මේ ත්‍රෙඩ් එක මේ පහල තියෙන ත්‍රෙඩ් එකේ දෙවෙනි එක.
https://elakiri.com/threads/galaxy-s10-ගැන.1926544/
ඉතින් ආයිත් අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ එන හින්දා පොඩි රීවිව් පාරක් දාන්න හිතුවා....

ඉතින් මන් කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේම අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න කියලා හිතන් තමයි මේක ගත්තේ...
12 GB RAM
1 TB ROM
Exynos 9820 (8 nm) (මේක ගැන නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා
)
(දැන් ඉතින් එන්න එපා මොකටද යකෝ ඔච්චර RAM/ROM කියාගෙන. ඒකට පොඩ්ඩක් අර කලින් ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න)
ඉතින් කියන්න සන්තෝසයි මිත්‍රවරුනි අවුරුදු 5ක් මේක පාවිච්චි කරන එක නම් දෙයියන්ගේ පිහිටෙන් කිසි අවුලක් නැතුව කරන්න පුලුවන්.. තාමත් ගත්ත දවස වගේම ෆාස්ට්.
මන් ඔරිජිනල් සැම්සුන්ග් ෆ්ලිප් කවර් එකක් දාගෙන තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ.
මේක දාගන්න ගොඩක්ම හේතු උනේ මේකට හරියන Screen Guard එකක් තාම හරියට හම්බුනේ නැති හින්දා. දාපු හැම එකකටම ෆින්ගර් ප්‍රින්ට් එක හරියට වැඩ කරන්නේ නැති ගතියක් තියෙනවා. AED 5 ඉදන් AED 150 විතර වෙන හැම එකක්ම ට්‍රයි කලා... ඒ හැම එකකම ෆින්ගර් ප්‍රින්ට් එක හැම වලාවේම වැඩ කරන්නේ නැති ගතියක් එනවා. (මෙහෙම හැමෝටම වෙනවා නම් අටපට්ටමට කියලා හිතලා මෙතන කියන්ට ඕනේ හොදේ
)
ඒ ඇරෙන්න වෙන කිසිම හීරීමක් වත් නෑ අද වෙනකන්.
මන් කලින් ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා වගේ බැටරි ඉශූ එකක් තිබ්බා. හැබැයි One UI 2.5 අප්ඩේට් එකෙන් පස්සේ ඒක හරිගියා. දැන් දෙයියනේ කියලා දවසක් පාවිච්චි කරන්න පුලුවන් 25% - 30% වගේ ඉතුරු වෙනකන් චාර්ජ් කරන්න කලින්.
කොහොම උනත් One UI 3 වලට අප්ඩේට් කලාම ආයිත් ඒ ඉශූ එක එයි කියලා හිතෙනවා. මොකද Android 11 වල ගොඩාක් ඉම්පෲව් කරලා තියෙන්නේ යූසර්බිලිටි මිසක් බැටරි කන්සම්ප්ශන් එකට නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒත් එක්කම මේ ඉශූ එකට Exynos 9820 (8 nm) එකත් බලපානවා. මොකද Exynos වල බැටරි කන්සම්ප්ශන් එක වැඩී Snapdragon 855 (7 nm) එකට වඩා. ඒක තේරුම් ගන්න මේ පහල වීඩියෝ ටික බලන්න.
ඉතින් කස්ටමයිසබිලිටි එක නම් පට්ටම පට්ට. Good Lock ඇප් ටික එහෙම දාගත්තම පට්ට වැඩ කෑලි ටිකක් තියෙන්නේ. කොහොම උනත් දැනට Good Lock ඇප් වල තියෙන වැඩ කෑලි ගොඩාක් One UI 3 වල Include කරලා තියෙනවා. One UI 3 අප්ඩේට් එක එනකන් බලන් ඉන්නේ. ජනවාරි වල එනවා කියලා තියෙනවා.
කැමරා එක ගැන කියනවා නම් ලෝකේ තියෙන හොදම කැමරා එක නෙමෙයි.. ඒත් One UI 2.5 එකෙන් පස්සේ සෑහෙන ඉම්පෘ කරලා තියෙනවා. ඒ කොහොම උනත් Google Pixel කැමරා එකට නම් ගහන්න තියා හිතන්නවත් අමාරුයි. G cam mod එක තාම ස්ටේබලෙ වර්ශන් එකක් ඇවිත් නෑ. මගේ ලග තියෙන එකේ ෆොටෝ මූඩ් එක විතරයි වැඩ කරන්නේ. Exynos වර්ශන් එකේ තියෙන තවත් අවුලක් තමයි ඕක. සමහර mod වලට සපෝර්ට් කරන්නේ නෑ. අනික තමයි රේඩියෝ එක. රේඩියෝ චිප් එකක් (චිප් එකක්ද් කියලා කියන්න හරියටම දන්නේ නෑ. හැබැයි තියෙනවා) තිබ්බට රේඩියෝ වැඩ කරන්නේ නෑ. දන්න කියන හැම විදියකටම බැලුවා. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් බලලා කියන්න.
කොහොම උනත් බිල්ඩ් කොලිටි එක, සොෆ්ට්වයාර් එක සහ තවත් එකී මෙකී නොකී ගොඩක් කරුනු හින්දා මට නම් සෑහෙන්න සෑහීමකට පත් වෙන්න පුලුවන් ෆෝන් එකක්.
Galaxy S20 FE එක ආවට පස්සෙ ටිකක් ගනනුත් අඩු උනා. ගන්න කව්රු හරි බලන් ඉන්නවා නම් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවා නම් බය නැතුව ගන්න පුලුවන් බාන්ඩයක් තමයි. 2023 වෙනකන් සොෆ්ට්වෙයාර් අප්ඩේට්, 2025 වෙනකන් සිකියුරිටි අප්ඩේටුත් එහෙම එනවා කියනවා.
මේ වීඩියෝස් ටික බැලුවම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්.
හොද වගේම නරකත් තියෙන ෆෝන් එකක්. ගන්න කෙනෙක් ඉන්නවා නම් හොදට හොයලා බලලා තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙනවා නම් බලලා ගන්න. මොකද අන්තිමට තමන් ගත්තු දේ ගැන සෑහීමකට පත් වෙන්නෙත් නැත්තෙත් තමන් නිසා.
තව කව්රු හරි ලග අදහස් හා යෝජනා තියෙනවානම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න.
https://elakiri.com/threads/galaxy-s10-ගැන.1926544/
ඉතින් ආයිත් අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ එන හින්දා පොඩි රීවිව් පාරක් දාන්න හිතුවා....

ඉතින් මන් කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේම අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න කියලා හිතන් තමයි මේක ගත්තේ...
12 GB RAM
1 TB ROM
Exynos 9820 (8 nm) (මේක ගැන නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා

)(දැන් ඉතින් එන්න එපා මොකටද යකෝ ඔච්චර RAM/ROM කියාගෙන. ඒකට පොඩ්ඩක් අර කලින් ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න)