චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

Dec 25, 2010
61
9
0
චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි#

Code:
[URL]http://pulasthigetheeruwa.blogspot.com/2011/06/blog-post.html[/URL]
Code:
  [SIZE=5]
source : පුලස්තිගෙ සටහන

[/SIZE]


ඊයෙ රාත්තිරියෙ දෙරන රූපවාහිනියෙ ප්රවුත්ති ප්‍රකාසය දිල්කා සමන්මලී නෝනා පටන්ගත්තෙ හරිම හැගීම්බර හඩකින්.
"අද පොසොන් පෝය දවස.බලන්න මේ උතුම් දවසෙත් අපිට මුලින්ම රපෝර්තු කොරන්න තියෙන්නෙ මහ නරක ආරංචියක්" සමන්මලී නෝනා දුකින් කීව.
මොකක්ද බොල මේ නරක ආරංචිය කියල අහන්න පුලස්ති රූපවාහිනිය ඉස්සරහ හරි බරි ගැහිල ඉදගත්තා.
"චැනල් ෆෝ නාලිකාව දිගින් දිගටම ලංකාවට විරුද්දව අසත්‍ය ප්‍රචාර අරගෙන ගියා.ඒ වගේම තවත් අසත්‍ය වාර්තා වැඩසටහනක් ඊයේ එංගලන්තයෙදි විකාසය කොරල නෙව"සමන්මලී නෝනාට එහා පැත්තෙ ඉදගෙන නිවුස් කියන මහත්තයා තරහ මූනක් අරගෙන කීව.

"මේ චැනල් ෆෝ එවුවො නං!"පුලාගෙ අසල්වැසි ගනිත කොටා මිට මෙලවූ අතින් දනිහට ගහගත්ත.
"ඒක නේන්නං.අපි මේ යුද්ධයක් කෙරල යම්තම් හුස්මක් කටක් ගත්ත විතරයි,මොන තරහකට මේ අපිට නින්දා කරනවද?"පුලාගේ නෝනා සුරේඛාත් හුම්මිටි තිබ්බා.

නෝනාවරුනි මහත්වරුනි,ඇත්තටම මොකක්ද මේ චැනල් ෆෝ සීන් එක?

කවුරුත් කිව්ව පලියටවත් කවුරුත් ඉගැන්නුව පලියටවත් මුකුත් පිලිගන්න එපාහොයල බලල දෙයක් ගැන නිගමනේට එන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙනවලු නෙව.බෞද්ධ රට කියල කියන රටේ ඉන්න බෞද්ධයො කොහොම උනත් පුලස්ති ඒ උපදේසේ නං අකුරටම පිලිපදිනව.ඒ හින්ද චැනල් ෆෝ වීඩියෝව මොකක්ද කියල පුලස්ති ඕනෑකමින් හොයල බැලුව.

පහුගිය 14 වෙනිදා රෑ ජාමෙ චැනල් ෆෝ කියන එංගලන්තෙ නාලිකාව "ස්‍රී ලංකන් කිලින් ෆීල්ඩ්ස්"කියල මිනිත්තු පනහක විතර වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කොරල තියෙනව.පහලින් තියෙන්නෙ ඒ වැඩසටහනේ සබැදිය.

Sri Lanka's Killing Fields by Channel 4 [Full video]

http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc

meka balanna youtube ekata log in wenna wey
kammali ayata
http://www.youtube.com/watch?v=DMKJaJH9BR8&feature=related
http://www.youtube.com/watch?v=i_IV4JHAo5E


මේක නං අන්තර්ජාලෙ අතපත ගාන ගොඩක් දෙනා මේ වෙනකොටත් බලල ඇති.අඩුම තරමින් බැලුවෙ නැතත් එහෙම එකක් තියෙනව කියලවත් දකින්න ඇති.

ඒකෙන් මේකෙන් වීඩියෝවෙ තියෙන්නෙ මොනවද?මේ පුලස්ති දැකපු දේවලින් කිහිපයක්.

1.යුද්ධ වෙලාව.කිලිනොච්චිය.හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව.මේ ෂෙල් වලින් සාමාන්‍ය මිනිස්සු තොග පිටින මැරෙනව.තුවාල වෙන මිනිස්සු වෙනුවෙන් ඉස්පිරිතාලයෙ බෙහෙත් කොරන්න කිසිම පහසුකමක් නැහැ.
කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව.

