ්ට්වෙයා එක මගිනුත් විශේෂ පහසුකම් සපයනවා. ( VLC video playback , unrar finished DL files) ඒත් ටොරෙන්ට් ලේබල් කිරීම වැනි පහසුකම් නම් දකින්න නෑ

    CBjTg.png


    ඔය ඉහතින් දැක්වෙන ටොරෙන්ට් client තමයි සාමාන්‍යයෙන් සීඩ් බොක්ස් සදහා පාව්ච්චි කරන්නෙ. ඒවායේ පොඩි විස්තරයකුත්, ඒවා වල ඉන්ටෆේස් එකේ ස්ක්‍රීන්ශොට් එහෙමත් දාල ඇති.

    තවත් ගොඩක් දේවල් තියනව සීඩ් බොක්ස් ගැන කතා කරන්න. ඒවා නම්
    සීඩ් බොක්ස් එකකින් ඩවුන්ලෝඩ් කරල තියන දේවල් අපේ PC එකට ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද?
    සීඩ් බොක්ස් එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.
    සීඩ් බොක්ස් වල මිලගනන්:dull:
    වගේ දේවල්. ඒවා ඊලග ත්‍ර්ඩ් එකෙන් බලමු

    .....

    ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා
    මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි:lol:




    :cool::cool: +5