The Train Trip (Omanthai by Yal Devi)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    260043_235534909808372_100000555951503_954615_4503653_n.jpg



    උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන්න අපි හැමෝම ආසයි. ඒකට හේතුව තමයි ලස්සන වට පිටාව. ඒ වගේම 1985 වසරට පෙර යාල්දේවී දුම්රියේ යාපනේ ගමනත් ඉතාමන් සුන්දර ගමනක් කියලා තමයි දුම්රියෙන් යාපනය සංචාරය කරපු අපේ අම්මලා තාත්තලා තාමත් කියන්නේ. 1985 වසරේ යාල් දේවියට එල්ල වෙච්ච කුරිරු ත්‍රස්ථවාදී ප්‍රහාරයත් එක්ක යාල්දේවී ගමන වවුනියාවට සීමා උනා.
    ඒත් කාලකන්නි යුද්ධය නිම උනාට පස්සේ, අද වෙනකොට අපේ රටේ නිදහසේ සංචාරය කරන්නට අපිට හැකි වෙලා තියනවා. මේ යුද්ධය නිසා සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියපු උතුරු දුම්රිය මාර්ගය උතුරු මිතුරු ව්‍යාපෘතියත් එක්ක ටිකින් ටික යාපනයට ගොඩ නැගෙනවා. පසුගිය දවසක ඒ වැඩසටහනේ තවත් සංදිස්ථානයක් ලඟාකරමින් කිලෝමීටර 165.09 වෙත ලඟා උනා. ඒ නවීන ඕමන්ත දුම්රිය පොළ වෙතයි.

    පසුගිය ඔහිය රේල් හයික් එකටත් ඉහල ප්‍රතිචාර තිබුන නිසා අපි තීරනය කරා මේ පාර යාල් දේවී දුම්රියෙන් උතුරට සංචාරය කරන්න.

    වැඩසටහන මෙහෙමයි.

    එක දවසක සංචාරයක්. 2011-06-26 වෙනි ඉරිදා
    උදේ 5:45ට කොළඹ කොටුවෙන් පිටත් වෙන යාල් දේවී දුම්රියේ තමයි අපි සංචාරය කරන්නේ. යාල්දේවී දහවල් 11:30 වගේ වෙනකොට ඕමන්ත දුම්රිය පොලට ලඟා වෙනවා.
    එතන විනාඩි 10ක් පමන ඉඳලා නැවත්ත වවුනියාවට දුම්රිය පිටත් වෙනවා. 12 වගේ වෙනකොට වවුනියාවට ලඟා වෙන දුම්රිය නැවත කොළඹ බලා පිටත් වෙන්නේ දහවල් 2:30ටයි.
    ඒ පිටත් වෙන යාල්දේවී 7:30 වගේ වෙනකොට නැවත කොළඹ කොටුවට ලඟා වෙනවා.

    ඔයාලාටත් පුළුවන් මේ සංචාරයට අපිත් එක්ක එකතු වෙන්න. දැනටමත් මේ ගමනට සාමාජිකයින් කිහිප දෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කැමති කෙනෙක් ඉන්නවා නම් උදේ කොළඹ කොටුවට හරි, නැති නම් යාල්දේවී ගමන් කරම මග ඕනම දුම්රිය ස්ථානයකින් හරි දුම්රියට ගොඩ වෙන්න පුළුවන්.
    වැඩි වියදමක් යන්නේ නැති සංචාරයක්. උදේ කෑම දුම්රිය තුලදීම ලබා ගන්න පුළුවන්. දහවල් ආහාරය වවුනියාව නගරයේදී ලබා ගැනීමට තමයි අපි තීරනය කරලා තියෙන්නේ. පැය 2 1/2 ක පමන කාලයක් අපිට වවුනියාව නඟරයේ ගත කරන්නට පුළුවන්.

    එන්න බලාපොරොත්තු වෙනවා නම් මට හරි ජේ.කේ. ට හරි ඒ බව දැනුම් දෙන්න කියලාත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
    ඒ වගේම සංචාරයෙන් පස්සේ අපේ ත්‍රෙඩ් එකේ සාමජිකයන්ගේ පින්තූර අපි පලකරනවා. ඒ බවත් මතක් කරොත් හොඳයි කියලා හිතෙනවා.

    1.gif
    1.gif
    1.gif



     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් කියන්න ඕන ගොඩක් අය අපිට කියන්නේ නොකියා යනව කියල නේ..මෙන්න අපි හැම දේම දැන්ම..ඉතිං ඔයාලටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න , අදුන ගන්න, විනෝද වෙන්න...සංගීත භාන්ඩයක් එහෙම අරන් එන්න පුලුවන් නම් ගොඩක් වටීව්..අපිට එන කට්ටිය පොඩ්ඩක් කල් ඇතුව දැනුම් දුන්නොත් ගොඩක් පහසු වේවි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් කියන්න ඕන ගොඩක් අය අපිට කියන්නේ නොකියා යනව කියල නේ..මෙන්න අපි හැම දේම දැන්ම..ඉතිං ඔයාලටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න , අදුන ගන්න, විනෝද වෙන්න...සංගීත භාන්ඩයක් එහෙම අරන් එන්න පුලුවන් නම් ගොඩක් වටීව්..අපිට එන කට්ටිය පොඩ්ඩක් කල් ඇතුව දැනුම් දුන්නොත් ගොඩක් පහසු වේවි...

    ඔව්. ගිහින් ආවාට පස්සේ කතන්දර ගොඩයි. චෝදනා ගොඩයි කිව්වේ නෑ කියලා. ඔන්න අවස්ථාව එකතු වෙන්න අපිත් එක්ක.
    :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්. ගිහින් ආවාට පස්සේ කතන්දර ගොඩයි. චෝදනා ගොඩයි කිව්වේ නෑ කියලා. ඔන්න අවස්ථාව එකතු වෙන්න අපිත් එක්ක.
    :)

    අනිවාර්යයෙන්ම,...හොදට රස්නෙට තියෙයි එහේ...කොන්ඩෙත් කැපල දාල ඉන්න නිසා කැප් එකක් අරන් යන්න වෙයි..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපිනම් තාම චූට්යි...
    :)
    ට්‍රිප් එකනම් එලට තියෙයි.... :yes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කැමති ඕනම කෙනෙක්ට එන්න පුලුවන්...දිග දුර ගමනක් :)

    තව ගැනු ලමයි එහෙම එනවනම් එක දවසක ගමනක් නිසා එන්න පුලුවන් වෙයි. :)
    යන දවස ගැන තාම තිරණයක් නෑ නේද?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තව ගැනු ලමයි එහෙම එනවනම් එක දවසක ගමනක් නිසා එන්න පුලුවන් වෙයි. :)
    යන දවස ගැන තාම තිරණයක් නෑ නේද?

    යන්නේ 26 වෙනිදා,,මේ ඉරිදා.. තාම නම් එහෙම ගෑනු ළමයි එන එක නැති එක දන්නෑ..බැදපු කෙනෙක් නම් එනව කිව්ව වයිෆ් එක්ක..තව අපේ කෙනෙක් එක්කන් එන කතාවක් කිවුවා...කෝකටත් කීප් ඉන් ටච්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපිනම් තාම චූට්යි...
    :)
    ට්‍රිප් එකනම් එලට තියෙයි.... :yes:

    උඹ ඇවිල්ලත් දැන අවුරුදු 4කට වැඩීනේ එලකිරි..ඉතිං උබ කොහොමද පොඩි වෙන්නේ? :oo:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    යන්නේ 26 වෙනිදා,,මේ ඉරිදා.. තාම නම් එහෙම ගෑනු ළමයි එන එක නැති එක දන්නෑ..බැදපු කෙනෙක් නම් එනව කිව්ව වයිෆ් එක්ක..තව අපේ කෙනෙක් එක්කන් එන කතාවක් කිවුවා...කෝකටත් කීප් ඉන් ටච්

    badapu kenawath dannawa :P ekkan yana ekkenawath dannawa :P :rofl:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උඹ ඇවිල්ලත් දැන අවුරුදු 4කට වැඩීනේ එලකිරි..ඉතිං උබ කොහොමද පොඩි වෙන්නේ? :oo:

    ඉහි ඉහි..චූටිමත් නෑ ඉතින්..:)
    මේ අයියලා අක්කලාව ඇත්තට අඳුරන්නෙ නෑනෙ..
    බයේ බෑ.. :D