අරුම පුදුම රට!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම ටිකක් දවස් හිටියා මේ කතාව ලියන්න. මොකද ඕක උණු උණු පිට ලියපුවාම කට්ටියට ඔලුවට කෝක ගන්නද කියලවත් වැටහෙන්නේ නැතුව යනවා...
මතක්නේ කටුනායක සිද්දිය..(මතක නෑ?)
ඕක video කරපු එකක් මටත් බලන්න පුලුවන් උනා. එතනදි මට පෙනුන කැපි පෙනුන දෙයක් ගැන මම ඔයලත් ඒ දේමද හිතන්නේ කියලා දැන ගන්න තමයි ලියන්නේ...
ඔයාලා දැක්කද ඒ seen එකේ කටුනයක වැඩ කරන උද්ගෝශනයට සහභාගීඋන අය පොලීසියට ගල් වලින් ගහනවා..
ඒ එක්කම පොලීසියත් ඒ අර ගල් වලින් ගහන මිනිස්සුන්ට ගල් වලින් ගහනවා..මෙතන මම දකින වෙනස තමයි සමන්ය ජනතාව ප්‍රකෝපකාරී වෙනකොට ඔව්න්ට කරන්න ඕනේ මේකයි නොකරන්න ඕනේ මේකයි කියලා කාටවත් කියන්න බැහැ (නමුත් මිනිහෙක් කරන වැඩක් වැරදියි කියලා කියන්න බැහැ කියලා නෙමෙයි මම මෙතන කියන්නේ)
නමුත් පොලිසියකට පුලුවන්ද ඒ මිනිස්සුන්ට ගල් වලින් ගහන්න... මොකද්ද පොලිසිය කියන එක ආයතනයක්ද නැත්නම් හික්මීමක් කියල දෙයක් ගෑඋනේවත් නැති මිනිස්සු ටිකක් විතරක්ද කියන ප්‍රස්නේ මට මෙතනදි ආවා...අපි දන්න විදිහට පොලිසියේ මහත්වරුන්ට පුහුනුවක් කියලා දෙයක් තියනවා එයාලා යම් දෙයක් කරන විදිහක් තියනවා.වැරදි කරුවෙක් මැඩපවත්වන විදිහක් තියනවා. එයාලට රජයෙන් අවසර දීලා තියෙන්නේ ඒ නියමිත විදිහට වැරදි කරුවො මැඩ පවත්වන්න විතරයි. එහෙම නැත්තන් කදුලු ගෑස් මොකටද? එහෙනම් කදුලු ගෑස් සමන්ය ජනතාවටත් ගන්න පුලුවන් දෙයක් වෙයිනේ.. එහෙම නොඋනේ එය පොලිසි වලට පමනක් විශේස වූ වරප්‍රසාදයක් නිසා.
මෙතනදි වෙන්නේ මේකයි. මම දන්න විදිහට පොලිසි වල ඉන්න අපේම අයියලා ගෙදර ඉදලා පොලිසිය කියන ආයතනයට ආවාම එයාලා මේ uniform එක ගන්නේ මර්දන අවියක් , පිඩන අවියක් විදිහට පමණයි. ඕක දාගෙන චන්ඩි වගේ පාරට පනිනවා එතනින් එහාට මොන විදිහට මේ අවස්තාවෙදි මිනිසුන්ට මුහුණ දිය යුතුද කියන කාරනය සපුරා අමතක කරනවා. ( සමන්යෙන් එදිනෙදා එයාලගෙ ජීවිතේනම් ඕකේ බලේ පෙන්නලා කීයක් හරි පඩියට අමතර හොයාගන්න එකනේ) එදා උනේ මෙතන හැමදාම සිඩුවන දෙය කනපිට හැර්විමක්... කාටත් එතන හිතන්න යමක් තියනවා කියලා මම හිතනවා... විශේසයෙන් අපේ පොලිසි වල ඉන්න සහෝදර අයියලාට:)
 
  • Like
Reactions: gcj

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක ඇත්ත..මේ මිනිස්සුත් ඉතින් පොලිසියට ගහපු ඒක වැරදි..මෙහෙම කීවට මං ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමෙයි. පොලිසිය මොනවා කරන්නද කොහේ වත් ඉන්න එවුන් ගේන්න හදන පනත් වලට. ගල ගහල එලවන්න ඕන එකා වැඳලා පුදල තියාගෙන පොලිසියට ගල ගහල වැඩක් නැ. අපිත් එක්ක එකට ඉන්න යාලුවෙකුට ගැහුවම අපිට තද වෙනවා වගේ පොලිසියේ එවුන්ටත් එකක් දෙකක් වදිනකොට තද වෙන්නැති..ඒත් ඉතින් උන්ට සාමාන්‍ය ජනතාවට වඩා වැඩි වගකීමක් කියල දේකුත් තියෙනව.

    ගල් ගහන්න ඕන ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට. ඒක අතකට පොලිසිය සුද්ද කරල වැඩකුත් නැ..මොකෝ හොඳ එවුන් වගේම එපා කරප කාලකන්නි තමා වැඩි හරියක්ම ඉන්නේ.
     
    ඔව් අපිත් එක්ක ඉන්න කෙනෙක්ට ගහපුවාම අපිට තද වෙනවා තමයි. ඒත් මචන් පොලිසියට ඒ තද උන කතන්දර බෑ එක පැත්තකින් අනිත් අතට සමහරු ගල් ගහන විදිහ කිසිම වගකීමක් දරන පොලිස් නිලදාරියෙක් කියන එක ගෑවිලාවත් නෑ. ඔය ටික කරන්න යුනිෆෝම් එක මොකටද...:frown: