YAMAHA TRICKER 250

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ඔන්න පුටාල මම ගේනව tricker 250 එක ඔපිශියලි එලකිරියට. වැඩි බජනයක් නැතුවම එන්ටර් වෙමු මාතෘකාවටම, :cool:


    05_yamaha-tricker-12b-2.jpg


    Class
    NAKED/Motard/Duel purpose single cylinder
    ENIGINE
    249CC air cool (වැස්සට වොටර් කුල් හොදේ :P)
    Suspension
    Mono-cross and telescopic fork (2x4 පලන්චි එහෙම නෙවෙ ඔන්න)



    ඔන්න එකමත් එක දුපතක් තිබ්බ ජපානේ කියල. මෙකෙ ඉන්නෙ සිරා ඩයල් තමා. ඔන්න ඉතින් 2003-2004දි විතර මෙකෙ ඉන්න දසයො සෙට් එකකට අමුතු අදහසක් පහල උනා. මුන් ඉතින් ඔන්න BMX එකක් වගේ පහසු වගේම ලොවෙත් දුවන යන්තරයක් තමා මේ හදන්න දත කන්නෙ. ඔන්න ඉතින් 2004 මැද වෙනකොට මෙ අමුතු යන්තරේ තවුසන් ටොක්ස් අනන්මනන් නැතුවම එලියට දැම්ම. දකින බුවාල අන්ද මන්ද වෙලා ගිය මේ යන්තරේ තමා අපේ tricker පැටිය. මෙකෙ තියන ඩිසයින් එක හින්දම ලොවෙත් පෙරලෙන ලිස්සන සිද්දියක් වෙන්නෙ නෑ. මෙක beginners bike එකක් වගේම වැඩ දන්න එකෙක්ට පොල් ගහෙත් යන්න පුලුවන්.
    ( යනව එහෙම නෙවෙ ගහේ ඔන්න,පොල් කඩන්න වල්ල පාවිච්චි කරපල්ල )


    1357920975.jpg



    මුට ඉන්නව අය්යල 2න්නෙක්.XT250X සහ SEROW250. අය්යල මල්ලිලා ඔක්කොම එකම එන්ගිම බෙදා ගන්නව. හැබැයි ෆොක් සෙට් එක සහ මොනො එක මුන්ගෙ ටිකක් වෙනස් වෙනව.උන් ගැන පස්සෙ කතා කරමුකො

    ඔන්න ඉතින් 2005දි වෙලදපොලට මේකා ආව කියමුකො.
    මේක මේ දවස් වල තියන හොදම reliable සහ economical. මෙක maintenance අඩු බයික් එකක්. සින්හලෙන් කිව්වොත් පෙට්‍රොල් ගහල දුවන බයික් එකක්( එහෙම කියල සවිස් එහෙම නොකර ඉන්නව නෙවෙ ඔන්න :frown: ). මෙකෙ පෙට්‍රල් කිරිම අවම 30ක් සහ උපරිම 40ට කිට්ටු කරල යනව කියනව. ඒ වගේම ගොඩක්ම පහසුවෙන් අමාරුවක් නැතුව යන්න පුලුවන් මොඩල් එකක් කියන්න පුලුවන්.:cool: විශේශයෙන් ට්‍රැෆික් වල යන්න. අතර තුරෙ බය නැතුව ශොට් කට් වලින් දාන්න මේක මරු. අපේ රටේ මාර්ග තත්ව වලට හොදටම ගැලපෙනව මේකෙ තියන versatile ගතිය හින්ද. මාත් ඔන්න අද ලොකු කොටුවක් එහෙම පැනල පට්ට කැලේ පාරක කිලොමිටර්10ක් :shocked: විතර ආතල් සවාරියකුත් ගියා. ගස් ගල් උඩින් ගිහින් කාපට් එකෙත් ඇද්ද. මම නම් බය නැතුව ඔනේ තැනක යනව මොකද මොනො සහ ෆොක් 100% හොද තත්වෙ තියන හින්ද.
    මොනො එක අවුල් මොන බයික් එකත් මාරි බිස්කට් වලට අත වනනව ඔන්න :no: :no: තව දෙයක් තමා අපේ ගොය්යො මොනො එක සවුත්තු වෙයි කියල කවදාවත් වලක් ලගින්වත් යන්නෙ නෑ. ඇත්තටම ඔව්ව ඉදල හිටලවත් හොදට ක්‍රියාත්මක වෙන්න වලක දෙක්කවත් දාන්න ඔනේ, නැත්තන් නිකන්ම සවුත්තු වෙලා යනව.


    මේ වගේ කැලෙ පනින්න බය නැතුව ඔනේ තැනක යන්න පුලුවන්


    වටුන් එකෙ යනව නම් ඒත් එහෙමයි.:growl:



    මේකෙ තියන දුර්වලතා තමා උපරිම වෙගෙ 110-120 වගේ වෙන එක. සාමන්යෙන් XR එකක් වගේ නම් 140-160 අතර යන්න පුලුවන්. හැබැයි tricker එක ගොඩක්ම ලග පිකප් කොට මොඩල් හින්ද. 0-60 ක්ශනිකව ගන්න පුලුවන් ඔනේ බයික් එකක් එක්ක ගෙමට. ඉතින් අපේ රටේ ගමන් යන්න මේ ගාන හොදටම ඇති කියල තමා මට නම් හිතෙන්නෙ :yes: .

    අම්මො නිදි මතයි මම ගියා..

    ඔන්න ඉතුරු ටික.

    මේකෙ එන්නෙ 33MM සෙන්සර් කාබ් එකක් සහ අලුතෙන් 2009එන් වගේ පස්සෙ හදන එව්ව EFI. අපේ රටේ තියෙන්නෙ නම් ඔක්කොම වගේ censer carb මොඩල් තමා. EFI එකෙ නම් 40+ පෙට්‍රල් වැඩ කරනව කියල තමා කියන්නෙ.( serow 250 efi නම් මම කිපයක් මෙහෙ දැකල තියනව. )
    serow250s.jpg


    TIRES

    මේකෙ ටයර් සයිස් එන්නෙ 120/90-16
    90/100-19
    ඔව් ඔව් NX250 AX-1 වලට එන ටයර් සයිස්ම තමා

    මේක වෙනුවෙන්ම හදන ටයර් එක වෙන්නෙ DUNLOP K460 කියල එන ටයර් සෙට් එක. මේ ටයර් නම් 25000ක්-30000ක් ගෙමක් නැතුව දුවන්න පුලුවන්.BRIDGESTONE නම් TW39 සහ TW40 නැත්තන් TW201 සහ TW202
    නැත්තන් මැලෙසියන් වගේ එව්වත් තියනව. එව්ව ගැන නම් කියන්න දන්නේ නැත.

    K460.jpg
    $T2eC16dHJH8E9qSEW8tOBQIgzo(NLg~~60_35.JPG

    K460 සහ TW39/40 සෙට් 2කම එකම වගේ

    TW201/202 තමා වෙනස් ඩිසයින් එකක් එන්නෙ.

    4961914857820.jpg


    අවුල් තියන අය හිතේ හන්ගන් ඉන්න එපා කෙලින්ම අහල දාන්න හොදේ.
    :D :D
    මෙන්න ටෙක්නිකොල් ඩිටෙල්ස් ටික:nerd:
    Untitled_3.jpg

    source bikez.com/motorcycles/yamaha_tricker_2011.php
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආරම්භයක් විදියට ගොඩක් හොඳයි. තව ටිකක් විස්තර දැම්මා නම් තවත් වටිනවා මචන්.ජය වේවා........!

    අනික මේ වගේ ඒවා Bike Choosing Help & Review section එකේ පොස්ට් කරන්න.
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ( යනව එහෙම නෙවෙ ගහේ ඔන්න,පොල් කඩන්න වල්ල පාවිච්චි කරපල්ල )
    :lol:
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    bump
    macho ax1 wage dan ganna thiyana bike ekak kiyapanko.125 unata kamak ne dual pupose.tikak petrol karana ekak.plz help macho
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ආරම්භයක් විදියට ගොඩක් හොඳයි. තව ටිකක් විස්තර දැම්මා නම් තවත් වටිනවා මචන්.ජය වේවා........!

    අනික මේ වගේ ඒවා Bike Choosing Help & Review section එකේ පොස්ට් කරන්න.

    sorry මචො. ගැත්තාට සමා උව මැනව, නිදි මතෙ ඉයෙ රෑ ගෙමට බැස්සෙ. පොඩි පොඩි අවුල් වුන එව්වට සමාව දෙන්න හොදේ :D :D

    ඔන්න මම දැන් ඉතිරු ටිකත් ගහගෙන යන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    bump
    macho ax1 wage dan ganna thiyana bike ekak kiyapanko.125 unata kamak ne dual pupose.tikak petrol karana ekak.plz help macho

    AX-1 වගේ එකක් ඔනේ නම් ඉතින් මචො NX125ක් තමා ගන්න වෙන්නෙ :dull:
    හැබැයි ඔව්ව පරන බයික් හින්ද පෙට්‍රල් 30-35ක් වැඩ කරයි. අලුත් 250 වල ඔය ගාන ගේමක් නැතුවම කොහොමත් වැඩ. ඒක හින්ද මචො පොඩ්ඩක් බලල ගනින්.


    721_0_1_2_nx%20125%20tc%20trans%20city_Submitted%20by%20anonymous%20user..jpg
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    sorry මචො. ගැත්තාට සමා උව මැනව, නිදි මතෙ ඉයෙ රෑ ගෙමට බැස්සෙ. පොඩි පොඩි අවුල් වුන එව්වට සමාව දෙන්න හොදේ :D :D

    ඔන්න මම දැන් ඉතිරු ටිකත් ගහගෙන යන්නෙ

    ඉක්මනට දාන්න දවසයි පොස්ට් edit කරන්න දෙන්නේ.හදිස්සියෙවත් පොස්ට් එක edit කාරගන්න බැරි උනොත් GT ට msg එකක් දාන්න මේක ත්‍රෙඩ් එකේ 1st පොස්ට් එකට ඇතුල් කරලා දෙන්න කියල. දාන්න ඕන තැනත් කියල.......
     
    Last edited: