මම අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරමින් හිටියේ Nokia 3 Phone එක. ඒකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා දැන් ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නෑ. මට ඇත්තටම දැන් Phone වලට ලොකු වියදමක් කරන්න එච්චර ආසාවක් නැ. ඒ නිසා මම ටිකක් හොයලා බැලුවම Xiaomi Redmi 9 phone එක ගැන දැක්කාම. මේකේ 64GB එක මගේ හිතට අල්ලලා ගියා. ගාණත් සාමාන්‍යයෙන් 25,000කට ආසන්නයි. මට දැනගන්න ඕන මේක පාවිච්චි කරන අය ඉන්නව නම් කොහොමද මේක කියලා. මොකද මම මෙච්චර කාලෙකට xiaomi brand එක පාවිච්චි කරලා නෑ. අදහසක් දෙන්න පුළුවන්නම් ගොඩක් ස්තූතියි.
