වීපීඑස් එකක් කියන්නේ හරියටම කියනවනම් අපි ගෙදර පාවිච්චි කරන මැශින් එකක්ම තමයි නමුත් වෙනස්කම් කිහිපයක් තියෙනවා අපිට ඒක අල්ලන්නවත් දකින්නවත් බැහැ.
ඒවා තියෙන්නෙ කොහෙද ? මෙන්න උත්තරේ ඒක තියෙන්නෙ ඇමරිකාව,එක්සත් රාජධානිය,ඉන්දියාව,ලිතුඒනියාව,ජර්මනිය,යුක්‍රේනය වගේ ප්‍රසිද්ධ සහ දියුනු රටවල තියෙන සර්වර් ෆාම් වල පැය 24ම දුවන සර්වර් ඇතුලේ කොටින්ම කියනවනම් අපි එහෙ ඒ තියෙන ඒ සර්වර් මැශින් එකෙන් පාර්ටිශන් එකක් තමයි අරගෙන තියෙන්නෙ නමුත් ඒ පාටිශන් එකට රැම් එකක් තියෙනවා සහ මාසිකව පිටවෙන සහ ඇතුල්වෙන දත්ත ප්‍රමාණයක් තියෙනවා.ඒ වගේම අපි ඒක පාලනය කරන්නේ අපේ ගෙදර ඉඳගෙන අයිපී ලිපිනයක් හරහා
ඒක කොහොමද පාවිච්චි කරන්නේ?
මුලින්ම අපිට ලැබෙන්නේ ඕඑස් එකක් විතරක් ඉන්ස්ටෝල් කරපු සීඑම්ඩී එකක් තියෙන කොටසක් අපි ඒක හරහා අපිට වැඩකරගන්න පුලුවන් වෙන විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා.අපි ඒ කාලේ සීඑම්ඩී වලින් වැඩ කලානේ ? ඩොස් වලින් එක්ස්පී වලට මාරු වුනා වගේ තමයි ඩොස් වෙනුවට ඉන්ටර්ෆේස් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා සීපැනල්,ක්ලොක්සෝ,ඉසඩ්පැනල්,වර්චුවල් මින්,වෙබ්බ් මින් කියන්නේ ඒ වගේ ප්‍රසිද්ධ ඉන්ටර්ෆේස් ටිකක්.මේක ඉන්ස්ටෝල් කරගත්තම අපේ වැඩේ කරගන්න ලේසියි.කොහොමත් වීපීඑස් එකක් ටයිපින්ග් වැඩවලට,ෆොටෝ එඩිටින් වලට,වීඩියෝ එඩිටින්ග් වලට පාවිච්චි කරන්නේ නැහැනේ.සීමිත වැඩ කොටසක් තමයි අපි ඒක හරහා කරගන්නේ ඉතින් ඒ සීමිත වැඩ කොටස කරගන්න අපිට අර කියපු ඉන්ටර්ෆේස් එකක් හොඳටම ඇති දෙක තුනක් දාන්නත් බැහැ.
ධුරාවලිය
වෙබ් හොස්ටීන්ග් >> රීසෙල්ලෙර් හොස්ටිං>>වීපීඑස්>>ඩෙඩිකේටඩ් සර්වර්>>රෙන්ටඩ් හාඩ්වෙයාර් මේ තමයි සාමාන්‍යයෙන් ගත්තම වෙබ් හොස්ටින්ග් බෙදිලා යන ආකාර මේවට මැදින් අගින් මුලින් වෙන වෙන තව තව කෑලි එනවා මේ පොදුවේ භාවිතා කරන කොටස
මේ ටික ඇති කියලා හිතනවා ඔයාට ඉගෙන ගන්න තව අහගන්න ඕනිනම් මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම්
ආහ් තව එකක් කියන්න අමතක උනා හුඟක් අය ලංකාවේ වෙබ් හොස්ටින්ග් කියපු ගමන් බය වෙනවා ඒ අය හිතාගෙන ඉන්නේ ඒ වෙබ් හොස්ටින්ග් දෙන්නේ ලන්කාවේ කියලා නමුත් කියන්න ඕනි ලංකාවේ වෙබ් හොස්ටින්ග් කරන කවුරුවත්ම තමන්ගේ ගෙදර වෙබ් සර්වරයක් හදලා දෙන්නෙ නම් නැහැ මොකද ලංකාව වගේ රටකට ඒ වගේ තාක්ෂණයක් නැහැ ඒ වගේමයි එච්චර ශක්තිමත් පරිගණක සම්බන්ධතාත් නැහැ මම දැනුවත්ව ලංකාවටම සර්වර් එකක් තියෙන්නෙ විභාග දෙපාර්ත්මේන්තුවේ නමුත් ඒකත් පේනවනේ ඕලෙවල් හරි ඒලෙවල් හරි ප්‍රතිඵල නිකුත් කරල සතියකින් මුලු සර්වර් පද්ධතියම අලුත්වැඩියා කරනවා එතකොට හිතාගන්න ලංකාවේ තත්වේ
ලංකාවේ අපිට අපේ ගෙදර වෙබ් හොස්ටිං කරන්න තරම් සල්ලි නැහැ ඒවට හරියන සම්පත් නැහැ ඒ නිසා ලංකාව ඇතුලේ සර්වර් ෆාම් එකක් හදනවා කියන එක ටිකක් අමාරු වැඩක් නමුත් කාගෙන් හරි ඉහල පෙලේ තල්ලුවක් ලැබෙනවනම් ලංකාවෙත් සර්වර් ෆාම් එකක් හදන්න පුලුවන් ඊට හරියන දැනුම තියෙන අය ඕනි තරම් ඉන්නවා නමුත් මම හිතන්නේ නැහැ ඒකත් සාර්ථක වෙයි කියලා මොකද නොරොච්චෝලෙට වෙලා තියෙන දේ පේනවනේ? හදනවා කැඩෙනවා ඒ සෙතේම තමයි මෙහෙත් එහෙම දෙයක් කරොත් අනික විදුලිබලය ගෙදරකට වැයවෙන විදුලිබලය වගේ දෙගුණයක් තුන් ඝුණයක් විදුලියත් වැයවෙනවා අනික ලංකාවෙ කරන්ට් කපන හැටියට දවසම සර්වර් ඩවුන් තමයි
උපුටා ගැනීම G-Host Lanka Web Solutions ආයතනයේ නිළ Facebook පිටුවෙන්





)
