නවක සිසුන් නිරුවත් කර නවක සිසුවියන්ට පෙන්වයි.. නවක වදය තිත්ත වී පිරිසක් ගෙදර යති…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සදහා බදවා ගත් සිසු සිසුවියන්ට ලබාදෙන අමානුෂික නවක වදය ඉවසාගත නොහැකිව සිසුන් අට දෙනකු මේ වන විට පාඨමාලාව හැරගොස් තිබේ.

    මීට මාසයකට පෙර පමණ පෙර බදවා ගත් සිසුන් පිරිසක් මෙසේ පාඨමාලාව අතහැර නිවෙස් බලා ගොස් තිබේ.

    විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ පිරිමි සිසුන් විසින් නවක සිසුන් නානකාමර වෙත කැඳවාගෙන ගොස් සියලුම ඇඳුම් බලහත්කාරයෙන් ගලවා නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බව වාර්තා වේ.

    එමෙන්ම ඇතැම් දිනවල රාත්‍රී කාලයේ නවක සිසුවියන්ව සිටින නවාතැන්පළට ගොස් ඔවුන්ගේ මව්වරුන් සිහිපත් කර පරුෂ වචනයෙන් බනින බවටද චෝදනා එල්ලවෙයි.

    මේ හේතුවෙන් දැනටමත් ඇතැම් නවක සිසු සිසුවියන් දැඩි මානසික ආතතියෙන් පෙළෙමින් සිටියි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    ඕවට නීති ක්‍රියාමාර්ග ගන්න බෑ. කරන්න ඕනෙ හරියටම කරන සෙට් එක අඳුනගෙන කට අරින්න බැරි වෙනකන් හොඳට නෙලලා ප්‍රදර්ශනයට තියන්න ඕනේ. එතකොට ඔය ලෙඩේ සනීප වෙයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,366
    199,220
    113
    Colombo, Sri Lanka
    ආණ්ඩු වලටත් මේ පිලලේ සම්පුර්ණයෙන් අයින් කරන්න උවමනාවක් නැහැ. මෙව්වා කරන උන් හරියට අඳුනගෙන යේ කවදාවත් එන්න බැරිවෙන්න පැන්නුවනම් අනිත් එවුන් ටික හරි පාඩුවේ ඉගෙන ගනීවි