ඉතින් හැමෝම හොදින් ඇති කියලා හිතනවා.
මේක ඇත්තටම කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒත් මේ Device එක ඇත්තටම ගොඩාක් කාලයක් පාවිච්චි කරලාම බලලා Review එකක් දාන්න ඕනේ එකක් කියලා තේරුන හින්දා තමයි මෙච්චර කල් පරක්කු උනේ...
හරි අපි බලමු මොකද්ද මේ Xiaomi Mi 11 Ultra කියන්නේ කියලා...
මේ Review ඔක්කොම මේ ෆෝන් එක ආපු කාලේ කරපු Review.
මේ තියෙන්නේ Specifications ටික...
| BODY | Dimensions | 164.3 x 74.6 x 8.4 mm (6.47 x 2.94 x 0.33 in) |
|---|---|---|
| Weight | 234 g (8.25 oz) | |
| Build | Glass front (Gorilla Glass Victus), ceramic back, aluminum frame | |
| SIM | Dual SIM (Nano-SIM, dual stand-by) | |
| IP68 dust/water resistant (up to 1.5m for 30 mins) |
| DISPLAY | Type | AMOLED, 1B colors, 120Hz, HDR10+, Dolby Vision, 900 nits (HBM), 1700 nits (peak) |
|---|---|---|
| Size | 6.81 inches, 112.0 cm2 (~91.4% screen-to-body ratio) | |
| Resolution | 1440 x 3200 pixels, 20:9 ratio (~515 ppi density) | |
| Protection | Corning Gorilla Glass Victus |
| PLATFORM | OS | Android 11, MIUI 12.5 |
|---|---|---|
| Chipset | Qualcomm SM8350 Snapdragon 888 5G (5 nm) | |
| CPU | Octa-core (1x2.84 GHz Cortex-X1 & 3x2.42 GHz Cortex-A78 & 4x1.80 GHz Cortex-A55) | |
| GPU | Adreno 660 |
| MAIN CAMERA | Triple | 50 MP, f/2.0, 24mm (wide), 1/1.12", 1.4µm, Dual Pixel PDAF, Laser AF, OIS 48 MP, f/4.1, 120mm (periscope telephoto), 1/2.0", 0.8µm, PDAF, OIS, 5x optical zoom 48 MP, f/2.2, 12mm, 128˚ (ultrawide), 1/2.0", 0.8µm, PDAF |
|---|---|---|
| Features | Dual-LED flash, HDR, panorama, 1.1” AMOLED selfie display | |
| Video | 8K@24fps, 4K@30/60fps, 1080p@30/60/120/240/960/1920fps, gyro-EIS, HDR10+ rec. |
| SELFIE CAMERA | Single | 20 MP, f/2.2, 27mm (wide), 1/3.4", 0.8µm |
|---|---|---|
| Features | HDR, panorama | |
| Video | 1080p@30/60fps, 720p@120fps, gyro-EIS |
| SOUND | Loudspeaker | Yes, with stereo speakers |
|---|---|---|
| 3.5mm jack | No | |
| 24-bit/192kHz audio Tuned by Harman Kardon |
| COMMS | WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac/6e, dual-band, Wi-Fi Direct, DLNA, hotspot |
|---|---|---|
| Bluetooth | 5.2, A2DP, LE, aptX HD | |
| GPS | Yes, with dual-band A-GPS, GLONASS, GALILEO, QZSS, NavIC, BDS (tri-band) | |
| NFC | Yes | |
| Infrared port | Yes | |
| Radio | No | |
| USB | USB Type-C 2.0, USB On-The-Go |
| FEATURES | Sensors | Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass, color spectrum |
|---|
| BATTERY | Type | Li-Po 5000 mAh, non-removable |
|---|---|---|
| Charging | Fast charging 67W, 100% in 36 min (advertised) Fast wireless charging 67W, 100% in 39 min (advertised) Reverse wireless charging 10W Quick Charge 4+ Power Delivery 3.0 |
මන් මේක ගත්තේ 2021 අගෝස්තු වල.
මේ තමයි ඉතින් මගේ ෆෝන් රාජයා.... (ගන්නකොට කලින් පාවිච්චි කරපු කෙනා වටේට Protector ස්ටිකර් එකක් ගහලා. දැන් නම් ඒකේ කාලේ හරි. උඹලා කියන්න කලින් කිව්වේ...
)ගන්නකොට තිබ්බේ China ROM...
12GB Ram / 256GB Rom
ඉතින් හා පුරා කියලා ගත්ත දවසේ ඉදන් සිම් දෙකම එහෙම දාගෙන පාවිච්චි කරන්න ගත්තා ගතියට. කොච්චර ගති ද කිව්වොත් ඊටපස්සේ දවස් දෙක තුනකට පස්සේ මගේ පරන Galaxy S10 + එකත් විකුණලා දැම්මා....
ඉතින් හෙන ගැම්මෙන් ටික දවසක් පාවිච්චි කරනකොට තමයි යකා කොච්චර කලුද කියලා පේන්න ගත්තේ...
පලවෙනියටම පහල තියෙන ලෙඩ ටික එන්න ගත්තා....
1. Back display එක වැඩකලේ Camera එකටයි Call එකක් එනකොටයි විතරයි.
2. Notification එන්නේ ෆෝන් එක අන්ලොක් කලාම විතරයි. ලොක් නම් මලාට එන්නේ නෑ (මේක නම් පට්ට වදයක් උනා)
3. සමහර වෙලාවට කෝල් එකක් එනකොට රින්ග්ටෝන් එක වදින්නේ නෑ. වයිබරේටරේ විතරයි වැඩ.
4. සමහර ඇප් වල වචන චයිනීස් වලින් එන්නේ. (උදා.:- Themes ඇප් එක, සමහර නේටිව් ඇප් එහෙම)
)