2.ගෙදරක්.උඩින් අම්බානක බෝම්බ වදිනව.වීඩියෝ කරන මිනිහ වටේ දේවල් වීඩියෝ කරද්දී මිනිහගෙ පවුලෙ අය කපල තියෙන අගලක් ඇතුලට රිංගනවා බෝම්බ වලින් බේරෙන්න.අගලට රිංගන ගැහැනු කෙනෙක් වීඩියෝ කරන මනුස්සයාට කෑ ගහනව."වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා

3.එල්ටීටීකාරයෙක්.තරුනයෙක්.තරුනයාව ගහක බැදල තියෙනව.මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව.අන්තිමේදී වද දීපු මනුස්සයාගෙ මල සිරුරෙ පින්තුරයක් වීඩියෝවෙ පෙන්නනවා.

4.මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ.ඒ හෙලු සරීර එක්ක අපේ රනවිරුවො විනෝද වෙනව."අම්මට හුකන්න කැරි කොටි!"එක රනවිරුවෙක් විනෝදෙන් කෑ ගහනව.ගැහැනු සරීර වල රහස් තැන්වලට තමුන්නෙ මොබයිල් ෆෝන් එක එක්කෙනෙක් අල්ලනව."තව හොදට අල්ලපන්!"එකෙක් කියනව.ඇදුම් ගලවලා තියෙන ඒ වගේ එක ගැහැනු කෙනෙක් කොටින්ගෙ රූපවාහිනී සේවෙක නිවුස් කියපු ගැහැනු කෙනෙක් විදිහට අදුන ගැනෙනවා.

5.රූපවාහිනිය ඉස්සරහ දූසනයට ලක්වුන මැදිවියේ ගැහැනු කෙනෙක් සාක්කි දෙනවා.තමුන්නෙ දුවයි තමන්වයි සොල්දාදුවන් දූසනය කොරපු හැටි ගැන ඇය කියනවා.ඇයට "දූසනය" කියන වචනේ කියාගන්නවත් ධෛර්යයක් නැහැ.

6.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී.

මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.
 
Last edited:
  • Like
Reactions: DragonD
Dec 25, 2010
61
9
0
මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.

1.මේ පෙන්නන ඒව දෙරනයි ආන්ඩුවයි කියන විදිහට සේරම බොරුද?පචද?අසත්‍යයද?මොබයිල් ෆෝන් දර්සන වල එතකොට ඒ ඉන්නෙ අපේ රනවිරුවො නෙමෙයිද?ඒ සුද්දො වගයක් සොල්දාදුවො වගේ ඇදගෙන රගපානවද?සිංහලෙන් කුනුහරුපෙන් කෑ ගහන්නෙත් එහෙම රගපාන චැනල් ෆෝ එකේ සුද්දොද?ඇදුම් ගලවලා ට්‍රැක්ටර් වලට පටවන ගැහැනුන්ගෙ මිනී - ඒව රගපෑමට ගෙනාව රංගන භාන්ඩද?

2.මේ වාර්තා වැඩසටහන බොරුවක්ය කියල මොහොතකට හිතමු.ඒක බොරුවක්ද නැද්ද කියල තීරනය කරන්න ඕනෙ කවුද?ආන්ඩුවද?දෙරනෙ බලධාරීන්ද?
මේ රටේ මිනිස්සුද?
පුලා අහන්නෙ දෙරනෙ උන්නැහෙලා ට එක පැයක් අරගෙන මේ "බොරු" වීඩියෝවල තියෙන්නෙ මොනවද කියල ප්‍රචාරය කරන්න බැරි ඇයි?එතකොට මේ "බොරුව" දැනගෙන රටේ මිනිස්සුන්ටත් හොදටම තරහ යයි නෙව.බටහිර කුමන්ත්‍රනකාරයන්ට විරුද්දව තව තවත් රටේ මහජනයා ෆෝම් වෙයි නෙව.සාමාන්‍ය මිනිහට ඒ "බොරු" වීඩියෝ එක පෙන්නන්න කවුරුත් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?

3.ඇදුම් නැතිව මරල දාල තිබ්බ කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.ගැහැනියක් අර විදිහට මරල දාල තියනව දැක දැකත් "චැනල් ෆෝ කියන්නෙ බොරුවක්" කියල හැගීම්බර මූනක් මවාගෙන ඇක්ට් කොරන්න දිල්කා සමන්මලීලට හෘද සාක්කියක් කියල එකක් තියෙනවද?

