WINDOWS 10 UPDATES නොදන්න_දේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    48376092_368879817012643_1474144814504083456_n__1544798030_14.0.175.13.jpg



    වින්ඩෝව්ස් 10 පාවිච්චි කරන/කරපු සමහරක් නිතර කියන කතා තමා වින්ඩෝව්ස් 10 වලට ඩේට කැපෙනව වැඩී, වින්ඩෝව්ස් අප්ඩේට් හරි කරදරයි වගේ ඒව.

    හැබැයි ඉතින් කට්ටිය මෙහෙම කියන්න මූලිකම හේතුව වින්ඩෝව්ස් අප්ඩේට් ගැන නොදැනුවත්කම.

    ගොමගාන්න වගේ අපිලිවෙලට වින්ඩෝව්ස් අප්ඩේට් රිලීස් කරනව කියලතමා බහුතරයක් හිතන් ඉන්නේ. හැබැයි මේ ලඟදි Microsoft එකෙන් නිකුත් කල ඩොකියුමන්ට් එකක බොහොම පැහැදිලිව වින්ඩෝව්ස් අප්ඩේට් වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියනව.

    ඒකට අනුව වින්ඩෝව්ස් අප්ඩේට් වර්ග කීපයක් තියනව.

    ඒවයින් ප්‍රධානම වින්ඩෝව්ස් අප්ඩේට් එක තමා A අප්ඩේට් එක. ඒව රිලීස් වෙන්නේ මාස හයකට වරක්. මේ තමා Redstone, October වගේ මෙගා ෆීචර්ස් අප්ඩේට්. මේව ගිගාබයිට් ගානක අප්ඩේට්ස්. මේව එන්නේ මාස හයකට වරක් නිසා කරදරයක් නෑ.

    අනිත් ඒවයින් පලවෙනි එක B අප්ඩේට්ස්. මේ බී අප්ඩේට්ස් සෑම මසකම දෙවනි සතියේ අඟහරුවාද නිකුත් කරනව. මේ අප්ඩේට්ස් වලට කියන්නේ Quality Updates කියල. මේවයින් කරන්නේ වින්ඩෝව්ස් වල තියන බග්ස්, සිකුරිටි අවුල් ෆික්ස් කරන එක.

    මේ අප්ඩේට්ස් Cumulative. ඒකියන්නෙ මේ මාසේ අප්ඩේට් එකේ ඊට කලින් මාස වල ෆික්ස් ටිකත් එනව. ඒනිසා මාසයක අප්ඩේට් එක මගඇරුනම ඊලඟ මාසේ අප්ඩේට් දෙකක් ඩවුන්ලෝඩ් කරන්න ඔන වෙන්නේ නෑ.

    ඊලඟට තව අප්ඩේට් වර්ග 2ක් තියනව C හා D කියල. මේ අප්ඩේට් නිකුත් වෙන්නේ සෑම මසකම තෙවන හා සිව්වන සතිවල.

    මේ C හා D අප්ඩේට් කියන්නේ එක්තරා බීට අප්ඩේට් වර්ගයක්. මේව අපි Check For Updates බටන් එක ක්ලික් කලොත් මිසක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. මේ C හා D අප්ඩේට් දෙන්නේ ඇඩ්වාන්ස්ඩ් යූසර්ලට විතරයි. හැබැයි මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ අප්ඩේට්ස් ටික අර බටන් එක ඔබන අයට ලබාදෙනව. මේ හින්ද අර බටන් එක ඔබන අයට වින්ඩෝව්ස් බග්ස් කියන්නේ අරුමයක් නෙවේ. ආන් ඒ අය තමා වින්ඩෝව්ස් ටෙන් නරකයි කියල කෑගහන අයගෙන් බහුතරය.

    එකම මාසේ Check for Updates බටන් එක කීපවතාවක්ම එබුවොත් ඔයාව මයික්‍රෝසොෆ්ට් එකෙන් C හා D අප්ඩේට් සඳහා බීටා යූසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනව. මේකෙන් අන්රෙජිස්ටර් වෙන ක්‍රමයක් එයාල කියන්නේ නෑ. ඒ වගේම මේක Windows Insider වලට අදාල එකක් නෙවේ. ඒනිසා ඒක එක්ක පටල ගන්න එපා.

    මේ අප්ඩේට් වර්ග වලට අමතරව හදිසි බග්ස්, සිකුරිටි හෝල්ස් වලට එනව අප්ඩේට්ස් තියනව. ඒව අත්‍යවශ්‍ය හා කුඩා අප්ඩේට් නිසා අපිට නොදැනීම ඩවුන්ලෝඩ් වෙනව.

    අවසාන වශයෙන් කියන්න ඕන වින්ඩෝව්ස් අප්ඩේට් කියන්නේ අනිවාර්යයෙන් ලබාගන්න ඕන එකක්. ඒක මගහරිනව කියන්න සිකුරිටි ත්‍රෙට්ස් ගනනාවකට පාරකපා ගැනිල්ලක්.....



     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Oya C, D updates walin ayin wenne kohomada bn...
    Anika data thiyana WiFI connection ekakata connect unama (Office WiFi) update button eka click nokara update karanne kohomada...?
     
    Last edited: