World War Weapons-කමිකාසේ ඩෝග්
නැගෙනහිර පෙරමුණේ පරාජයට මුහුණ දෙමින් ඉන්න අතරෙ බලාපොරොත්තු බිඳීගිය රතු හමුදාව සතුරා විනාශ කල හැකි ටිකක් අමුතු විදියෙ උපක්රම හොයන්න පෙලඹුණා.
ඇන්ටි ටැන්ක් ඩෝග් හෙවත් ටැන්කි නාශක සුනඛයා මෙම සොයාගැනීම් වලින් එකක්. රුසියානුවො මුලින්ම ප්ලෑන් කරේ බෝම්බය පිටේ බැඳගෙන ඉලක්කයට යන සුනඛයන් එය කටෙන් ඇද ඉලක්කය මත පතිත කරලා ආපහු දුවගෙන එන්න පුහුණු කරවන්නයි.
බලාපොරොත්තු වූ විදියට සුනඛයන් හට මෙය හරියට කරගන්න බැරිවිය.ඉතින් සෝවියට් හමුදාවෙ මීලඟ සරල විසඳුම වුණේ සුනඛයා සමඟම බෝම්බය පිපිරීමට ලක් කිරීමයි.
මේ සුනඛයන්ව පුහුණු කරන්නත් අපූරු ක්රමයක් පාවිච්චි කරා. ඔවුන්ට කෑම දුන්නෙ යුධ ටැංකියක් මත ඉඳගෙනයි. ඉතින් ඒ සත්තු හිතුවා සෑම යුද්ධ ටැන්කියක් මතම කවුරුහරි තමන්ට කෑම දෙන්න බලාගෙන ඉන්නව කියලා. ඒ වගේම සෑම මෙහෙයුමකට කලින් සුනඛයන් අධික බඩගින්නේ තබන්නත් රුසියානුවන් පියවර ගත්තා.
ඉතින් කිලෝ 10 ක පමණ බෝම්බයක් බැඳ බඩගින්නේ උන්නු සුනඛයාව නිදහස් කල ගමන්, තමන්ගෙ නිසැක මරණය ගැන නොදැන ආහාර සොයමින් යුද්ධ ටැන්කි වෙත දුවන්න ඇති.
පිටේ සවිකල දණ්ඩට සම්බන්ධ ඩෙටනේටරය යුද්ද ටැන්කියෙ ස්පර්ශ වෙනවා හාම බෝම්බෙ පුපුරල යුද්ධ ටැන්කිය විනාශ වුණා.
මේ ආකාරයෙන් බල්ලන් 40000ක් පමණ ගණනක් විවිධ ඉලක්ක වෙත පහරදීමට යොදාගත් බවට වාර්තා තියනවා.
කමිකාසේ ඩෝග්ලගෙ ප්රහාර මොන තරම් සාර්ථක වුණාද කියනව නම්, දකින හැම සුනඛයෙක්ටම සොයා බැලිල්ලක් නැතිව වෙඩි තැබිමට ජර්මානුවො පියවර අරන් තියනවා. කොහොම නමුත් යුද්ධය අවසන් වෙද්දී ජර්මන් ටැන්කි 300 කට වැඩි ප්රමාණයක් විනාශකරන්න සුනඛ හමුදාව සමත් වුණා.
කමිකාසේ ඩෝග්-kamikaze Dog(Anti-tank dog)

Wikipedia:https://en.wikipedia.org/wiki/Anti-tank_dog
writer:Nadeesha Nimalka