4.අපි කවුරුත් මේ කොරන්නෙ මහ බොරුවක් නෙමෙයිද?අපේ ලොක්කො අපිට කියන්නෙත් බොරුවක් නේද?අපි ටීවි එකෙන් වන්නි සටන බල බල කිරිබත් කනකොට මහා ඛේදවාචකයක් උතුරෙ වෙලා තියෙනව නේද?ඒක අපිට හැංගුවා නේද?කොටි මිනීමැරුව බෝම්බ ගැහුව කියන එක අපි හැමෝම දන්න කාරනයක්.ඒත් හමුදාව උතුරෙ මේ විදිහට හැසිරුනා කියන එක අපි දැනං හිටියෙ නැහැ නේද?ඒව සේරම අපෙන් වහල නේද තිබුනෙ?අපි දිව්‍ය සත්‍යයක් විදිහට අදහගෙන හිටපු දේ අන්තිමට බලද්දි අලි ප්‍රබන්ධයක් නේද?

5.මෙතනදි ගොඩක් දෙනා (හිතහදාගන්න) කියන එකක් තමයි "ඇයි ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ ඇමරිකාව මිනී මරන්නෙ" කියන පුරස්නෙ.
මගේ අහිංසක ප්‍රති පුරස්නෙ මෙච්චරයි.එතකොට අමෙරිකාව ඉරාකෙ මිනීමැරුවා කියන එකෙන් අපි මෙහෙ කොරන වැරදි හරි වෙනවද?කෙනෙක් වරදක් කරන එක වෙනත් කෙනෙක්ට අපරාදයක් කිරීමට බලපත්තරයක් වෙනවද?මගේ අල්ලපු ගෙදර එකා ගඩු බහනව.මාත් ගඩු බහනව.අල්ලපු ගෙදර එකා ගෑනිට මාට්ටු වෙලා නැහැ.මම ගෑනිට මාට්ටු වෙනව.මම ගෑනිට කියනව "ඇයි මම විතරද ගඩු බහන්නෙ.අල්ලපු ගෙදර එකත් ඒකම කරනවනෙ".
ඒ උත්තරය හරිද?

6.තව සමහරක් කියන කතාව තමයි "පරන තුවාල හාරලා ඇති වැඩක් නැහැ" කියන එක.එතකොට 1994 දි සූරියකන්දෙදි අපි හෑරුවෙ පරන තුවාලද?බටලන්ද ගැන හෝකන්දර ගැන ප්‍රේමදාස කාලෙ ප්‍රා ඝ්‍රා කියල ඝාතන කල්ලි හදාගෙන කර අපරාධ ගැන හොයල අපි හෑරුවෙ පරන තුවාලද?

අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්‍රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!
 
Last edited:
  • Like
Reactions: rope
Dec 25, 2010
61
9
0
comments posted under original post

comment

//හරි දැන් අයිය මොකක්ද කියන්නෙ කරන්න ඕන කියල? ලංකාවෙ හමුදාව මානව හිමිකම් එකට අරන් ගිහින් දඬුවම් දෙන්න ඕන කියලද? ඔය වගේ දේවල් වෙලා ඇති, කොහොමත් ඔය සාක්ශිත් තියෙන්නෙ. ඒත් දැන් ඔය වගේ දේවල් වූනේ ලංකාවෙ විතරද? යුද්ධයක් තියන ඕනම තැනක ඔය වගේ වෙනව. එතකොට ඇමරිකාව ඇෆ්ගනිස්තානයට පොකුරු බෝම්බ දාල පළාත් පිටින් වැනසුවෙ. (ජාත්‍යන්තර යුධ නීතියට අනුව පොකුරු බෝම්බ තහනම්.) එකෙක් අල්ලන්න කරපු විනාසෙ මතක නැද්ද? ඒ වගේමයි ඉරාකයෙත්. එතකොට Channel4 එකට කතා කරන්න පුලුවන් ලංකාවෙ යුධ අපරද ගැන විතරද? ලංකාවෙ මිනිස්සුන්ගෙත් ආකල්ප ඔහොම නම් ඉතින් වැඩි කල් යන්න කලින් ඔය විජාතික බලවේග ලංකාවටත් ඉරාකෙට කරපු දේම කරන එක අපිට නවත්තන්න බැරි වේවි.

