මම මේ වගේ ජාත්‍යන්තර ආහාර සමහරකුත් හදන විදිය ඉදහිට දාන්නෙ විදේශගතව අපේ එළකිරි යාලුවෝ ගොඩක් සිටින නිසාත්, ඒ අය බොහොමයක් තමන්ම කෑම උයාගන්න අය නිසාත්. අපේ ලංකාවෙ අයටත් මේ වගේ ඒවා හදාගන්න විදිය දැනගත්තට වරදක් නෑ මම හිතන්නෙ!!
අද හදන්නෙ කුස්-කුස් (Cous-Cous). කසු-කුසු කිව්වත් කමක් නෑ!!

Cous-Cous කියන්නෙ Pasta, Macaroni හදන Semolina වලින්ම හදන ලද දෙයක්!!
අවශ්‍ය දේවල්-
කුස්-කුස් කෝප්ප 1ක් (දෙන්නෙකුට සෑහේ)
කැරට් , අර්තාපල්, ගෝවා, ලීක්ස්, හතු වැනි එළවලු කීපයක් ග්‍රෑම් 50 බැගින්
බී ලූනු හා තක්කාලි ගෙඩිය බැගින්
කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
පාස්ලි, කොත්තමල්ලි කොළ, තයිම් වැනි හර්බ්ස් කීපයක් මිට බැගින්
මස් වර්ගයක් හෝ මාලු ග්‍රෑම් 200 ක් පමණ
මාජරින් මේස හැදි 2ක්
ලුණු හා ගම්මිරිස් කුඩු තේ හැන්ද බැගින්
එළවලු ඔක්කොම කුඩාවට කපා ගන්න.
ගම්මිරිස් සහ ලුණු කුඩු ටිකක් දමා මස් හෝ මාලු පෑන් ෆ්‍රයි කරගන්න. (අඩු ගින්දරේ)
කුස්-කුස් ,ලුණු තේහැදි 1/2ක් හා මාජරින් මේස හැන්දක් දමා උතුරන වතුර කෝප්ප 1 1/2ක් දමා අඩු ගින්දරේ ලිප තබා පියනකින් වසා විනාඩියක් තබන්න.
නැවත මිශ්‍රකර විනාඩියක් තෙත අඩුවී කුස්-කුස් සොෆ්ට් වනතුරු පිසින්න. බෙරිවෙන්න දෙන්න එපා!!
ඇට වෙන් වනසේ කූරු ගාන්න.
පිසගත් කුස්-කුස් පසෙකින් තබන්න.
මාජරින් මේස හැන්දක් ලිප තබා බී ලූනු, ඉගුරු, සුදුලූනු හා අල විනාඩි 5ක් පමණ බැදගන්න.
අල තැම්බුන පසු කැරට් හා ගොවා වැනි එළවලු එක්කර විනාඩි 2ක් පිසින්න.
පෑන් ෆ්‍රයි කල මස් හෝ මාලු කුඩාවට කපා හෝ අඹරා ගෙන එක්කරන්න. තක්කාලි, ලීක්ස් හා හර්බ්ස් එක්කරන්න. ලුණු හා ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 බැගින් එක්කරන්න.
දැන් කුස් කුස් එක්කර හොදින් මිශ්‍ර කරන්න.
තමන් කැමති සෝස් හෝ චට්නි වර්ගයක් සහ සැලඩ් වර්ගයක් සමග උණුවෙන්ම ආහාරයට ගන්න.
අපට පුරුදු මස් හොද්දක් එක්ක වුනත් මරු!!

Last edited: