උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන්න අපි හැමෝම ආසයි. ඒකට හේතුව තමයි ලස්සන වට පිටාව. ඒ වගේම 1985 වසරට පෙර යාල්දේවී දුම්රියේ යාපනේ ගමනත් ඉතාමන් සුන්දර ගමනක් කියලා තමයි දුම්රියෙන් යාපනය සංචාරය කරපු අපේ අම්මලා තාත්තලා තාමත් කියන්නේ. 1985 වසරේ යාල් දේවියට එල්ල වෙච්ච කුරිරු ත්‍රස්ථවාදී ප්‍රහාරයත් එක්ක යාල්දේවී ගමන වවුනියාවට සීමා උනා.
ඒත් කාලකන්නි යුද්ධය නිම උනාට පස්සේ, අද වෙනකොට අපේ රටේ නිදහසේ සංචාරය කරන්නට අපිට හැකි වෙලා තියනවා. මේ යුද්ධය නිසා සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියපු උතුරු දුම්රිය මාර්ගය උතුරු මිතුරු ව්‍යාපෘතියත් එක්ක ටිකින් ටික යාපනයට ගොඩ නැගෙනවා. පසුගිය දවසක ඒ වැඩසටහනේ තවත් සංදිස්ථානයක් ලඟාකරමින් කිලෝමීටර 165.09 වෙත ලඟා උනා. ඒ නවීන ඕමන්ත දුම්රිය පොළ වෙතයි.
පසුගිය ඔහිය රේල් හයික් එකටත් ඉහල ප්‍රතිචාර තිබුන නිසා අපි තීරනය කරා මේ පාර යාල් දේවී දුම්රියෙන් උතුරට සංචාරය කරන්න.
වැඩසටහන මෙහෙමයි.
එක දවසක සංචාරයක්. 2011-06-26 වෙනි ඉරිදා
උදේ 5:45ට කොළඹ කොටුවෙන් පිටත් වෙන යාල් දේවී දුම්රියේ තමයි අපි සංචාරය කරන්නේ. යාල්දේවී දහවල් 11:30 වගේ වෙනකොට ඕමන්ත දුම්රිය පොලට ලඟා වෙනවා.
එතන විනාඩි 10ක් පමන ඉඳලා නැවත්ත වවුනියාවට දුම්රිය පිටත් වෙනවා. 12 වගේ වෙනකොට වවුනියාවට ලඟා වෙන දුම්රිය නැවත කොළඹ බලා පිටත් වෙන්නේ දහවල් 2:30ටයි.
ඒ පිටත් වෙන යාල්දේවී 7:30 වගේ වෙනකොට නැවත කොළඹ කොටුවට ලඟා වෙනවා.
ඔයාලාටත් පුළුවන් මේ සංචාරයට අපිත් එක්ක එකතු වෙන්න. දැනටමත් මේ ගමනට සාමාජිකයින් කිහිප දෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කැමති කෙනෙක් ඉන්නවා නම් උදේ කොළඹ කොටුවට හරි, නැති නම් යාල්දේවී ගමන් කරම මග ඕනම දුම්රිය ස්ථානයකින් හරි දුම්රියට ගොඩ වෙන්න පුළුවන්.
වැඩි වියදමක් යන්නේ නැති සංචාරයක්. උදේ කෑම දුම්රිය තුලදීම ලබා ගන්න පුළුවන්. දහවල් ආහාරය වවුනියාව නගරයේදී ලබා ගැනීමට තමයි අපි තීරනය කරලා තියෙන්නේ. පැය 2 1/2 ක පමන කාලයක් අපිට වවුනියාව නඟරයේ ගත කරන්නට පුළුවන්.
එන්න බලාපොරොත්තු වෙනවා නම් මට හරි ජේ.කේ. ට හරි ඒ බව දැනුම් දෙන්න කියලාත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම සංචාරයෙන් පස්සේ අපේ ත්‍රෙඩ් එකේ සාමජිකයන්ගේ පින්තූර අපි පලකරනවා. ඒ බවත් මතක් කරොත් හොඳයි කියලා හිතෙනවා.
Last edited:






