Where is humanity :(

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මේ කතාව පොඩ්ඩක් කියවලා බලලා තමන්ට හිතන දේ comment කරලම යන්න. ගත්තේ නම් වෙන තැනකින්. හදවතට දැනුන නිසා දාන්න හිතුනා...

    386.jpg

    රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි.

    ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.

    ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියයි. මෙම වෛද්‍යවරිය මුල්ම පත්වීම ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලටය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි වැදී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ප්‍රතිකාර කර ඇත්තේ ඇයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම වෛද්‍යවරියගේ සමකාලීනයන්ය. කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කළ ඇය කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස සේවය කර ළමා රෝග විශේෂඥවරියක් වී 1985 වර්ෂයේ මහවැලි අධිකාරියට සම්බන්ධ වී ඇත.

    මහවැලි C සහ D කලාපවල ගමින් ගමට ගෙන් ගෙට ගොස් ඇය රෝගීන් සොය සොයා ප්‍රතිකාර කළාය. වෛද්‍යවරියක් ලෙස වසර 35කට වඩා වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා. ඇය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වී ඇත. විවාහයෙන් ඇයට දරුවන් නැත. ඇය දරුවන් අරන් හදා ගත්තාය. ඔහු දැනට විදේශ රටක පදිංචිව සිටිනවා. ඇයගේ සහෝදරිය සහ අනිකුත් ඥාතීන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව මෙම වෛද්‍යවරිය පවසනවා. විවාහයෙන් පසු විනීතා රංජනී ප්‍රනාන්දු නමින් ඇය පෙනී සිටියාය.

    මනුෂ්‍යයකුට ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් ද කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව ද නොමැතිව ඇය ගෙවන මේ කටුක ජීවිතය ගැන ඇයට ඇත්තේ දුකක් වේදනාවක් නොව පසුතැවිල්ලකි. ඇය පණසේ ආදරය කරන බල්ලන් 8 දෙනෙකි. බළලුන් 10 දෙනෙකි. ඇයට මෙම සත්තුන්ගෙන් තොර ලෝකයක් නැත. මෙම සතුන් භාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙනවා නම් එම සතුන් භාර දීමට ද ඇය සූදානමින් සිටියි.

    දැනට ඇයගේ එක ඇසක් පෙනෙන්නේ නැත. සතුන් ටික කාට හෝ භාරදී ඇසට ප්‍රතිකාර ගැනීමට ඇය කැමැතිය. මෙම වෛද්‍යවරිය ඇයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඇයගේ සුරතලුන් ‍පෝෂණය කරයි. නමුත් ඇය කෑම බිම නැතිව වැහැරී ගොස්ය. ඇයට අඳින්නට ඇඳුමක් හෝ හරියට කන්නට දෙයක් නැත. එක ඇසක පෙනුමේ දුබලතාව හැරුනාම වෙනත් කිසිම රෝගාබධයක් නැත. ඇයගේ ඇහැට අවශ්‍ය ප්‍රතිකාර ගෙන ප්‍රදේශයේ කුඩා දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇත්නම් යන්න ඇයගේ එකම සිහිනයයි.

    සුරංගනා කතාවක් බදු එම වියපත්වූ විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් අපට කියාදෙන පාඩම් අපමණය. එමෙන්ම සමාජයක් ලෙස මෙන්ම මනුෂ්‍යයන් ලෙස අද අපි සිටින්නේ කොතැනකද යන්න පිළිබදව මිනිසුන් ලෙස මෙන්ම, උසස් ජාතියකැයි පාරම්බාන ලාංකිකයින් ලෙස කළකිරීමට පත්කරන මෙවැනි පුවත් ගැන බළධාරීන් සිය ලැජ්ජාව කුමකින් හෝ වසාගත යුතුය. විවේකාගාරවලටත්, බෙහෙත් පෙත්තටත් වර්ජනය කරනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්, හෙද සංගම් ගැන අප යමක් කියනවාට වඩා පාඨක ඔබම අදහස් දැක්වීම ඔවුන්ගේ මව්දෙමව්පියන්ට යහපත් වනු ඇත.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය කථාවෙන් දෙන ආදර්ශ‍ය ඕක නෙවෙයි. ඕකේ ආදර්ශය තියෙනවා කථාවේම

    කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා

    තමන් අතට තම අතමය සෙවනැල්ල. තමන්ට කරගෙන ඉන්න ඕනේ අනුන්ට කරන්න කලින්.පිට මිනිස්සු, දෙමව්පියන්, දරුවන්, බැදපු කෙනා ,යාළුවන් තමන්ට උදව් කරන්න පුලුවන්, නමුත් ඒ මිනිස්සු උදව් කරන එකේ සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට තමන්ට විතරයි යන්න පුලුවන්. කොච්චර ආදරය කරත් හැමෝටම උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පණ දෙන්න නමුත් කොච්චර එහෙම දෙන්න හිටියත් ඒ හැම කෙනෙකුට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට තමන් තනියෙන් යා යුතුයි, ඉතින් එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම ඊට කලින් හදාගන්න ඕනේ නැත්නම් තමන්ට අන්තීමේදි පසුතැවෙන්න වෙන්නේ.

    උදාහරණයකට කිව්වොත්.
    හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීමට දෙමව්පියන් උදව් කරනවා, යාළුවන් උදව් කරනවා, බැන්දම බැන්ද කෙනා උදව් කරනවා. ඊට පස්සේ මොකක් හරි Job එකක් කරන්න ඕනේ Job එක ගන්න යාළුවෝ උදව් කරනවා, ගෙදර අය උදව් කරනවා හැමෝම වගේ උදව් කරනවා ඊට පස්සේ ඉතුරු කාලේ තමන්ට සල්ලි හොයාගෙන සැපට ඉන්න පුලුවන්. එතකොට මෙතන සීමාව තමයි ඉගෙන ගන්න උදව් කරන එක, Job එක ගන්න උදව් කරන එක. මෙතන වුනත් මේ ගෑණු කෙනා මෝඩයි තමන්ට කරගෙන නෑ අනුන්ට කරගෙන තියෙන්නේ අන්තිමට තමන්ට බැරි වුන කාලෙක කවුරුත් නෑ සලකන්නවත්. ඇයි නැත්තේ ?

    "එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම හදාගෙන නැති නිසා"

    ඉතින් මම කියන්නේ ඒකයි කට්ටියට.Copy කරලා හරි ව්භාග Pass වෙයල්ලා, Job එකක් හොයාගෙන පුලුවන් තරම් සල්ලි හොයපල්ලා අනුන්ට කරන්න කලින් තමන්ට කරගනිල්ලා. තමන්ගේ අනාගතය සුරක්ෂිත වගේ කියලා හිතන කොට අනුන්ට කරන්න. ඕන වට වඩා තමන් ගැනම බලන එක ආත්මාර්ථකාමි භාවයයි එහෙම වෙන්න හොද නෑ. හැම බොධිසත්වයෙක්ම වුනත් තමන් ගොඩ ගිහිල්ලයි අනුන්ව ගොඩ යවන්නේ. ඔන්න ඕක තමයි ආදර්ශය.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මමත් මිනිස්සු ගැන පුදුම කළකිරීමකින් ඉන්නේ බං. ගොඩක් ඉන්නේ කිසි කෙළෙහි ගුණයක් නැති සක්කිලි. පුලුවන් නම් "ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි" කියන පොත හොයාගෙන කියවපන්. ලියපු කෙනා මට එච්චර මතක නෑ. ඒත් කට්ටිය හොඳායි කියන ගුරු ගීතය කියන එකට ලඟින්වත් තියන්න බැරි තරම් ඒ පොත සුපිරි. මම ජීවිතේ කියවපු හොඳම පොත මේ තාක්.කතාව අන්තිමට මිනිස්සු කියන්නේ මේ වගේ එවුන්නේ කියන එක මනාව තේරෙනවා බං ඒ එක්කම මහා කළකිරීමක් ඇතිවෙනවා. ඒ පොත කියවපන් ලංකාවේ මිනිස්සුන්ගේ නියම ස්වභාවය මුල අමතක කම හොඳට පෙන්නලා දීලා තියනවා.
     
    ඔයා කියන කතාවත් හරි, හැබැයි මිනිස්සු දැනගන්න ඕනේ කෙලෙහිගුණ දක්වන්න. සන්වර්දිත රටවල නම් රජයෙන්ම වයසට ගිය මිනිස්සු ගැන හොයලා බලාන්න වෙනමම වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් අපි තාම සංවර්දනය වෙන රටක් නිසා ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. ඒ කොහොම උනත් සමාජය දැනගන්න ඕනේ මේ වගේ අයට නිසි සත්කාර කරන්න.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ මමත් මිනිස්සු ගැන පුදුම කළකිරීමකින් ඉන්නේ බං. ගොඩක් ඉන්නේ කිසි කෙළෙහි ගුණයක් නැති සක්කිලි. පුලුවන් නම් "ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි" කියන පොත හොයාගෙන කියවපන්. ලියපු කෙනා මට එච්චර මතක නෑ. ඒත් කට්ටිය හොඳායි කියන ගුරු ගීතය කියන එකට ලඟින්වත් තියන්න බැරි තරම් ඒ පොත සුපිරි. මම ජීවිතේ කියවපු හොඳම පොත මේ තාක්.කතාව අන්තිමට මිනිස්සු කියන්නේ මේ වගේ එවුන්නේ කියන එක මනාව තේරෙනවා බං ඒ එක්කම මහා කළකිරීමක් ඇතිවෙනවා. ඒ පොත කියවපන් ලංකාවේ මිනිස්සුන්ගේ නියම ස්වභාවය මුල අමතක කම හොඳට පෙන්නලා දීලා තියනවා.
    මිනිස්සු ගැනනම් කියලා වැඩක් නෑ. ගෙදර උන්වවත් විශ්වස කරන්න බැරි කාලයක් මේක. හරියට ඔලුවෙන් හිතලා බැලුවොත් අනික් අය වැඩකරන්නෙ මොන මොන අරමුනු එක්කද කියල තේරුම් ගන්න පුලුවන්. තමනුත් කොයිතරම් දුරට ඒ වගේද කියලා බලාගන්නත් පුලුවන්.:dull::dull:

    මම ඔය පොත බලලා නෑ. ඒත් මාටින් වික්‍රමසින්හගෙ පොත්වල සින්හලුන්ගෙ නියම ස්වරූපෙ පෙන්නලා තියෙනව. රිදෙන්න ගහලත් තියෙනව. කලියුගය,භවතරණ වගේ පොත් අරගෙන බලන්න.
    :rolleyes:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    අපෝ මමත් මිනිස්සු ගැන පුදුම කළකිරීමකින් ඉන්නේ බං. ගොඩක් ඉන්නේ කිසි කෙළෙහි ගුණයක් නැති සක්කිලි. පුලුවන් නම් "ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි" කියන පොත හොයාගෙන කියවපන්. ලියපු කෙනා මට එච්චර මතක නෑ. ඒත් කට්ටිය හොඳායි කියන ගුරු ගීතය කියන එකට ලඟින්වත් තියන්න බැරි තරම් ඒ පොත සුපිරි. මම ජීවිතේ කියවපු හොඳම පොත මේ තාක්.කතාව අන්තිමට මිනිස්සු කියන්නේ මේ වගේ එවුන්නේ කියන එක මනාව තේරෙනවා බං ඒ එක්කම මහා කළකිරීමක් ඇතිවෙනවා. ඒ පොත කියවපන් ලංකාවේ මිනිස්සුන්ගේ නියම ස්වභාවය මුල අමතක කම හොඳට පෙන්නලා දීලා තියනවා.

