අරුම පුදුම හමුදා අවි
දෙවන ලෝක යුද්ධය සහ සීතල යුද්ධය යනු අරුම පුදුම අවි ආයුද ,රහස් ව්‍යාපෘති රැසක් බිහිකල කාල සමයන් දෙකකි.ලෝකයම පුදුමයට පත් කල හමුදාමය නිමැවුම් වැඩි ප්‍රමාණයක් හිට්ලර්ගේ පාලන කාලයේ නිෂ්පාදනය විය.ඉන් අනතුරුව පැමිණි ලෝක බලවතුන් දෙදෙනාගේ තරඟයේදී එකිනෙකා පරදවන්නට රහසිගතව විවිධ අවි නිර්මාණය කරන ලදි.එලෙස නිර්මාණය කල අවි බොහොමයක් ලෝකයා හමුවේ නිරාවරණය වුනේ සුළු වශයෙනි.ඊට හේතුවූයේ එම ව්‍යාපෘතිවල අවසන් ඵලය සැලසුම් කල තරම් සාර්ථක ඒවා නොවීමයි.මෙම ලිපියෙන් එවැනි අවි කිහිපයක් ඔබගේ දැන ගැනීම උදෙසා ගෙන එමි.
ඇසූ පමණින් ගෝතම් නගරයේ වීරයා භාවිතා කරන අවියක් යැයි හැඟේවි.නමුත් වවුලන් යොදාගෙන ජපානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් යුතුව රහසිගත ව්‍යාපෘතියක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදි.නේපාම් බෝම්බ මෙම වවුලන්ගේ එල්වා ඒවා පැරිෂුට් මගින් ගිනි ගන්නාසුලු ද්‍රව්‍යවලින් තනා තිබෙන ජපන් නිවාස මතට වැටෙන්නට සැලැස්වීම ඔස්සේ ගින්නක් ඇති කිරීම එහි අරමුණ විය.නමුත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 2ක් පමණ වියදම් කිරීමෙන් පසුව එය නවතා දමන ලදි.ඊට හේතු වූයේ එහි වැඩි දියුණු කිරීම් පමා වීමත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කිරීමට 1945 වසරේ මැද භාගය තෙක් බලා සිටින්නට සිදුවීමත් යන කාරණාය.
සෝවියට් දේශයේ අග්‍රගන්‍ය නිමැවුමකි.මෙය ගුවන් යානයක් යැයි ඕනෑම අයෙක් වරදවා වටහා ගත හැකිය.මෙවැනි යානා හඳුන්වන්නේ ground effect vehicle (GEV) යනුවෙනි.මෙය ගුවන් යානයක,නැවක සහ වායුපායානයක එකතුවක් ලෙස දැක්විය හැක.මෙම යානය එහි තිබෙන විශේෂිත පියාපත සහ එන්ජිම ජල මට්ටමට මීටර් කිහිපයක් ඉහළින් පියාසර කිරීමට අවශ්‍ය බලය සහ හැකියාව ලබාදෙයි.මෙය සෝවියට් නාවික හමුදාව 1987 වසරේ සිට භාවිත කර තිබෙන අතර 1990 දශකයේ අවසන් කාලය වන තෙක් රුසියානු නාවික හමුදාව මෙය සේවයේ යෙදවූ බව කියවේ.මෙවැනි යානා 3ක් සෝවියට්වරුන් නිපදවා තිබෙන අතර යානයක කාර්‍ය මණ්ඩලය 15 විය.දිගින් මීටර් 73ක්ද උසින් මීටර් 19ක් ද වූ මෙම යාත්‍රාව සෙබලුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබෙන අතර කිසිදු සංග්‍රාමයකට යොදාගෙන නැත.යාත්‍රාව කාලතුවක්කු අවි කිහිපයකින්ද නෞකා නාශක මිසයිල විදිනවලින්ද සන්නද්ධය.
එක්සත් ජනපදය විසින් සිදු කල තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් විය.දෙවන ලෝක යුද සමයේ සීග්‍ර ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් ජපන් හමුදා පැසිෆික් සාගරයේ සහ අග්නිදිග ආසියානු කලාපයේ බලය තහවුරු කරගනිමින් තිබිණි.ජපානයද එම කාලයේ විවිධ අවි රහසිගතව අත්හදා බැලූ තවත් එක් රටකි.ඔවුන්ගේ ගුවන් හමුදාව මරාගෙන මැරෙන නියමුවන්ගෙන්ද සමන්විත විය.ගුවන් නියමුවෙකුගේ වැදගත්කම දන්නා එක්සත් ජනපදය ඒ වෙනුවට ස්වයංඝාතක සත්වයන් යොදාගෙන ප්‍රහාර එල්ල කිරීමට ක්‍රමවේදයන් දියුණු කිරීමට යොමුවිය.පරවියන් යොදාගෙන ඇරඹූ මෙම ව්‍යාපෘතිය Project Pigeon නමින් හැඳින්වීය.පරවියන් මිසයිලය තුලට ඇතුලු කර ඔවුන්ට පෙනෙන ලෙස ප්‍රහාරක ඉලක්කයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන ලදි.මිසයිලයේ නියමුවන් ලෙස පරවියන් ක්‍රියාත්මක විය.ඔවුන්ට ඉලක්කය හඳුනාගත හැකිවන ලෙස පෙර පුහුණුවක් ලබා දී තිබිණි.කෙසේනමුත් ප්‍රායෝගිකව භාවිතා කිරීමේ අපහසුතා සහ ප්‍රමාද වීම් නිසා මෙම ව්‍යාපෘතිය 1944 වසරේ ඔක්තෝම්බර් මස නවතා දමන ලදි.නමුත් 1948 වසරේදී මෙය Project Orcon නමින් නාවික හමුදාව විසින් නැවත ඇරඹුවද 1953 වසරේදී අතහැර දැමුවේ ඉලෙක්ට්‍රොනික් මාර්ගෝපදේශක පද්ධතිවල නිරවද්‍යබව සනාථ වීමෙන් පසුවයි.
දෙවන ලෝක යුද සමයේ වැඩිම ස්වයංඝාතක අවි අත්හදා බලන ලද්දේ සහ සංග්‍රාමිකව යොදාගත්තේ ජපානයයි.විශේෂත්වය වන්නේ ඔවුන්ගේ ස්වයංඝාතක අවිවලට මිනිසුන් යොදාගැනීමයි.ස්වයං ඝාතක මෙහෙයුම් සඳහා ජපන් හමුදාව සතුව විශේෂිත ඒකකයක්(shimbu-tai) විය.Kaiten යනු ජපනුන් යොදාගත් මිනිසෙක් සහිත ටෝර්පිඩෝ එකකි.මෙය ජපන් නාවික හමුදාව දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේ භාවිතා කරන ලද්දේ සතුරු නෞකාවලට එරෙහිවයි.මේවා සබ්මැරීන,නෞකා සහ වෙරළින් මුදා හැරිය හැකිසේ නිපදවන ලද අතර එක්සත් ජනපද තෙල් ප්‍රවාහන නෞකාවක් වූ USS Mississinewa සහ destroyer වර්ගයේ නාවිකා හමුදා යාත්‍රාවක් වූ USS Underhill එහි ගොදුරු බවට පත්විය.
නාසි ජර්මනියේ ඉංජිනේරුවේදයේ අග්‍රගන්‍ය නිපැයුමක් ලෙස මෙම සද්දන්ත කාලතුවක්කු අවිය හැඳින්විය හැකිය.මෙහි Gustav යන Dora නමින් අවි දෙකක් නිපදවූ අතර Sevastopol වටලෑමේදී මෙම අවියේ ප්‍රබලත්වය කොපමණදැයි ඔප්පු කරන ලදි.ප්‍රවාහනයේ සහ සූදානම් කරවීමේ අවාසි සහගත බව නිසා මෙම අවියෙන් ප්‍රමාණවත් තරම් කාර්‍යක් කරගන්නට නාසි හමුදාවලට නොහැකිවූ අතර පසුකාලීනව අවි දෙකම මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්විය.