අයියල ඔහොම හිතනව නම් ලංකාවෙ හමුදාව ජීවිත පරිත්‍යාග කරල මේ රට බේර ගත්තෙ අපරාදෙ කියල හිතෙනව. තරුණ ජීවිත දහස් ගානක් නැති වෙලා, දරු පවුල් දහස් ගානක් අනාථ වෙලා බේර ගත්තු රටේ මිනිස්සුම දැන් මෙහෙම කියනව නම් තවත් මොන කතාද? අයිය නෝන එක්ක වාඩි වෙලා ඔය නිවීසැනසිල්ලෙ නිව්ස් බලන්නෙ ඒ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න කියල දැන් මතක නැතුව ඇති නේද?//

reply
//
අහෝ මලනුව මං ඉතින් මානව හිමිකම් එකට ගෙනියන්න කියලවත් දඩුවම් දෙන්න ඕනෙවත් කියල කීවෙ නැහැ නෙව.පුරස්නෙ වීඩියෝ එකනෙ.ඒ නිසා ඒක ගැන කතාකරමු.වීඩියෝ එක ගැන කතාකරන්න ගත්තම අපේ බුවාස්ල කතා නොකරන්නෙත් ඒක ගැන.ඇෆ්ගනිස්ථානෙයි,මානව හිමිකම් කවුන්සිලෙයි,පොකුරු බෝම්බයි රටේ නැති හැමදේම ගැන කතාකරල ටොපික් එක මගහරිනව.

1.මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඇත්තටම වෙලා තියෙනවද?
2.එහෙනම් එව්ව අනුමත කොරන්න පුලුවන්ද?
3.වැරදි විදිහට හැසිරුන අයට කිසිම දඩුවමක් දීල තියෙනවද?
4.ඉස්පිරිතාල වලට ෂෙල් ගහන්න කියල අන දුන්නෙ කවුද?
5.එයාලට විරුද්ධව මක්කවත් කරල තියෙනවද?

වැරදිලාවත් ඒ ඇදුම් ගලවලා තියෙන ගැහැනු සිරුරු සිංහල උනා නම් හා ඒවා එක්ක ආතල් ගන්නෙ කොටි උනා නම් මලනුව ඔය ප්‍රතිචාරය ඔය විදිහටම දායිද කියල හෘද්දය සාක්කියට එකගව හිතල බලන්න.ඉස්පිරිතාලෙක තුවාල වෙලා අම්මා අම්මා කියල කෑ ගගහ හිටියෙ මලනුවගෙ නංගී කෙනෙක් නම් ඒ ඉස්පිරිතාලෙට උඩින් ඇවිත් ෂෙල් දාල එයාව මරල දැම්මම "ආං ඕව ඔහොම තමයි" කියල හිත හදාගන්න මලනුවට පුලුවන්ද කියල හදවතට එකගව හිතල බලන්න.ඒව එහෙම තමා කියන එක අපිට ලේසියි.ඇයි අපිට නෙමෙයි ඒ පාඩුව උනේ.හැබැයි හොදට මතක තියාගන්න අර ඇස් බැදපු දෙමලු තුන්දෙනාට පත්තු උන තුවක්කුවම තමයි ඊයෙ පෙරේදා කටුනායකදී සිංහල රොශේනටත් පත්තු උනේ.අනෙත් ජාතියට කෙලවෙද්දි හුරේ දාන ජාතිය තමුන්නෙ මිනී වල කපාගන්නව කියල මම කතාවක් නං අහල තියෙනව.

//

comment
//
/ඔහොම දේවල් නොවෙන යුද්ධයක් ලොකේ නැහැ
//

reply
//
වෙන්න පුලුවන්.එහෙනම් ඒක අපි ඒ විදිහට භාරගමු.ඒ කියන්නෙ අවංකව පිලිගමු.උතුරෙදි මහා සමූලඝාතනයක් උනා.ඒකෙදි සොල්දාදුවො මානව හිමිකම් කැඩුව.ගැහැනු දූසනය උනා.යටත් වුන දේසපාලන හිරකාරයො මරල දැම්ම.එහෙම කැත දේවලුත් උනා කියල පිලිගමු.උදාහරනයක් විදිහට 88 ජේවීපිය සමතලා කරපු "යුද්ධය" අපි කවුරුත් ජාතියට නිදහස දීපු මාර අවස්ථාවක් කියල සලකන්නෙ නැහැනෙ.ඒකෙදි කැත වැඩ උනා කියල අපි පිලිගන්නවනෙ.ඉතින් සිංහල දකුනෙදි පිලිගන්න ඒ ඇත්ත දෙමල උතුරෙදි විතරක් වෙනස් කරන්නෙ මොකද?ඒක විතරක් මේ සොල්දාදුවා මානව හිමිකම් ප්‍රඥප්තියයි තුවක්කුවයි අතින් අරන් කරපු මානුසික මෙහෙයුමක් කියල අපි අපිටම බොරු කරගන්නෙ මොකද?අපි ඇත්තට මුහුන දෙනකං ඇත්ත පිලිගන්නකං සිංහල දෙමල සමගිය ගැන කතාකරන කතා පට්ටපල් බොරු.
//

 
Dec 25, 2010
61
9
0
කොන්ද පන තියෙන උන් බැනල පෝස්ට් දාපල්ලා
කොන්ඩක් නැති උන් -රෙප් දාල කුනු හරපෙන් බැනපල්ලා
හිතන්න පුලුවන් උන් හිතහල්ලා
 
  • Like
Reactions: chan5

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මේ උබ නිකන් නොදී හිටපන්, උන් අපේ එවුන්ව මරලා දාන කොට උන් කියපු කරපුවා උඹ දන්නවද.. උඹ හොද බබා ඒවා අමතක වෙන්න.. උඹ කොටින්ට හරි අනුකම්පාවයි නේ..
     
    Dec 25, 2010
    61
    9
    0
    මේ උබ නිකන් නොදී හිටපන්, උන් අපේ එවුන්ව මරලා දාන කොට උන් කියපු කරපුවා උඹ දන්නවද.. උඹ හොද බබා ඒවා අමතක වෙන්න.. උඹ කොටින්ට හරි අනුකම්පාවයි නේ..

    කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
    අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා
     
    Last edited:
    • Like
    Reactions: Maddy

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
    අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා

    දැන් කොටිද, දෙමල ජනතාවද යුද්ධ කරේ??? :confused::confused: කියන බොරුව උනත් තර්කානුකූලව අහුනොවෙන්න කියන්න පුරුදුවෙයන්.!
    :P:P:rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
    අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා
    dan mokada ubata wenna ona, ape janadipathi meke warada bara aragena hire yannada, umbata puluwanda koti ape un maranakota kotinge harda sakshiya unta erehi hadak naguwa kiyanna
    boru lokukam epa saho umbala wage boru samanathwatha pennana aya gana api hodata dannawa, umbala kagahanne mokatada kiyala
    aththa kiyanakota prasnen paninna epa, koti fight karanne ay kiyala ahnne uba apahu sinhalayantama baninnane, matanam ba ahema hithanna, mokada mage ammay thaththay dennama sinhala.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා

    1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).

    ඊට පස්සේ දැන්
    channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.

    එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?

    මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?

    2. ඉස්පිරිතාල වලට බෝම්බ -

    මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
    කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.

    එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?:rolleyes:
    අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.

    Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.

    මෙන්න මේක අමූලික බොරුවක්...

    3. මියගිය ගණන -
    Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
    එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....

    අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද? :baffled:

    අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.

    එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද? :confused:

    තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
    අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචෝ උබෙත් මගෙත් රට බේරන්න අපේ කොල්ලෝ දාස් ගානක් ජීවිත දුන්න, සමහරුන්ට අත පය නැ, උබ හදන්නේ උන්ව පාවල දෙන්නනේ. උඹ මොකෙක්ද බන්?
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේක මේ හෙන ගොං ආතල් එකක්නේ,... මුං මේ වගෙ ඒව පෙනන්නේ ලංකාව පොඩි රටක් නිසානේ,.. අමෙරිකාව කරන ඒවට මුංගේ කටවල් අරෙන්නේ නෑ, අනික යුද්ධයක් කොහොමද සාමකාමී විදියට කරන්නේ,... :baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා

    1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).

    ඊට පස්සේ දැන්
    channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.

    එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?

    මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?

    2. ඉස්පිරිතාල වලට බෝම්බ -

    මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
    කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.

    එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?:rolleyes:
    අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.

    Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.

    මෙන්න මේක අමූලික බොරුවක්...

    3. මියගිය ගණන -
    Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
    එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....

    අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද? :baffled:

    අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.

    එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද? :confused:

    තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
    අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif