ගොඩක් අය දන්නවත් ඇති, නොදන්න අයත් ඇති.අපි බලමු යූටියුබ් එකෙන් සිංහල උපසිරස එක්ක වැඩසටහනක් බලන්නේ කොහොමද කියලා.
හැම වීඩියො එකකම උපසිරස නැහැ.එක නිසා අපි හොයා ගන්න ඕනේ CC ඔප්ශන් එක තියෙන වීඩියො.
පහත පිංතූරෙ රතු රවුමෙන් ලකුණු කරලා තියෙන්නෙ ඒ CC ඔප්ෂන් එකයි.
ඒ ඔප්ෂන් එක උඩ ක්ලික් කරාම උපසිරස ඕන් වෙනවා.මුලින්ම දිස්වෙන්නෙ ඉංග්‍රිසි.
එම ඉංග්‍රිසි උපසිරස අපට ඕනැ ඔනෑම භාශාවකින් නරඹන්න පුලුවනි.අපිට ඕනෙ සින්හලෙන් බලන්න නිසා, SETTINGS ඔප්ශන් එක ඉඩ ක්ලික් කරන්න.
පහත පිංතූරෙ රතු රවුමෙන් ලකුණු කරලා තියෙන්නෙ ඒ SETTINGS ඔප්ෂන් එකයි.
ඔයාලා CC ඔප්ශන් එක උඩ ක්ලික් කරලා උපසිරස ඕන් කරලා නැත්නම් ,SETTINGS වලිනුත් පුලුවන් ඕන් කරගන්න.
පහත පිංතූරෙ රතු රවුමෙන් ලකුණු කරලා තියෙන්නෙ ඒ ඔප්ෂන් එකයි.
ඊට පස්සේ කරන්න තියෙන්නෙ AUTO-TRANSLATE කියන ඔප්ශන් එක ක්ලික කරන එකයි.
පහත පිංතූරෙ රතු රවුමෙන් ලකුණු කරලා තියෙන්නෙ ඒ ඔප්ෂන් එකයි.
දැන් තියෙන්නේ පහත රූපයේ පේන විදිහට SINHALA උඩ ක්ලික් කරන්නයි.
දැන් ඔයාලට වීඩියො සිංහල උපසිරසත් එක්ක බලන්න පුලුවනි.
උපසිරස බලන්න විතරක් නෙමෙයි, අපිට ඕන නම උපසිරස දාන්නත් පුලුවනි