ජපානයේ තවත් ස්වයං ඝාතක අවියක් වූයේ Yokosuka MXY-7 Ohka නම් රොකට් බලයෙන් බල පියාසර කල කුඩා ප්‍රමාණයේ ගුවන් යානාය.මෙම කුඩා යානා මිනිසෙක් විසින් පැදවූ අතර ඒවා අධික වේගයෙන් සතුරු නෞකා වෙතට කඩා වැදී පුපුරවා යන සේ නිර්මාණය කර තිබිණි.Kamikaze යානා මාතෘ ගුවන් යානයකින් මුදා හරින ලද අතර මෙම තර්ජනයෙන් මිඳීමට තිබෙන පහසුම ක්‍රමය අඩු වේගයකින් ගමන් කරන මාතෘ යානය වෙඩි තබා බිම හෙළීම බව මිත්‍ර පාර්ශ්වික හමුදා විසින් අවබෝධ කරගන්නා ලදි.අනෙකුත් ජපන් ස්වයං ඝාතක ප්‍රහාර මෙන් මෙයද 1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ ක්‍රියාත්මක විය.
වඩාත් වැදගත් හමුදා අවිය වන්නේ දැනුමයි.දැනුම අත්පත් කරගන්නට නම් ඔබට ඔත්තු බලන්නන් අවශ්‍ය වේ.1960 දශකය යනු සීතල යුද්ධය අතිශය උණුසුම් වු දශකයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.අභ්‍යාවකාශ තරඟය තියුණු වීම,කියුබා මිසයිල අර්බුදය සහ වියට්නමයේ ඇමෙරිකානු මැදිහත්වීම එසමයේ වැදගත් සිද්ධී කිහිපයකි.60 දශකයේදී සංවිධානය ගෘහස්ථව බළලෙක් ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස යොදා ගැනීමට ව්‍යාපෘතියක් අරඹන ලද අතර ඊට ඩොලර් මිලියන 20ක් පමණ යෙදවූබවක්ද සඳහන් වේ.මෙම වැඩසටහන 1967 වසරේදී අතහැර දැමූබවක් සඳහන් වුවද එය පසුකාලීනව මෙහෙයුම් වෙනුවෙන් යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
මිනිසා විසින් චන්ද්‍රිකා,ස්මාට් බෝම්බ සහ ලේසර් නියමු ගුවන් ප්‍රහාර ආදිය වෙත ළඟාවීමට පෙර සංග්‍රාම සඳහා සතුන් යොදා ගැනීම ජනප්‍රියව තිබිණි.සෝව්යට් හමුදා දෙවන ලෝක යුද්ධයේදී යුද ටැංකි විනාශ කිරීමට සුනඛයන් යොදාගන්නා ලදි.මෙහි පළමු සැලැස්ම වූයේ කාල බෝම්බයක් ජර්මන් යුද ටැංකි ඉදිරියට දමා සුනඛයන් සිය භාරකරුවන් වෙතට නිරුපද්‍රිතව දිව යෑමයි.නමුත් දුරස්ථපාලක බෝම්බයකින් සුනඛයන් සන්නද්ධ කර ඔවුන් සතුරු ඉලක්කය වෙත ලඟාවූ වහාම පුපුරවා හැරීම වඩාත් පහසුබව සෝවියට් හමුදා අවබෝධ කරන්නා ලදි.සුනඛයන් පුහුණු කිරීමේදී සිදුවූ අඩුපාඩු නිසා ජර්මන් ටැංකිවලට බියෙන් පලාවිත් තම භාරකරුවන් වෙතට පැනීම නිසා සෙබලුන් තුවාල ලැබීය.තවද ජර්මන් ටැංකි හමුවේ සාර්ථකව පුපුරවා ගැනීම් කල ඉන් ප්‍රමාණවත් හානියක් ඒවාට සිදු නොවූ අතර තම භාරකරුවන් වෙත දිව එන සුනඛයන්ගෙන් සිදුවන හානිය වැළැක්වීමට පසුව ඔවුන්ට වෙඩි තබන්න යැයි භාරකරුවන්ට අණ ලැබිණි.කෙසේනමුත් මෙම සත්ව හිංසාවට සුනඛයන්ගේ භාරකාර සෙබලුන් විරෝධය පළ කිරීම හමුවේ එය 1942 වසරේදී අතහැර දමන ලදි.පසුගිය සමයේ පලස්තීන මුසලුන් මෙවැනි ආකාරයේ අවි(බුරුවන්ගේ රැඳවූ බෝම්බ )ඊශ්‍රායල ආරක්ෂක අංශවලට එරෙහිව යොදාගත් අවස්ථා කිහිපයක් වාර්තා විය.
Nuclear artillery යනු උපක්‍රමික න්‍යෂ්ඨික අවියකි.මේවා ගොඩබිම සිට සංග්‍රාම භූමියේ ඉලක්ක වෙත මුදා හැරේ.මෙය කාලතුවක්කුවක් මගින් මුදා හරින උණ්ඩයකි.නමුත් තාක්ෂණිකව අර්ථය කෙටි දුර කාලතුවක්කු රොකට් හෝ උපක්‍රමික බැලස්ටික් මිසයිල ඇතුලත් බවයි.මුල් කාලීනව න්‍යෂ්ඨික අවි සතුරු භූමි තුලට හෙලුවේ ගුවන් යානා යොදාගෙනය.(එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙලීම )නමුත් සංග්‍රාම භූමියේ සිට න්‍යෂ්ඨික අවි භාවිතා කිරීමේ ක්‍රමයක් ලෙස Nuclear artillery දියුණු කරන ලදි.කාලතුවක්කුවක් යොදාගෙන න්‍යෂ්ඨික අවි නිකුත් කිරීම එහි අරමුණ විය.ඇමෙරිකා එක්සත් ජනපදය,සෝවියට් දේශය සහ ප්‍රංශය මෙවැනි Nuclear artillery අවි අත්හදා බැලූ සහ භාවිතා කල රටවල් වන අතර එක්ස්ත් රාජධානියද මෙවැනි අවි පද්ධති සම්බන්ධ පර්යේෂණ සිදුකර තිබෙන බව සඳහන්ය.මෙම අවි පද්ධති පසුව නේටෝ රටවල ස්ථානගත කෙරුණු බවක් සඳහන් වේ.පසු කාලීනව න්‍යෂ්ඨික ශීර්ෂ සහිත මිසයිලවලින් සන්නද්ධ ජංගම උපක්‍රමික බැලස්ටික් මිසයිල දියත්කරණයන් මගින් මෙම Nuclear artillery අවි ප්‍රතිස්ථාපනය කරන ලදි.කෙසේ වෙතත් චීනය,ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් මෙම සාම්ප්‍රදායික අවි පද්ධති තවමත් භාවිතා කරයි.
මෙය Vespa වර්ගයේ ස්කූටයක් සමග එන අවියකි.නමුත් ප්‍රහාර එල්ල කිරීම ස්කූටරයේ සිට කල හැකි තත්ත්වයට එය දියුණු කර නොමැත.146cc තනි සිලින්ඩර් ද්විත්ව පහර එන්ජිමක් සහිත ස්කූටරය එ.ජ. M20 75 mm recoilless තුවක්කුවක් සහ උණ්ඩ කිහිපයක් ගෙන යා හැකිසේ මෙය නිර්මාණය කර තිබෙන්නේ Ateliers de Construction de Motocycles et Automobiles (ACMA) නම් ප්‍රංශ සමාගමයි.මෙම අවිය මි.මී.100 සන්නාහයක් බිඳ දැමීමේ හැකියාව තිබේ.1956 දී හඳුන්වා දුන් මෙය 1959 දී යාවත්කාලීන කල බවක් සඳහන් වන අතර එක් අවියක මිල එසමයේ ඇ.ඩො.500ක් විය.මෙවැනි සන්නද්ධ ස්කූටර් 500ක් පමණ නිපදවූ බව කියවේ.
Source:controversialtimes.com
-HarshaLulzSec-

The Bat Bomb - වවුල් බෝම්බය

The Lun Ekranoplane - ලන් ඊක්‍රොනොප්ලේන්

Pigeon Guided Missiles - පරවි මිසයිල
එක්සත් ජනපදය විසින් සිදු කල තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් විය.දෙවන ලෝක යුද සමයේ සීග්‍ර ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් ජපන් හමුදා පැසිෆික් සාගරයේ සහ අග්නිදිග ආසියානු කලාපයේ බලය තහවුරු කරගනිමින් තිබිණි.ජපානයද එම කාලයේ විවිධ අවි රහසිගතව අත්හදා බැලූ තවත් එක් රටකි.ඔවුන්ගේ ගුවන් හමුදාව මරාගෙන මැරෙන නියමුවන්ගෙන්ද සමන්විත විය.ගුවන් නියමුවෙකුගේ වැදගත්කම දන්නා එක්සත් ජනපදය ඒ වෙනුවට ස්වයංඝාතක සත්වයන් යොදාගෙන ප්‍රහාර එල්ල කිරීමට ක්‍රමවේදයන් දියුණු කිරීමට යොමුවිය.පරවියන් යොදාගෙන ඇරඹූ මෙම ව්‍යාපෘතිය Project Pigeon නමින් හැඳින්වීය.පරවියන් මිසයිලය තුලට ඇතුලු කර ඔවුන්ට පෙනෙන ලෙස ප්‍රහාරක ඉලක්කයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන ලදි.මිසයිලයේ නියමුවන් ලෙස පරවියන් ක්‍රියාත්මක විය.ඔවුන්ට ඉලක්කය හඳුනාගත හැකිවන ලෙස පෙර පුහුණුවක් ලබා දී තිබිණි.කෙසේනමුත් ප්‍රායෝගිකව භාවිතා කිරීමේ අපහසුතා සහ ප්‍රමාද වීම් නිසා මෙම ව්‍යාපෘතිය 1944 වසරේ ඔක්තෝම්බර් මස නවතා දමන ලදි.නමුත් 1948 වසරේදී මෙය Project Orcon නමින් නාවික හමුදාව විසින් නැවත ඇරඹුවද 1953 වසරේදී අතහැර දැමුවේ ඉලෙක්ට්‍රොනික් මාර්ගෝපදේශක පද්ධතිවල නිරවද්‍යබව සනාථ වීමෙන් පසුවයි.
Kaiten Manned Suicide Torpedoes - ස්වයං ඝාතක නියමු ටෝර්පිඩෝ
දෙවන ලෝක යුද සමයේ වැඩිම ස්වයංඝාතක අවි අත්හදා බලන ලද්දේ සහ සංග්‍රාමිකව යොදාගත්තේ ජපානයයි.විශේෂත්වය වන්නේ ඔවුන්ගේ ස්වයංඝාතක අවිවලට මිනිසුන් යොදාගැනීමයි.ස්වයං ඝාතක මෙහෙයුම් සඳහා ජපන් හමුදාව සතුව විශේෂිත ඒකකයක්(shimbu-tai) විය.Kaiten යනු ජපනුන් යොදාගත් මිනිසෙක් සහිත ටෝර්පිඩෝ එකකි.මෙය ජපන් නාවික හමුදාව දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේ භාවිතා කරන ලද්දේ සතුරු නෞකාවලට එරෙහිවයි.මේවා සබ්මැරීන,නෞකා සහ වෙරළින් මුදා හැරිය හැකිසේ නිපදවන ලද අතර එක්සත් ජනපද තෙල් ප්‍රවාහන නෞකාවක් වූ USS Mississinewa සහ destroyer වර්ගයේ නාවිකා හමුදා යාත්‍රාවක් වූ USS Underhill එහි ගොදුරු බවට පත්විය.
Gustav Rail Cannon - ගුස්ටාව් රේල්ලු කාලතුවක්කුව
නාසි ජර්මනියේ ඉංජිනේරුවේදයේ අග්‍රගන්‍ය නිපැයුමක් ලෙස මෙම සද්දන්ත කාලතුවක්කු අවිය හැඳින්විය හැකිය.මෙහි Gustav යන Dora නමින් අවි දෙකක් නිපදවූ අතර Sevastopol වටලෑමේදී මෙම අවියේ ප්‍රබලත්වය කොපමණදැයි ඔප්පු කරන ලදි.ප්‍රවාහනයේ සහ සූදානම් කරවීමේ අවාසි සහගත බව නිසා මෙම අවියෙන් ප්‍රමාණවත් තරම් කාර්‍යක් කරගන්නට නාසි හමුදාවලට නොහැකිවූ අතර පසුකාලීනව අවි දෙකම මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්විය.
Yokosuka MXY-7 Ohka Kamikaze Attack Plane - ස්වයං ඝාතක ගුවන් යානා
ජපානයේ තවත් ස්වයං ඝාතක අවියක් වූයේ Yokosuka MXY-7 Ohka නම් රොකට් බලයෙන් බල පියාසර කල කුඩා ප්‍රමාණයේ ගුවන් යානාය.මෙම කුඩා යානා මිනිසෙක් විසින් පැදවූ අතර ඒවා අධික වේගයෙන් සතුරු නෞකා වෙතට කඩා වැදී පුපුරවා යන සේ නිර්මාණය කර තිබිණි.Kamikaze යානා මාතෘ ගුවන් යානයකින් මුදා හරින ලද අතර මෙම තර්ජනයෙන් මිඳීමට තිබෙන පහසුම ක්‍රමය අඩු වේගයකින් ගමන් කරන මාතෘ යානය වෙඩි තබා බිම හෙළීම බව මිත්‍ර පාර්ශ්වික හමුදා විසින් අවබෝධ කරගන්නා ලදි.අනෙකුත් ජපන් ස්වයං ඝාතක ප්‍රහාර මෙන් මෙයද 1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ ක්‍රියාත්මක විය.
Spy Cats - ඔත්තු බලන බළලුන්
වඩාත් වැදගත් හමුදා අවිය වන්නේ දැනුමයි.දැනුම අත්පත් කරගන්නට නම් ඔබට ඔත්තු බලන්නන් අවශ්‍ය වේ.1960 දශකය යනු සීතල යුද්ධය අතිශය උණුසුම් වු දශකයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.අභ්‍යාවකාශ තරඟය තියුණු වීම,කියුබා මිසයිල අර්බුදය සහ වියට්නමයේ ඇමෙරිකානු මැදිහත්වීම එසමයේ වැදගත් සිද්ධී කිහිපයකි.60 දශකයේදී සංවිධානය ගෘහස්ථව බළලෙක් ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස යොදා ගැනීමට ව්‍යාපෘතියක් අරඹන ලද අතර ඊට ඩොලර් මිලියන 20ක් පමණ යෙදවූබවක්ද සඳහන් වේ.මෙම වැඩසටහන 1967 වසරේදී අතහැර දැමූබවක් සඳහන් වුවද එය පසුකාලීනව මෙහෙයුම් වෙනුවෙන් යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
Anti-Tank Dogs - යුද ටැංකි නාශක සුනඛයන්
මිනිසා විසින් චන්ද්‍රිකා,ස්මාට් බෝම්බ සහ ලේසර් නියමු ගුවන් ප්‍රහාර ආදිය වෙත ළඟාවීමට පෙර සංග්‍රාම සඳහා සතුන් යොදා ගැනීම ජනප්‍රියව තිබිණි.සෝව්යට් හමුදා දෙවන ලෝක යුද්ධයේදී යුද ටැංකි විනාශ කිරීමට සුනඛයන් යොදාගන්නා ලදි.මෙහි පළමු සැලැස්ම වූයේ කාල බෝම්බයක් ජර්මන් යුද ටැංකි ඉදිරියට දමා සුනඛයන් සිය භාරකරුවන් වෙතට නිරුපද්‍රිතව දිව යෑමයි.නමුත් දුරස්ථපාලක බෝම්බයකින් සුනඛයන් සන්නද්ධ කර ඔවුන් සතුරු ඉලක්කය වෙත ලඟාවූ වහාම පුපුරවා හැරීම වඩාත් පහසුබව සෝවියට් හමුදා අවබෝධ කරන්නා ලදි.සුනඛයන් පුහුණු කිරීමේදී සිදුවූ අඩුපාඩු නිසා ජර්මන් ටැංකිවලට බියෙන් පලාවිත් තම භාරකරුවන් වෙතට පැනීම නිසා සෙබලුන් තුවාල ලැබීය.තවද ජර්මන් ටැංකි හමුවේ සාර්ථකව පුපුරවා ගැනීම් කල ඉන් ප්‍රමාණවත් හානියක් ඒවාට සිදු නොවූ අතර තම භාරකරුවන් වෙත දිව එන සුනඛයන්ගෙන් සිදුවන හානිය වැළැක්වීමට පසුව ඔවුන්ට වෙඩි තබන්න යැයි භාරකරුවන්ට අණ ලැබිණි.කෙසේනමුත් මෙම සත්ව හිංසාවට සුනඛයන්ගේ භාරකාර සෙබලුන් විරෝධය පළ කිරීම හමුවේ එය 1942 වසරේදී අතහැර දමන ලදි.පසුගිය සමයේ පලස්තීන මුසලුන් මෙවැනි ආකාරයේ අවි(බුරුවන්ගේ රැඳවූ බෝම්බ )ඊශ්‍රායල ආරක්ෂක අංශවලට එරෙහිව යොදාගත් අවස්ථා කිහිපයක් වාර්තා විය.
Nuclear artillery-න්‍යෂ්ඨික කාලතුවක්කු
Nuclear artillery යනු උපක්‍රමික න්‍යෂ්ඨික අවියකි.මේවා ගොඩබිම සිට සංග්‍රාම භූමියේ ඉලක්ක වෙත මුදා හැරේ.මෙය කාලතුවක්කුවක් මගින් මුදා හරින උණ්ඩයකි.නමුත් තාක්ෂණිකව අර්ථය කෙටි දුර කාලතුවක්කු රොකට් හෝ උපක්‍රමික බැලස්ටික් මිසයිල ඇතුලත් බවයි.මුල් කාලීනව න්‍යෂ්ඨික අවි සතුරු භූමි තුලට හෙලුවේ ගුවන් යානා යොදාගෙනය.(එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙලීම )නමුත් සංග්‍රාම භූමියේ සිට න්‍යෂ්ඨික අවි භාවිතා කිරීමේ ක්‍රමයක් ලෙස Nuclear artillery දියුණු කරන ලදි.කාලතුවක්කුවක් යොදාගෙන න්‍යෂ්ඨික අවි නිකුත් කිරීම එහි අරමුණ විය.ඇමෙරිකා එක්සත් ජනපදය,සෝවියට් දේශය සහ ප්‍රංශය මෙවැනි Nuclear artillery අවි අත්හදා බැලූ සහ භාවිතා කල රටවල් වන අතර එක්ස්ත් රාජධානියද මෙවැනි අවි පද්ධති සම්බන්ධ පර්යේෂණ සිදුකර තිබෙන බව සඳහන්ය.මෙම අවි පද්ධති පසුව නේටෝ රටවල ස්ථානගත කෙරුණු බවක් සඳහන් වේ.පසු කාලීනව න්‍යෂ්ඨික ශීර්ෂ සහිත මිසයිලවලින් සන්නද්ධ ජංගම උපක්‍රමික බැලස්ටික් මිසයිල දියත්කරණයන් මගින් මෙම Nuclear artillery අවි ප්‍රතිස්ථාපනය කරන ලදි.කෙසේ වෙතත් චීනය,ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් මෙම සාම්ප්‍රදායික අවි පද්ධති තවමත් භාවිතා කරයි.
Vespa 150 TAP - සන්නද්ධ ස්කූටරය