    :cool: :cool: :cool:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ඔය කථාවෙන් දෙන ආදර්ශ‍ය ඕක නෙවෙයි. ඕකේ ආදර්ශය තියෙනවා කථාවේම

    තමන් අතට තම අතමය සෙවනැල්ල. තමන්ට කරගෙන ඉන්න ඕනේ අනුන්ට කරන්න කලින්.පිට මිනිස්සු, දෙමව්පියන්, දරුවන්, බැදපු කෙනා ,යාළුවන් තමන්ට උදව් කරන්න පුලුවන්, නමුත් ඒ මිනිස්සු උදව් කරන එකේ සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට තමන්ට විතරයි යන්න පුලුවන්. කොච්චර ආදරය කරත් හැමෝටම උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පණ දෙන්න නමුත් කොච්චර එහෙම දෙන්න හිටියත් ඒ හැම කෙනෙකුට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට තමන් තනියෙන් යා යුතුයි, ඉතින් එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම ඊට කලින් හදාගන්න ඕනේ නැත්නම් තමන්ට අන්තීමේදි පසුතැවෙන්න වෙන්නේ.

    උදාහරණයකට කිව්වොත්.
    හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීමට දෙමව්පියන් උදව් කරනවා, යාළුවන් උදව් කරනවා, බැන්දම බැන්ද කෙනා උදව් කරනවා. ඊට පස්සේ මොකක් හරි Job එකක් කරන්න ඕනේ Job එක ගන්න යාළුවෝ උදව් කරනවා, ගෙදර අය උදව් කරනවා හැමෝම වගේ උදව් කරනවා ඊට පස්සේ ඉතුරු කාලේ තමන්ට සල්ලි හොයාගෙන සැපට ඉන්න පුලුවන්. එතකොට මෙතන සීමාව තමයි ඉගෙන ගන්න උදව් කරන එක, Job එක ගන්න උදව් කරන එක. මෙතන වුනත් මේ ගෑණු කෙනා මෝඩයි තමන්ට කරගෙන නෑ අනුන්ට කරගෙන තියෙන්නේ අන්තිමට තමන්ට බැරි වුන කාලෙක කවුරුත් නෑ සලකන්නවත්. ඇයි නැත්තේ ?

    "එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම හදාගෙන නැති නිසා"

    ඉතින් මම කියන්නේ ඒකයි කට්ටියට.Copy කරලා හරි ව්භාග Pass වෙයල්ලා, Job එකක් හොයාගෙන පුලුවන් තරම් සල්ලි හොයපල්ලා අනුන්ට කරන්න කලින් තමන්ට කරගනිල්ලා. තමන්ගේ අනාගතය සුරක්ෂිත වගේ කියලා හිතන කොට අනුන්ට කරන්න. ඕන වට වඩා තමන් ගැනම බලන එක ආත්මාර්ථකාමි භාවයයි එහෙම වෙන්න හොද නෑ. හැම බොධිසත්වයෙක්ම වුනත් තමන් ගොඩ ගිහිල්ලයි අනුන්ව ගොඩ යවන්නේ. ඔන්න ඕක තමයි ආදර්ශය.

    අනිවාරෙන්ම.. මේ කතාවට මන් 100% එකග වෙනවා. අනුන්ට කරලා කරලා අන්තිමට අපිටම කෙල වෙනකන් අපිවත් දන්නේ නැ. හොදම දේ තමා උදව්වක් කරනකොට උනත් සීමාවක් තුල ඉදගෙන කරන එක. අනිත් අයට ස්ථාවරයක් හදන්න ඉදිරිපත් වෙන්න කලින් අපි අපිට කියලා හරිහමන් ස්තාවරයක් හදාගෙන ඉන්න ඕනේ. :yes::yes:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මේ කතාව පොඩ්ඩක් කියවලා බලලා තමන්ට හිතන දේ comment කරලම යන්න. ගත්තේ නම් වෙන තැනකින්. හදවතට දැනුන නිසා දාන්න හිතුනා...

    386.jpg

    රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි.

    ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.

    ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියයි. මෙම වෛද්‍යවරිය මුල්ම පත්වීම ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලටය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි වැදී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ප්‍රතිකාර කර ඇත්තේ ඇයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම වෛද්‍යවරියගේ සමකාලීනයන්ය. කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කළ ඇය කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස සේවය කර ළමා රෝග විශේෂඥවරියක් වී 1985 වර්ෂයේ මහවැලි අධිකාරියට සම්බන්ධ වී ඇත.

