Xiaomi Mi 11 Ultra අවුරුද්දකට පසු...

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1661152131499.png


    ඉතින් හැමෝම හොදින් ඇති කියලා හිතනවා.

    මේක ඇත්තටම කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒත් මේ Device එක ඇත්තටම ගොඩාක් කාලයක් පාවිච්චි කරලාම බලලා Review එකක් දාන්න ඕනේ එකක් කියලා තේරුන හින්දා තමයි මෙච්චර කල් පරක්කු උනේ...

    හරි අපි බලමු මොකද්ද මේ Xiaomi Mi 11 Ultra කියන්නේ කියලා...





    මේ Review ඔක්කොම මේ ෆෝන් එක ආපු කාලේ කරපු Review.

    මේ තියෙන්නේ Specifications ටික...


    LAUNCHAnnounced2021, March 29
    StatusAvailable. Released 2021, April 02
    BODYDimensions164.3 x 74.6 x 8.4 mm (6.47 x 2.94 x 0.33 in)
    Weight234 g (8.25 oz)
    BuildGlass front (Gorilla Glass Victus), ceramic back, aluminum frame
    SIMDual SIM (Nano-SIM, dual stand-by)
    IP68 dust/water resistant (up to 1.5m for 30 mins)
    DISPLAYTypeAMOLED, 1B colors, 120Hz, HDR10+, Dolby Vision, 900 nits (HBM), 1700 nits (peak)
    Size6.81 inches, 112.0 cm2 (~91.4% screen-to-body ratio)
    Resolution1440 x 3200 pixels, 20:9 ratio (~515 ppi density)
    ProtectionCorning Gorilla Glass Victus
    PLATFORMOSAndroid 11, MIUI 12.5
    ChipsetQualcomm SM8350 Snapdragon 888 5G (5 nm)
    CPUOcta-core (1x2.84 GHz Cortex-X1 & 3x2.42 GHz Cortex-A78 & 4x1.80 GHz Cortex-A55)
    GPUAdreno 660
    MEMORYCard slotNo
    Internal256GB 8GB RAM, 256GB 12GB RAM, 512GB 12GB RAM
    UFS 3.1
    MAIN CAMERATriple50 MP, f/2.0, 24mm (wide), 1/1.12", 1.4µm, Dual Pixel PDAF, Laser AF, OIS
    48 MP, f/4.1, 120mm (periscope telephoto), 1/2.0", 0.8µm, PDAF, OIS, 5x optical zoom
    48 MP, f/2.2, 12mm, 128˚ (ultrawide), 1/2.0", 0.8µm, PDAF
    FeaturesDual-LED flash, HDR, panorama, 1.1” AMOLED selfie display
    Video8K@24fps, 4K@30/60fps, 1080p@30/60/120/240/960/1920fps, gyro-EIS, HDR10+ rec.
    SELFIE CAMERASingle20 MP, f/2.2, 27mm (wide), 1/3.4", 0.8µm
    FeaturesHDR, panorama
    Video1080p@30/60fps, 720p@120fps, gyro-EIS
    SOUNDLoudspeakerYes, with stereo speakers
    3.5mm jackNo
    24-bit/192kHz audio
    Tuned by Harman Kardon
    COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac/6e, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
    Bluetooth5.2, A2DP, LE, aptX HD
    GPSYes, with dual-band A-GPS, GLONASS, GALILEO, QZSS, NavIC, BDS (tri-band)
    NFCYes
    Infrared portYes
    RadioNo
    USBUSB Type-C 2.0, USB On-The-Go
    FEATURESSensorsFingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass, color spectrum
    BATTERYTypeLi-Po 5000 mAh, non-removable
    ChargingFast charging 67W, 100% in 36 min (advertised)
    Fast wireless charging 67W, 100% in 39 min (advertised)
    Reverse wireless charging 10W
    Quick Charge 4+
    Power Delivery 3.0




    මන් මේක ගත්තේ 2021 අගෝස්තු වල.

    Whats-App-Image-2022-08-22-at-10-06-09-AM.jpg


    Whats-App-Image-2022-08-22-at-10-06-08-AM.jpg


    Whats-App-Image-2022-08-22-at-10-06-09-AM-1.jpg


    මේ තමයි ඉතින් මගේ ෆෝන් රාජයා.... (ගන්නකොට කලින් පාවිච්චි කරපු කෙනා වටේට Protector ස්ටිකර් එකක් ගහලා. දැන් නම් ඒකේ කාලේ හරි. උඹලා කියන්න කලින් කිව්වේ... :baffled: )

    ගන්නකොට තිබ්බේ China ROM...

    12GB Ram / 256GB Rom

    ඉතින් හා පුරා කියලා ගත්ත දවසේ ඉදන් සිම් දෙකම එහෙම දාගෙන පාවිච්චි කරන්න ගත්තා ගතියට. කොච්චර ගති ද කිව්වොත් ඊටපස්සේ දවස් දෙක තුනකට පස්සේ මගේ පරන Galaxy S10 + එකත් විකුණලා දැම්මා....
    ඉතින් හෙන ගැම්මෙන් ටික දවසක් පාවිච්චි කරනකොට තමයි යකා කොච්චර කලුද කියලා පේන්න ගත්තේ... 🤦‍♂️
    පලවෙනියටම පහල තියෙන ලෙඩ ටික එන්න ගත්තා....

    1. Back display එක වැඩකලේ Camera එකටයි Call එකක් එනකොටයි විතරයි.
    2. Notification එන්නේ ෆෝන් එක අන්ලොක් කලාම විතරයි. ලොක් නම් මලාට එන්නේ නෑ (මේක නම් පට්ට වදයක් උනා)
    3. සමහර වෙලාවට කෝල් එකක් එනකොට රින්ග්ටෝන් එක වදින්නේ නෑ. වයිබරේටරේ විතරයි වැඩ.
    4. සමහර ඇප් වල වචන චයිනීස් වලින් එන්නේ. (උදා.:- Themes ඇප් එක, සමහර නේටිව් ඇප් එහෙම)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොහොම හරි ඉතින් මේ ගැන ෆුල් රිසර්ච් එකක් කරන්න කියලා හිතාගෙන කොම්පීටරේ ඉස්සරාහින් ඉදගත්තා...
    අප්පද බොල... මට විතරක් නෙමෙයි. මේක ගොඩාක් උන්ට තියෙන ප්‍රශ්න ටිකක් කියලා තේරුනේ එතකොට (දැන් රෙදි උස්සන් එන්න එපා කලින් කිව්වා නේ අපරාදේ ගත්තේ කිය කිය හරිය...:P)
    පරණ ෆෝන් එක විකුනුවේ අපරාදේ කියලත් හිතුන වාර අනන්තයි.
    කොහොමහරි ඉතින් ලිදට වැටුන එකා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියලා හිතලා මොනවද මේවට කරන්න පුලුවන් කියලා හොයලා බැලුවා. නානාප්‍රකාර Solutions තිබුනා.
    මුලින්ම කලේ XiaomiADBFastbootTools යූස් කරලා තිබුන Bloatware ටික අයින් කරගත්තා. රීජන් එක චේනජ් කලා India වලට. සමහර ඇප් Uninstall කරලා APK ෆයිල් එකෙන් Install කලා.
    මේ වගේ මෙකී නොකී ගොඩක් දේවල් කලා. සමහර ඒවා නම් හරිගියා. ඒත් Back Display එකේ කේස් එන නම් හරිගියේම නෑ.

    කොහොමෙන් හරි ගොඩාක් අය කියලා තිබුනා Chinese Rom එක අයින් කරලා Europe Rom එක දාගන්න කියලා. පෙනීගිය විදියට නම් වැඩේ අමාරු නෑ වගේ නිසා ගැහුවා Europe Rom එක. බඩුම තමා, Europe Rom එක කියලා ගහලා තියෙන්නේ Global Rom එක. හැබැයි ටිකක් පාවිච්චි කරලා බැලුවාම අර මන් උඩින් කියපු අවුල් ටික සේරම වගේ නැතුව ගිහිල්ලා. හැබැයි සමහර මට ඕනේ දේවල් Global Rom එකේ තිබ්බේ නෑ.
    උදා:- Automatic Call Recording, Themes for Google Dialer and Massages වගේ පොඩි පොඩි දේවල් ටිකක් නැති උනත්, Global Rom එකත් එක්ක ජීවත් වෙන්න තීරණය කලා.

    කොහොමින් හරි ඉතින් Android 12 (MIUI 13) එකත් ආවා මේ අවුරුද්දේ මුල. ඊටපස්සේ නම් කිසිම ලෙඩක් අඩුපාඩුවක් තිබ්බේ නැති තරම් (අර මන් කිව්ව Automatic Call Recording, Themes for Google Dialer and Massages කියන දෙක නම් මොන දේ කලත් හදාගන්න බැරි උනා).
    තවදෙයක්, මගේ Samsung Galaxy Watch Active 2 එක මේකට කනෙක්ට් කරගන්න පුදුම දුකක් විදින්න උනා. අදටත් සමහර වෙලාවට ෆෝන් එකේ කනෙක්ට් කියලා පෙන්නුවට වොච් එකේ ඩිස්කනෙක්ට් කියලා පෙන්නනවා. Bluetooth ඕෆ් කරලා ඔන් කලාම හරියනවා. තව මගේ Sony XB-400 හෙඩ්සැට් එකත් ඒවගේමයි. මේකේ Bluetooth චිප් එකේ ලොකු ලෙඩක් තියෙනවා කියලා ගොඩක් දාලා තිබුනා. සමහර රටවල් නම් ෆෝන් එක Recall කරලත් තිබුනා.
    කොහොමහරි ඉතින් අද වෙනකන් ම Global Rom එක්ක තමයි ජීවත් වෙන්නේ.

    ඉතින් මන් මගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ මෙහෙමයි.
    Wireless තමයි චාර්ජ් කරන්නේ. දවසට පැය 12ක් 16ක් විතර Bluetooth ඔන්. දවසට පැය 18ක් විතර Wifi ඔන්. ඉතුරු ටිකේ ඩේටා ඔන්. පැයක් දෙකක් විතර ෆිලිම් බලනවා. 120Hz, WQHD+ දාගෙන ඉන්නේ. අනිත් ඒවාගෙන් නම් මන් AI HDR Enhancement විතරයි ඔන් කරන් ඉන්නේ. ඔහොම කරලා දවසේ අන්තිම වෙනකොට 25% විතර බැටරි ඉතුරු වෙනවා. Chinese Rom එක තියෙන කාලේ නම් 10% ක් වත් ඉතුරු උනේ නෑ. Games නම් වැඩිය ගහන්නේ නෑ. හැබැයි ඩේටා ඔන් කරන් ගහනකොට ෆෝන් එක අම්බානකට රත් වෙනවා. Wifi නම් අවුලක් නෑ. මගේ කලින් තිබ්බ Galaxy S10 + එකේ Fingerprint Reader එකට නම් ගහන්න බෑ මේකට. මේක slow Galaxy S10 + එකට වඩා.

    කැමරාව ගැන කියනවා නම් මේක තමයි මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම කැමරාව. Colours එහෙම පට්ට නැචුරල්. වයිට් බැලන්සින් එහෙම තිතට. Dxomark Review Score එක බලන්නකෝ

    https://www.dxomark.com/xiaomi-mi-11-ultra-camera-review-large-sensor-power/

    මේ තියෙන්නේ මන් ගහපු ෆොටෝස් ටිකක්.











    ඉතින් මන් කාටහරි මේ ෆෝන් එක කාටහරි රෙකමන්ඩ් කරනවද???

    නෑ සහ ඔව්.

    ඔයාට පුලුවන් නම් තමන් විසින්ම Research කරලා තියෙන ලෙඩ ටික එහෙම බලලා ඒවා නැතිකරගන්න හැටි එහෙම තනියම කරගන්න පුලුවන්නම් උත්තරය ඔව්.

    ඔයාට අඩුම තරමේ ෆෝන් එකේ තියෙන ලෙඩ හෝ අඩුපාඩු ටික ගැන කිසිම Idea එකක් හෝ නැත්තන් උත්තරය නෑ. (මොකද මේකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න නිකන් ඩේලි යූස් කරන කෙනෙකුට වඩා පොඩි වැඩිපුර දැනුමක් ඕන වෙනවා)

    කවුරු මොනවා කිව්වත්, මන් කලින් ත්‍රෙඩ් වලත් කියලා තියෙන විදියට මොකක් ගත්තත් තමන්ට සැටිස් නම් විතරක් ගන්න පුරුදු වෙන්න අරන් ලතැවෙනවට වඩා.

    මේ තියෙන්නේ Xiaomi Mi 11 Ultra - Long Term Review එකක්. පොඩ්ඩක් බලන්න.



    මට මොනවා හරි කියන්න බැරි උනානම් හෝ ඔයගොල්ලොන්ටත් කියන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.

    ජයවේවා හැමෝටම.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං මැට්ටෝ ඕක රිලීස් කරේ චීනෙට විතරයිනේ..ඒකත් පැනල අරන් පඬි වැඩ කරලා ගූ හත් පොලේ ගාගෙන දැන් අඬනවා..ලංකාවේ උන්ට පුළුවන් ඔච්චර තමා.🤣🤣🤣.අරහේ ඉන්දුනීසියාව චීනේ ඵක්ක බුලට් ට්‍රේනුත් හදන්න යනවා..ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඔන්න ඔය බොරු පණ්ඩිත කම නිසා..🤣🤣🤣
     
    • Like
    • Dislike
    Reactions: sumane20 and DHE

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතිං මැට්ටෝ ඕක රිලීස් කරේ චීනෙට විතරයිනේ..ඒකත් පැනල අරන් පඬි වැඩ කරලා ගූ හත් පොලේ ගාගෙන දැන් අඬනවා..ලංකාවේ උන්ට පුළුවන් ඔච්චර තමා.🤣🤣🤣.අරහේ ඉන්දුනීසියාව චීනේ ඵක්ක බුලට් ට්‍රේනුත් හදන්න යනවා..ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඔන්න ඔය බොරු පණ්ඩිත කම නිසා..🤣🤣🤣
    Thank You...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Thank you ...
    අඩෝව් එල ආ.. මෙන්න මේ වගේ රිවීව් තමයි පට්ට වටින්නේ
    Thank you මචො...

    වෙල්කම් පඬියා..අපිනම් ඕවා ගන්නේ නෑ..අපි ගන්නේ ග්ලෝබල් වර්ෂන්.😁😁
    එල.. (y)
    ------ Post added on Aug 22, 2022 at 2:05 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    2. Notification එන්නේ ෆෝන් එක අන්ලොක් කලාම විතරයි. ලොක් නම් මලාට එන්නේ නෑ (මේක නම් පට්ට වදයක් උනා)
    3. සමහර වෙලාවට කෝල් එකක් එනකොට රින්ග්ටෝන් එක වදින්නේ නෑ. වයිබරේටරේ විතරයි වැඩ.
    mage redmi 7A eketh me issue deka me widiyatama thiynwa. Lowma budget phone eke thiyna issues high range phone ekaka thiyei kiyala nm hithuwe na

    TFS !!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mage redmi 7A eketh me issue deka me widiyatama thiynwa. Lowma budget phone eke thiyna issues high range phone ekaka thiyei kiyala nm hithuwe na

    TFS !!
    එහෙම කියලා නෑ බං. හැබැයි ඔය ප්‍රශ්නේ ගැන mix review තියෙන්නේ. උදා:- හැම Mi 11 Ultra එකකම ඔය කියන කේස් නෑ. සමහර ඒවාගේ විතරයි. මට මතකයි සමහරු කියනවා සමහර ෆෝන් වල එන්නේ TSMC chips ලු. තව සමහර ඒවාගේ වෙන කම්පැනි වලින් ලු. හැබැයි ඔය එකක් වත් ඔප්පු කරන්න නං සාධක හම්බුනේ නෑ මට නං...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    සුපිරි රිවීව් එක මචෝ....tfs..👍👍👍


    මමත් රෙඩ්මි කීපයක් පාවිච්චි කරල තියෙනව,
    රෙඩ්මි වල එක එක සෙම් රෝග, වාත අමාරු වගේ සුලු රෝගාබාධ අවුරුද්ද යනකොට එන්න ගන්නව තමයි...

    දැන්නං විවෝ වලට මාරුවෙලා තියෙන්නෙ....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සුපිරි රිවීව් එක මචෝ....tfs..👍👍👍


    මමත් රෙඩ්මි කීපයක් පාවිච්චි කරල තියෙනව,
    රෙඩ්මි වල එක එක සෙම් රෝග, වාත අමාරු වගේ සුලු රෝගාබාධ අවුරුද්ද යනකොට එන්න ගන්නව තමයි...

    දැන්නං විවෝ වලට මාරුවෙලා තියෙන්නෙ....
    තැන්කූ බන්...

    ඔව් ඔව්. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් 12 ආවට පස්සේ නම් ලොකු Improvement එකක් තියෙනවා.

    Vivo ත් මරු ලු නේ බන්.

    vivo iQOO 10 Pro එක එහෙම් පට්ට. :yes: :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තැන්ක්ස් මචන් රිවිව් එකට. අවන්කවම සුපිරියට කරලා තියනවා..... :love: (y)

    [අම්මෝ මේ Xiaomi ෆෝන් නම් සාපයක්. ෆෝන් එකක් අරන් ඔච්චර දුක් විදින්න ඕනෙද :baffled: ]
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    උඹ දාපු රිවිව් එක ගන්න බැ. මොකද චයිනිස් සපෝට් ෆර්ම්වයර් එකකට ග්ලොබල් රොම් එක ගහපු එකක් ඉතින් බග්ස් ගොඩයි තමයි අහන්නත් දෙයක්ද්ද.. ඕක හාඩ්වෙයර් සපෝට් කරන් නැ හරියට ග්ලොබල් රොම් එකට ඒකයි අව්ල වැඩියත්.. ඕකේ ග්ලොබල් එකක් තියෙනවනෙ? අන්න ඒකයි බලන්න ඕන.

    ඔෆිසියලි ග්ලොබල් රොම් ෆෝන් එකක් අරන් හරිහමන් රිවිව් එකක් දාහන්. ඔය චයිනිස් කැලි වලට ග්ලොබල් රොම් ගහපුවා රිවිව් කරන්න දෙයක් නැ බන්. ගොඩක් ඒවා සපොර්ට් නැ අවුල් ගොඩයි

    පෝන් එකක් ගන්න කලින් රිස්‍රච් කරහන් කුකුලෝ අරන් කෙලවුනාම රිසර්ච් කරල වැඩක් නැ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ දාපු රිවිව් එක ගන්න බැ. මොකද චයිනිස් සපෝට් ෆර්ම්වයර් එකකට ග්ලොබල් රොම් එක ගහපු එකක් ඉතින් බග්ස් ගොඩයි තමයි අහන්නත් දෙයක්ද්ද.. ඕක හාඩ්වෙයර් සපෝට් කරන් නැ හරියට ග්ලොබල් රොම් එකට ඒකයි අව්ල වැඩියත්.. ඕකේ ග්ලොබල් එකක් තියෙනවනෙ? අන්න ඒකයි බලන්න ඕන.

    ඔෆිසියලි ග්ලොබල් රොම් ෆෝන් එකක් අරන් හරිහමන් රිවිව් එකක් දාහන්. ඔය චයිනිස් කැලි වලට ග්ලොබල් රොම් ගහපුවා රිවිව් කරන්න දෙයක් නැ බන්. ගොඩක් ඒවා සපොර්ට් නැ අවුල් ගොඩයි

    පෝන් එකක් ගන්න කලින් රිස්‍රච් කරහන් කුකුලෝ අරන් කෙලවුනාම රිසර්ච් කරල වැඩක් නැ.
    නෑ බන්... මන් කිව්වේ Global Rom එක ගැහුවාම තමයි ලෙඩ ටික ඔක්කොම වගේ හරිගියේ... උඹ කියන කතාව හරි. මන් හිතන්නේ මගේ ෆෝන් එක හම්බවෙනකොට් Global එකට China Rom එක ගහලද කොහෙද තිබිලා තියෙන්නේ... :yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බොහොම ස්තූති සහෝදරයා... :yes: :yes:

    තැන්ක්ස් මචන් රිවිව් එකට. අවන්කවම සුපිරියට කරලා තියනවා..... :love: (y)

    [අම්මෝ මේ Xiaomi ෆෝන් නම් සාපයක්. ෆෝන් එකක් අරන් ඔච්චර දුක් විදින්න ඕනෙද :baffled: ]
    අඩේ තැන්කූ බන්.... ඒත් ඉතින් මොක ආවත් පට්ට මහන්සියක් වෙලා අපිම හදාගත්තම දැනෙන සතුට දෙයියෙක් ඇරියමවත් ගන්න බෑ බන්... :yes::yes:
    ------ Post added on Aug 22, 2022 at 3:59 PM