මාත් ඉස්සර ඉස්කෝලේ යනකාලේ එක්ස් ෆයිල්ස් බලන්න පිස්සු වැටිලා හිටියේ. සතියක් බලාගෙන ඉදලා ඔන්න රෑ එක්ස් ෆයිල්ස් බලන්න ලෑස්ති වෙලා ටීවී එකත් දාගෙන බලං ඉන්නවා. ටිකට් අදින එව්වා, ව්‍යාපාරික පුවත් කිය කියා හැම මගුලම ගිහිං අන්තිමට ජාතික එකේ දානවා නොවැලැක්විය හැකි හේතුවක් මත මේ සතියේ එක්ස් ෆයිල්ස් විකාශනය නොවේ කියලා. ඊට පස්සේ සතපහකට වැඩක් නැති කවුරුහරි දේශපාලනික කතාවක් යනවා. ඕකනේ කරේ ජාතික එකෙන්. බැරිම තැන මම සල්ලි දීලාම එක්ස් ෆයිල්ස් ටීවී සීරිස් එක ගෙන්න ගත්තා මැලේසියාවේ ඉදලා ආපු කෙනෙක් ගෙන්.