    මහවැලි C සහ D කලාපවල ගමින් ගමට ගෙන් ගෙට ගොස් ඇය රෝගීන් සොය සොයා ප්‍රතිකාර කළාය. වෛද්‍යවරියක් ලෙස වසර 35කට වඩා වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා. ඇය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වී ඇත. විවාහයෙන් ඇයට දරුවන් නැත. ඇය දරුවන් අරන් හදා ගත්තාය. ඔහු දැනට විදේශ රටක පදිංචිව සිටිනවා. ඇයගේ සහෝදරිය සහ අනිකුත් ඥාතීන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව මෙම වෛද්‍යවරිය පවසනවා. විවාහයෙන් පසු විනීතා රංජනී ප්‍රනාන්දු නමින් ඇය පෙනී සිටියාය.

    මනුෂ්‍යයකුට ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් ද කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව ද නොමැතිව ඇය ගෙවන මේ කටුක ජීවිතය ගැන ඇයට ඇත්තේ දුකක් වේදනාවක් නොව පසුතැවිල්ලකි. ඇය පණසේ ආදරය කරන බල්ලන් 8 දෙනෙකි. බළලුන් 10 දෙනෙකි. ඇයට මෙම සත්තුන්ගෙන් තොර ලෝකයක් නැත. මෙම සතුන් භාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙනවා නම් එම සතුන් භාර දීමට ද ඇය සූදානමින් සිටියි.

    දැනට ඇයගේ එක ඇසක් පෙනෙන්නේ නැත. සතුන් ටික කාට හෝ භාරදී ඇසට ප්‍රතිකාර ගැනීමට ඇය කැමැතිය. මෙම වෛද්‍යවරිය ඇයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඇයගේ සුරතලුන් ‍පෝෂණය කරයි. නමුත් ඇය කෑම බිම නැතිව වැහැරී ගොස්ය. ඇයට අඳින්නට ඇඳුමක් හෝ හරියට කන්නට දෙයක් නැත. එක ඇසක පෙනුමේ දුබලතාව හැරුනාම වෙනත් කිසිම රෝගාබධයක් නැත. ඇයගේ ඇහැට අවශ්‍ය ප්‍රතිකාර ගෙන ප්‍රදේශයේ කුඩා දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇත්නම් යන්න ඇයගේ එකම සිහිනයයි.

    සුරංගනා කතාවක් බදු එම වියපත්වූ විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් අපට කියාදෙන පාඩම් අපමණය. එමෙන්ම සමාජයක් ලෙස මෙන්ම මනුෂ්‍යයන් ලෙස අද අපි සිටින්නේ කොතැනකද යන්න පිළිබදව මිනිසුන් ලෙස මෙන්ම, උසස් ජාතියකැයි පාරම්බාන ලාංකිකයින් ලෙස කළකිරීමට පත්කරන මෙවැනි පුවත් ගැන බළධාරීන් සිය ලැජ්ජාව කුමකින් හෝ වසාගත යුතුය. විවේකාගාරවලටත්, බෙහෙත් පෙත්තටත් වර්ජනය කරනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්, හෙද සංගම් ගැන අප යමක් කියනවාට වඩා පාඨක ඔබම අදහස් දැක්වීම ඔවුන්ගේ මව්දෙමව්පියන්ට යහපත් වනු ඇත.
    what is the source???
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔය කතාව එක්ක යහමින් පෑහෙන වදන් පෙළක් මගේ 2014 නූල ඇතුළෙ තියෙනව. ගොඩවෙලා කියවන්නකො. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මේක ඇත්තම කියල කාට හරි කන්ෆර්ම් කරන්න පුලුවන්ද?:rolleyes:

    ඇත්ත නම් මේ පැත්තෙ යන්න කැමති කවුරුහරි ඉන්නවද?:rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ඔය කථාවෙන් දෙන ආදර්ශ‍ය ඕක නෙවෙයි. ඕකේ ආදර්ශය තියෙනවා කථාවේම

    තමන් අතට තම අතමය සෙවනැල්ල. තමන්ට කරගෙන ඉන්න ඕනේ අනුන්ට කරන්න කලින්.පිට මිනිස්සු, දෙමව්පියන්, දරුවන්, බැදපු කෙනා ,යාළුවන් තමන්ට උදව් කරන්න පුලුවන්, නමුත් ඒ මිනිස්සු උදව් කරන එකේ සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට තමන්ට විතරයි යන්න පුලුවන්. කොච්චර ආදරය කරත් හැමෝටම උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පණ දෙන්න නමුත් කොච්චර එහෙම දෙන්න හිටියත් ඒ හැම කෙනෙකුට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට තමන් තනියෙන් යා යුතුයි, ඉතින් එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම ඊට කලින් හදාගන්න ඕනේ නැත්නම් තමන්ට අන්තීමේදි පසුතැවෙන්න වෙන්නේ.

    උදාහරණයකට කිව්වොත්.
    හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීමට දෙමව්පියන් උදව් කරනවා, යාළුවන් උදව් කරනවා, බැන්දම බැන්ද කෙනා උදව් කරනවා. ඊට පස්සේ මොකක් හරි Job එකක් කරන්න ඕනේ Job එක ගන්න යාළුවෝ උදව් කරනවා, ගෙදර අය උදව් කරනවා හැමෝම වගේ උදව් කරනවා ඊට පස්සේ ඉතුරු කාලේ තමන්ට සල්ලි හොයාගෙන සැපට ඉන්න පුලුවන්. එතකොට මෙතන සීමාව තමයි ඉගෙන ගන්න උදව් කරන එක, Job එක ගන්න උදව් කරන එක. මෙතන වුනත් මේ ගෑණු කෙනා මෝඩයි තමන්ට කරගෙන නෑ අනුන්ට කරගෙන තියෙන්නේ අන්තිමට තමන්ට බැරි වුන කාලෙක කවුරුත් නෑ සලකන්නවත්. ඇයි නැත්තේ ?

    "එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම හදාගෙන නැති නිසා"

    ඉතින් මම කියන්නේ ඒකයි කට්ටියට.Copy කරලා හරි ව්භාග Pass වෙයල්ලා, Job එකක් හොයාගෙන පුලුවන් තරම් සල්ලි හොයපල්ලා අනුන්ට කරන්න කලින් තමන්ට කරගනිල්ලා. තමන්ගේ අනාගතය සුරක්ෂිත වගේ කියලා හිතන කොට අනුන්ට කරන්න. ඕන වට වඩා තමන් ගැනම බලන එක ආත්මාර්ථකාමි භාවයයි එහෙම වෙන්න හොද නෑ. හැම බොධිසත්වයෙක්ම වුනත් තමන් ගොඩ ගිහිල්ලයි අනුන්ව ගොඩ යවන්නේ. ඔන්න ඕක තමයි ආදර්ශය.

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    අපෝ මමත් මිනිස්සු ගැන පුදුම කළකිරීමකින් ඉන්නේ බං. ගොඩක් ඉන්නේ කිසි කෙළෙහි ගුණයක් නැති සක්කිලි. පුලුවන් නම් "ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි" කියන පොත හොයාගෙන කියවපන්. ලියපු කෙනා මට එච්චර මතක නෑ. ඒත් කට්ටිය හොඳායි කියන ගුරු ගීතය කියන එකට ලඟින්වත් තියන්න බැරි තරම් ඒ පොත සුපිරි. මම ජීවිතේ කියවපු හොඳම පොත මේ තාක්.කතාව අන්තිමට මිනිස්සු කියන්නේ මේ වගේ එවුන්නේ කියන එක මනාව තේරෙනවා බං ඒ එක්කම මහා කළකිරීමක් ඇතිවෙනවා. ඒ පොත කියවපන් ලංකාවේ මිනිස්සුන්ගේ නියම ස්වභාවය මුල අමතක කම හොඳට පෙන්නලා දීලා තියනවා.

    minissu inne thamanta dyak one unama witharai :angry:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔය කතාව එක්ක යහමින් පෑහෙන වදන් පෙළක් මගේ 2014 නූල ඇතුළෙ තියෙනව. ගොඩවෙලා කියවන්නකො. :yes:

    ගොඩවෙලා කියවන්න බැරි නම් ඔන්න අහවල් වදන් පෙළ.
    :)
    මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි...

    මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ.
    එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න.
    ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න.
    ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න.
     
    Last edited: