බොරැල්ල උමං මාර්ගයේ කතාව
මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව…
කෝ බලන්ඩ…. බොරැල්ලෙ උමං පදික මාරුව ඇතුලෙදි පාර වැරදුන අය එහෙම ඉන්නවද මෙතන???
ලැජ්ජා වෙන්නෙ මොකටද මම නම් කැම්පස් ආව මුල් කාලෙ ඔය උමගෙ දෙතුන් පාරක් වැරදිලා පඩිපෙල නැගල බැහැල තියෙනව…
උදේ හවස කලබලේට බොරැල්ල පසුකරන මගී ජනතාව ඔය යටිමගේ පාරවල් වැරදිලා ආයෙමත් එහා මෙහා ඇවිදින හැටි මම දැකල තියෙනව..
ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි??
ඔතනදි සම්බන්ධ වෙන්නෙ පාරවල් පහක් වුණත් අපි පාරවල නමින් මතක තියාගෙන නැහැනෙ…
ඒ වුණාට අපි යායුතු පාර සහ හැරෙන්ඩ ඕ නෙ කොහෙටද කියල උමගට බහින්ඩ කලින් අපි දන්නව…
අපිව අතරමං වෙන්නෙ උමග ඇතුලෙදි පාරවල් අඳුනගන්ඩ ගියාම නෙ…
දවසක්දා මල්ලියි මමයි ඔය උමග ඇතුලෙන් යන්ඩ යනව…
ඔයා කවදාවත්ම මේක ඇතුලෙ පාර වැරදිලා ගිහින් වෙන තැන්වලින් මතු වෙලා නැද්ද???
මං ඇහුව
ගියා එක දවසක්.. ආයෙ නං වරදින්නෙ නෑ…
මල්ලි හිනා වුණා
ඇයි ආයෙ වරදින්නෙ නැත්තෙ??
එදා මං නැවතිලා හොඳට බැලුව
උමග පාවිච්චි කරන හැමෝටම කියවන්ඩ කතා කරන්ඩ බෑ නෙ….ඉතිං මොකක් හරි විදියක් කියෙන්ඩ ඕනෙ නෙ ඒ වගේ ආබාධිත අයට..මං ඒ විදිය හෙව්ව
එතකොට මං හොයාගත්ත විදිය….
ඒ මොකද්ද ඒ??? මං ඇහුවෙ පුදුම වෙලා
මෙහෙමනෙ… අර බලන්ඩ පේනවද ඔය උමං කට ට වහලයක් තියෙනව… හොඳට බලන්ඩ ඔය හැම වහලයකම ගාල තියෙන්නෙ වෙන වෙන පාටවල්….
ඇත්ත නේන්නම්… කහ, මෙරුන්,නිල්, කොළ කලු…. පාට පහයි
දැන් ඔයා උමගට බහින්ඩ කලින් බලාගන්ඩ ඔයා යන්ඩ ඕනෙ පාරෙ වහලෙ ගාල තියෙන පාට මොකද්ද කියල…
දැන් අපි යන්නෙ 154 බස් එකක් ගන්ඩ බොරැල්ලෙ වෙළඳ සංකීර්ණෙ ලඟටනෙ… බලන්ඩ ඒ වහලෙ මෙරුන් පාටයි නෙ…
දැන් බහිමු පහලට…
පඩි පෙළ බැහැල අපි උමග ඇතුලට ගියා…
දැන් බලන්ඩකො ඔයාට පේනවද උමගෙ ටයිල් බිත්තිවල පාට ටයිල් තීරුවක් තියෙනව…
ඔවු………!
ඒ ඒ වහලෙ පාටට තමයි ඒ ඒ පාරට අයත් උමං බිත්තිවල ටයිල් අල්ලල තියෙන්නෙ…
දැන් ඔයාට තියෙන්නෙ මෙරුන් පාට ටයිල් අල්ලල තියෙන බිත්ති හොයාගෙන ඒ දිගේ යන එකනෙ
යනකොට උමග ඇතුලෙ පඩි පෙළ ඉවර වෙලා එළියට එන තැන බිත්තියෙ ඇති ඒ ඒ පාටට අදාල ටයිල් මියුරල් එකකුත් තියෙනව පෙනේවි…
ශා නියමයිනෙ…මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන… අනික කලබලේ දුවන කොට ඒව බලන්ඩ මතක් වෙනවයැ
දවසක් මම බස් එකේ බොරැල්ල හන්දිය පහු කරන ගමන් මේ සිද්ධිය මතක් වෙලා හිනාවක් ගියා. ඒ එක්කම හිතුන මේ ගැන මගෙ සයිබර් යාලුවො එක්කත් බෙදාගත්ත නං හොඳයි නේද කියල. මේ ගැන බ්ලොග් එකේ ලියන්ඩ හිතිල නං දැං ටික දවසක්.. ඒත් මට හොයා ගන්ඩ බැරි වුණා මේ ගැන කිසිම තොරතුරක් වෙබ් අවකාශෙං…
අඩුම ගානෙ පින්තූරයක්වත් මේක පැහැදිලි කරන්ඩ උදව් වෙන….!
ඒ පාර තමයි ගූගල් අර්ත් මගෙ පිහිටට එන්නෙ…මේ තියෙන්නෙ බොරැල්ලෙ යටි මග සම්බන්ධ වෙන පාරවල් ගුවනේ ඉඳල පේන හැටි…
මේකත් බලන්ඩකො?? නිල් පාට වහලෙ නම් හඳුනා ගන්ඩ පුලුවන් වෙයි…
ඔන්න අද ඔයාල ගෙදර යන්නෙ බොරැල්ල පහු කරල නං මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්ඩ අමතක කරන්ඩ එපා..
ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි… ටෙලි නාට්‍ය වල මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ…මේ රවුම් ටික ඇන්දම තමයි තේරුණේ ටිකක් හුරු පුරුදු පාටවල් ටිකක් නෙ කියල
මේ බලන්ඩකො….!!!!
එහෙනම් ඔයාල හැමෝටම සුබ ගමන්!!!!!!!
විශේෂ ස්තූතිය අපේ මල්ලිට!!!

මෙය මාගේ නිර්මානයක් නොව උපුටා ගත්තකි. මෙම ලිපිය සැකසීමේ සම්පුර්න ගෞරවය සහ ස්තුතිය hansakinkini.wordpress.com හි කතෘ ට හිමි වන අතර අන් අයගේ ද අවධානයට යොමු කිරිමේ පරමාර්ථයෙන් මා විසින් මෙහි ෂෙයාර් කරන ලදි.
Code:
Source

matath maru wela thynwa